Home / විශේෂාංග / එල්ලෙන්න වැල් සොයන වේවැල් කර්මාන්ත කරුවෝ

එල්ලෙන්න වැල් සොයන වේවැල් කර්මාන්ත කරුවෝ

ලතාවකට පණ පොවමින් ජීවිතයම වැලක් කරගත් වේවැල් කර්මාන්තය පුත්තලම දිස්ත්‍රික්කයෙන් සම්පූර්ණයෙන්ම පහව යමේ තර්ජනයට ලක්ව ඇතැයි කර්මාන්ත කරුවෝ මැසිවිලි නගති.

පුත්තලම නගර ආශ්‍රිත සහ අප රටේ අස්සක් මුල්ලක් නෑර වේවැල් ආශ්‍රිත සිය නිර්මාණ තුලින් බොහෝ පිරිසකගේ ආදායම් උද්පාදනයට මහත් රුකුලක් ගෙන දෙන්නක් බවට එවකට මෙම කර්මාන්තය පත්ව  තිබූ අතර, කුකුළන් කර්මාන්තයට, කොප්පරා  ආශ්‍රිත නිපැයුම් කර්මාන්තයට, පතල් කර්මාන්තය, ධිවර කර්මාන්තය ඇතුළු තවත් කර්මාන්ත රැසක එදිනෙදා කටයුතු පහසුවෙන් කරගන යාම සදහා වේවැල් කර්මාන්තය පත්ව තිබූ බව කියති.

නමුත් ඉතා මෑතක සිට කර්මාන්ත කරුවන්ගේ වේවැල් කර්මාන්තයට කණකොකා හඩන්නට පටන් ගෙන තිබීම බරපතල  ගැටළුවක් ලෙසයි කර්මාන්ත කරුවන් පෙන්වා දෙන්නේ.

වේවැල් ක්ෂය වීමත්, වේවැල් කැපීම සදහා වනයට ඇතුළු නොවන ලෙස වන ජීවි නිළධාරින් කර්මාන්ත කරුවන්ට පනවා ඇති තහංචිය මෙන්ම සමහරු විසින් වේවැල් පිලිස්සීම වැනි කරුණු නිසාවෙන් මෙම කර්මාන්තය සම්පූර්ණයෙන්ම වැසීමට ලක්ව ඇති බවට ඔවුන් මැසිවිලි නගති.

එළුවන්කුලම, රාල්මඩුව ඇතුළු තවත් ප්‍රදේශයන් රැසක බොහෝ පිරිසක් වේවැල් කර්මාන්තය ආශ්‍රිතව වෘත්තිමය වශයෙන් නියලෙමින් ආර්ථිකයට සරු ඵල අත්කර ගෙන තිබුණද මේ වන විට සීමිත පිරිසක් පමණක් මෙම කර්මාන්තය පවත්වාගෙන යන බව කියයි.

වසර ගණනාවකට හිමිකම් කියන මෙම කර්මාන්තයේ නියලෙන බොහෝ පිරිසකගේ දෛනික ආදායම ලෙස රුපියල් 2500ක් ඉපැයුවද 21 වන සියවස වන විට දෛනිකව ඉපැයන මුදල රුපියල් 750දක්වා පහත වැටී ඇති බවට කර්මාන්ත කරුවෝ මැසිවිලි නගති.

සටහන සේයා රූ වීඩියෝ දසුන්

පුත්තලම කේ.ප්‍රියංකර

 

Check Also

රස පරික්ෂණය අවසන් …..වාර්තාව ජූනි මාසයේ තිස් වෙනි දා

මාස තුනක කාලයක් දියත් කළ “රස පරීක්ෂණය” සදහා ලැබුණු විශ්වාස කළ නො හැකි තරමේ උණුසුම් ...

One comment