Home / Featured / ගෝත‍්‍රික ක‍්‍රමයකට රැකියා දෙනවා….සජිත්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

ගෝත‍්‍රික ක‍්‍රමයකට රැකියා දෙනවා….සජිත්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

යහපාලන රජය බලයට පැමිණි පසුගිය රජයේ දැඩි ලෙස විවේචනය කර දුෂණ වංචා වෙනුවෙන් නිරන්තරයෙන් හඬ නඟන ඇමති සජිත් පේ‍්‍රමදාස මැතිතුමා මෙවැනි ගෝත‍්‍රික ක‍්‍රමයකට රැකියා ලබා දීම හා මුදල් පිළිබඳ ප‍්‍රශ්න කර සිටීම යහපාලන රජයෙන් අප බලාපොරොත්තු නොවු දෙයක් බව නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස හට අල්ලස් හෝ දුෂණ විමර්ශණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් මහජන අයතීන් සුරැකීමේ පදනම අවධාරණය කර සිටි.

රැකියා ලබාදීමේදී තමා වෙනුවෙන් සිදුකළ දේශපාලන බැල මෙහෙවරකම් මත පිහිටා කටයුතු කරන බව නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින්ම සහතික කරන ලද විඩියෝවක් අන්තර්ජාලයට නිකුත් කිරීමත් සමඟ මහජන අයතීන් සුරැකීමේ පදනම විසින් ඔහුට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් යොමු කොට තිබේ.

මහජන අයතීන් සුරැකීමේ පදනම විසින් අල්ලස් හෝ දුෂණ විමර්ශණ කොමිෂන් සභාව වෙත යොමු කරන ලද ලිපිය

අධ්‍යක්ෂක ජනරාල්
අල්ලස් හා දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව
කොළඹ 07.

මුදලට රැකියා ලබා දෙනවාද ?

මේ දිනවල අන්තර්ජාලයේ ඇමති සජිත් පේ‍්‍රමදාස මැතිතුමා විසින් තමන්ගේ බලප‍්‍රදේශයේ ඡන්ද දායකයන් වෙත රැකියා ලබා දෙන අයුරු දැක්වෙන විඩියෝවක් සංසරණය වේ.

මෙහි සජිත් පේ‍්‍රමදාස මැතිතුමා විසින් තමන්ගේ සංවිධායකවරුන් ලඟට ගෙන්වා අවවාද කරන අතර, එහිදී ඔහු විසින් මුදල් ගණුදෙනුවක් පිළිබඳ ඔවුන්ගෙන් විමසයි. එහිදී අප හට බරපතල සැකයක් මතු වන්නේ රැකියා ලබා දෙන විට මුදල් ලබා ගැනීමේ ක‍්‍රම වේදය රට තුළ ජනගත වී තිබීමයි.

යහපාලන රජය බලයට පැමිණි පසුගිය රජයේ දැඩි ලෙස විවේචනය කර දුෂණ වංචා වෙනුවෙන් නිරන්තරයෙන් හඬ නඟන ඇමති සජිත් පේ‍්‍රමදාස මැතිතුමා මෙවැනි ගෝත‍්‍රික ක‍්‍රමයකට රැකියා ලබා දීම හා මුදල් පිළිබඳ ප‍්‍රශ්න කර සිටීම යහපාලන රජයෙන් අප බලාපොරොත්තු නොවු දෙයකි.

ඇමති සජිත් පේ‍්‍රමදාස මැතිතුමාගේ මෙම වීඩියෝ පටය හා එහි අන්තර්ගත සම්බන්ධව අප සංවිධානයට බරපතල සැකයක් නිර්මාණය වී ඇති බැවින් සුදුසුකම් ඇත්තැන් මහ පාරේ බෝඞ් අල්ලන් රැකියා ඉල්ලන රටක උස් මිටි මහතකම් බලා මිල මුදලට ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කර තිබිමයි.

මේ සම්බන්ධව වහා පරීක්ෂණයක් සිදු කර සජිත් පේ‍්‍රමදාස ඇමතිතුමා නිවැරදි නම් නිවැරදි කරන ලෙස වැරැද්දක් කර ඇත්නම් එයට ඔබ ආයතනයට ඇති බලතල තුළින් නිතිය ක‍්‍රියාත්මක කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

ස්තුතියි.අසේල සම්පත්
ජාතික සංවිධායක,චිරන්ත අමරසිංහ
ප‍්‍රචාරක අධ්‍යක්ෂක.

මට වැඩ කරපු උන් පෝළිමේ එන්න ..ඇමති සජිත්ගේ යහපාලනය මෙන්න …ඔබට සතුටුයිද දැන් ? (video)

 

Check Also

නීතිපතිවරයා ඒකීය බව රැක්කාද?නීතිපති කටයුතු කළ යුත්තේ ඒ 77 සහ 154 (ව) ව්‍යවස්ථා සීමාවන් තුළ සිටිමින් මිස වෙනත් බලපෑම් මත නොවේ

පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයා 77  ව්‍යවස්ථාව අනුව නිවැරදිව ...