Home / Featured / දුරකථන ගාස්තු , තැපැල් ගාස්තු ,දුම්වැටි ,මත්පැන් මිල ඩබල් ට්‍රිබල් වෙයි …15 % දැන් ක්‍රියාත්මකයි !

දුරකථන ගාස්තු , තැපැල් ගාස්තු ,දුම්වැටි ,මත්පැන් මිල ඩබල් ට්‍රිබල් වෙයි …15 % දැන් ක්‍රියාත්මකයි !

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත වූවා. ඒ අනුව , තෙක් 11% ක් වූ වැට් බද්ද (26 දා) මධ්‍යම රාත්‍රියේ සිට 15 % දක්වා වැඩි වෙනවා .

මුදල් අමාත්‍ය රවි කරුණානායක පැවසුවේ , සේවා සහ භාණ්ඩ 81 ක් වැට් බද්දෙන් නිදහස් කර ඇති බවයි .

ඒ අනුව දුරකථන ගාස්තු , තැපැල් ගාස්තු , දුම්වැටි සහ මත් පැන් සදහා 15 % වැට් ක්‍රියාත්මක වේ .

තිරිගු පිටි ,සහල් , සිනී ,කරවල , ටින් මාළු , උම්බලකඩ , පාන් ,පොහොර , ඖෂධ ,ඩීසල් ,භූමිතෙල් , පෙට්‍රල් , අධ්‍යාපන සේවා ,නිවාස ,සෞඛ්‍ය සේවා සහ ස්මාර්ට් දුරකථන මෙම වැට් බද්දෙන් නිදහස් කර තිබෙනවා .

නමුත් මෙම වැට් බදු අයුක්ති සහගත බවයි දේශපාලන නියෝජිතයින් සදහන් කලේ .වැට් බදු පනත පාර්ලිමේන්තුවේදී සම්මත වුවද බදු ක්‍රියාත්මක නොවන තැනකට ආණ්ඩුව පත් කිරීම වෙනුවෙන් දැවැන්ත විරෝධතා රට තුළ පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා .

Check Also

රටම මහා ආපදාවේ …රට එකම සුන් ගොඩක් වෙද්දී … අගමැති රනිල් පුද්ගලික සංචාරයක් සදහා රට පනී …

පෞද්ගලික සංචාරයක් සදහා අගමැති රනිල් වික්‍රමසිංහ ඇමරිකා එක්සත් ජනපදය වෙත පිටව ගොස් තිබෙනවා. සති දෙකක ...

One comment