Home / Featured / යුධ හමුදා බුද්ධි අංශ නිළධාරින් 280 ක් CID කැදවීමේ සූදනමක් !

යුධ හමුදා බුද්ධි අංශ නිළධාරින් 280 ක් CID කැදවීමේ සූදනමක් !

2008-2009 කාල සීමාව තුළදී සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ දැනට සේවය කරන හා විශ්‍රාම ලබා සිටින බුද්ධි අංශ නිලධාරීන්  සහ සෙසු නිලයන් 280 ක් ප්‍රශ්න කිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා ප්‍රශ්න කිරීමට සූදානම් බව  වාර්තා වෙනවා .

අදාළ නිළධාරීන්ගේ නම් ලැයිස්තුව CID ය විසින් යුද හමුදා මූලස්ථානය වෙත ලබාදී ඇති බවද සදහන් .ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදු කරන පරීක්ෂණ සදහා එම බුද්ධි නිළධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇති අතරම , ලබන නොවැම්බර් 11 වනදාට පෙර ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවනු ලැබේ.

කොළඹ බුද්ධි අංශ රාජකාරි කළ බුද්ධි අංශයේ කාන්තා සෙබළියන් හා නිලධාරිනියන් පවා මෙම ප්‍රශ්න කිරීම් සඳහා කැඳවා ඇති බවත් මෙම පිරිස අතර විශ්‍රාම ගිය අයද රැසක් සිටින බවද සඳහන්

Check Also

30% ක් කාන්තා නියෝජනයෙන් 25%ක් තේරි පත් විය යුතුයි…

රටේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා හා දරුවන් ...

One comment