පාර්ලිමේන්තුව තුළදී අමාත්‍යවරුන්ගෙන් මන්ත්‍රිවරියන්ට ලිංගික බලපෑම් -මටත් කීප දෙනෙක්ම කතා කලා

1

පාර්ලිමේන්තුව තුළදී මන්ත්‍රිවරියන්ට ඇතැම් මැති ඇමතිවරුන්ගෙන් ලිංගික හිරිහැර සිදුවන බව , හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලී පවසනවා .අන්තර් පාර්ලිමේන්තු සංගමයේ නව වාර්තාව සම්බන්ධයෙන් නෙත් නිව්ස් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව සදහන් කර තිබෙනවා .තමා දේශපාලනයට පිවිසෙන්නේ විවාහවී නමුත් පසුව තමා දික්කසාදවූ පසු අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම තමාට කතා කල බවයි ඇය පැවසුවේ .

එහිදි ඇය වැඩිදුරටත් සදහන් කලේ ,

“මට පෞද්ගලිකව තියෙන ලොකුම අත්දැකීමක් තමයි මට අනවශ්‍ය යෝජනා පවා යම් යම් අය සිදු කළා. ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න.. ඒ අයගේ කාර්යාලයට ගෙන්න ගන්න.. උදවු කරන්න.. වගේ දේවල් යෝජනා කළා. පිටරට සංචාරවලට යන්න.. පිටරට ගියාට පස්සේ ඒ අයට කම්මැලි වුණාම මට කෝල් කරන්න වගේ දේවල් තිබුණා.”