බලපුලුවන්කාරකමේ සවියෙන් නැමෙන නීතිය

1

වත්මන් ශ්‍රී ලංකාවේ සෑම දිනකම මාර්ග අනතුරු හේතුවෙන් සාමාන්‍යයක් ලෙස පුද්ගලයින් 6 දෙනෙකුහෝ 7 දෙනෙකු මියයන බව ගණන් බලා ඇත. ගණනය කිරීම් අනුව දිනකට තවත් පුද්ගලයින් 16 දෙනෙක්තුවාල ලබති. මාර්ග අනතුරු පිලිබඳ අලුතින් සිතන්නට සිදු වූයේ ඔක්තෝබර් 24 වන දින රාත්‍රී 7.40 ටපමන පුත්තලම අනුරාධපුර ප්‍රධාන මාර්ගයේදී, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේබණ්ඩාරගේ පුත්‍රයා වන යශෝධ රංගේ බණ්ඩාර ගමන් ගත් සුඛෝපභෝගී රථයේ ගැටීමෙන් පුද්ගලයෙකුමියගිය නිසාය. නගරයේ වෙළඳ සලක සේවය කරන මේ 42 හැවිරිදි පුද්ගලයා ඒ අනතුරට මුහුණ පෑවේ තමසේවය අවසන්කර නිවස බලා පැමිනෙමින් සිටියදීය. අනතුර සිදුවූ පසු නොනවත්වා පලා ගිය රථය පසුපසමෝටර් රථයකින් ලුහුබැඳ ගිය තවත් පිරිසක් එසේ යන අතරතුරම පොලිස් හදිසි ඇමතුම් අංශය හාසම්බන්ධව කොටවෙහෙර පොලිස් මාර්ග බාධකයේදී එය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

මේ පිරිස ආනමඩුව පොලිසියට ගෙන ආ විට එතැන සිටි පුද්ගලයෙකු එම සිද්ධිය වාර්තා කිරීමට එතැනටපැමිනි මාධ්‍යවේදීන්ට අසභ්‍ය වචනයෙන්  බැන වදිමින්, මියගිය පුද්ගලයාගේ බිරිඳටද බලපෑම් කරනු දක්නටලැබිනි. මියගිය පුද්ගලයාගේ බිරිඳ පැවසූ වදන් සහ ඇය වැලපුන ආකාරය හදවතක් ඇති ඕනෑම අයෙකුකම්පාවට පත් කරවන සුලුය. ”බල්ලො බළල්ලු වගේනෙ මිනිස්සු යට කරන්නෙ. අනේ අපට යාන වාහනනැහැ. තියෙන්නෙ මේ පුෂ් බයිසිකලේ විතරයි. උදේ 3.00 ට වැඩට යන්නෙ. 8 ට විතර ආපහු එන්නෙ. ” ආදීවශයෙන් ඈ වැලපුනාය. ඇය මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිලිතුරු දෙන විට අර මුලින් කී පුද්ගලයා ඈවතල්ලු කරමින් ”ඕව කතා කරල වැඩක් නැහැ” පවසනු ඇසුනු අතර, ” මේකද යහපාලනේ? මේවදයහපාලනේ වැඩ?”  යනුවෙන් කෑ ගසන්නට විය. මේ කොටස නම් අනිවාර්යයෙන්ම තමා  යහපාලනයේ‘ආධාරකරුවකු‘ නොවන බව පෙන්වමින් අසන දකින පිරිස නොමඟ යවන්නට භාවිතාකල වචන බවපැහැදිලිය. (රාත්‍රී ප්‍රවෘත්ති – හිරු FM -25/10/2016) නමුත් ඔහු යහපාලනයේම කොටසක් බව ඔප්පුකලේ පසුදින ආනමඩුව උසාවියේදී තම පුතාට ඇප ලබා ගැනීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මාධ්‍ය වෙත පලකල අදහස් මගිනි.

”අද යහපාලනය තුල රට පාලනය කරන්නෙ මාධ්‍ය විසින්” යැයි පවසමින් ඔහු මාධ්‍යයන් තුල මේ පුවතටලබා දුන් ප්‍රසිද්ධිය විවේචනය කලේය. ඔවුන්ට අනුව මෙම  වාහනය තමන් අතින් අනතුරට පත් පුද්ගලයාගැනවත් නොබලා වේගයෙන් දිගටම ගොස් තිබෙන්නේ ගිලන් රථ සේවාවක් ඉටු කරමින් සිටි බැවිනි. එනම්කුරුණෑගල සිටින රෝගිියෙකු එම වාහනයෙන් නුවර ගෙනයාම සඳහාය. මේ ප්‍රකාශය තුල තම පුතා අතින්සිදුවූ වරද සාධාරණීකරනය කිරීමේ සහ එම නොසැලකිලිමත් රිය ධාවනයට යම් මානුෂික මුහුණුවරක්ලබාදීමේ උත්සාහයක් නොඅනුමානවම තිබිනි. කුරුණෑගලද  හොඳ අංග සම්පූර්ණ රෝහලක් තිබෙනබැවිනුත්, කුරුණෑගල සිටින රෝගියා නුවරට ගෙන යාමට වාහනය එන්නේ පුත්තලමේ සිට බැවිනුත් එයඑතරම් බරපතල ලෙඩක් වීමට නුපුලුවන. නමුත් මේ රෝගියා නිසා අනිවාරතේ ජීවිතය කෙලවර වූ පුද්ගලයාගැන අබ මල් රේණුවක කණගාටුවක් ඇමතිවරයාගේ ස්වරයේ නොතිබිනි. ඔහුට අනුව මෙය සාමාන්‍යසිද්ධියකි. රංගේ බණ්ඩාරගේ පුතා අනතුර සිදුකල වාහනය තුල සිටි නිසා ඔහු වරදකරුවෙකු වී ඇත. මෙසේබලන කල යමෙකු දුම්රිය අනතුරකට ලක්වූ විට දුම්රිය මගීන් අත්අඩංගුවට ගත යුතුය ! මෙවන් තකතීරුඋදාහරණ මේ ඇමතිලාට කොහෙන් මතක් වනවාදැ‘යි දන්නේ ඔහුම පමනි.

රිය පැදෙව්වේ යශෝධ රංගේ බණ්ඩාර නොවේ නම්, ඔහුගේ රියැදුරු අතින් එවන් වරදක් වුනා නම්, ඔහුයුතුකම් දන්නා මහත්මයෙකු නම්, ඔහු තම රථය නවතන ලෙස පවසා අනතුරට ලක්වූ පුද්ගලයා පිලිබඳවසොයා නොබැලුවේ ඇයි? ඒ වෙනුවට ඔහු එතැනින් පලායාමට රියදුරාට අනුබල දී ඇත. ඔවුන් වාහනයනොනවත්වා ගියේ එහෙයිනි. මෙවන් අනතුරුවලදී නොනවත්වා රිය ධාවනය කරන පුද්ගලයන් ඒ සඳහානිදහසට කාරණය වශයෙන්  පවසන්නේ අනතුර වන තැනට එක් රැස් වන පුද්ගලයන් නීතිය අතට ගෙනකටයුතු කිරීම නිසා රිය තුල සිටින අය ප්‍රහාරයට ලක් වීමත්, වාහනයට අලාභ හානි සිදුවීමත්ය. එහිදසත්‍යතාවයක් තිබේ. නමුත් ප්‍රදේශය නියෝජනය කරන වගකිවයුතු මහජන නියෝජිතයෙකුගේ පුතෙකුලෙස මේ තත්වය වෙනස් වීමට ඉඩ තිබිනි. මේ රිය අනතුරු පිලිබඳ තත්වය වඩාත් අසාධ්‍ය වී ඇත්තේරියැදුරන් පමනක් නොව පදිකයන් සහ මැදිහත්කරුවන් යන අයගේද විනය පිරිහීම නිසායි.

කෙසේ වුවද රාජ්‍ය ඇමති රංගේ බණ්ඩාර පැවසුවේ මෙය සාමාන්‍ය සිද්ධියක් බවයි. දිනකට මාර්ග අනතුරුනිසා හය හත් දෙනෙකු මියයන සහ 16 දෙනෙකු තුවාල ලබන රටක, එම කෝණයෙන් බැලුවොත් නම් මෙයසාමාන්‍ය සිද්ධියක් පමනි. තමන් අතින් සිදුවූ අතපසු වීමක් නිසා විනාශ වූ ජීවිතයක්, ඉන් අනාථ වන දරුපවුලක් ගැන එසේ කතා කරන්නට හැකිවීම තුලම වත්මන් දේශපාලකයන්ගේ සිත් පිත් නැති ගුණයඅනාවරණය වේ. අනතුර සිදුකල වීඅයිපී පුද්ගලයාට සාපේක්ෂව මියගිය අසරණ මිනිසා සාමාන්‍යපුද්ගලයෙකු බව සැබෑය. තම දරු පවුල රැක ගැනීම සඳහා දිනකට පැය 17 ක් වැය කරමින් බඩ වියතසරිකල පියා මෙසේ හෙණ ගැසුවාක් මෙන් මරුමුවට පත් වූ විට ඒ බිරිඳ සහ දරුවන් අසරණ වීමද ඉතාමසාමාන්‍යය. මේ දේශපාලකයා ප්‍රශ්නය දෙස බලන ක්‍රමය විය යුතුය. මේ අනතුරට පත් තැනැත්තා වැනි වූඅසරණ චන්දදායකයන්ගේ චන්දයෙන්ම පාර්ලිමේන්තුවට ගොඩවී, යහපාලනය හෝ  මොන පාලනය හෝනිසා භුක්ති විඳින්නට ලැබෙන වීඅයිපී සැප සම්පත්වල ආනුභාවයෙන් දෑස් නිලංකාරව යන මොවුන්ට මීටවඩා දුර දිග නොපෙනීමද සාමාන්‍ය දෙයකි. මෙවන්  සිදුවීම් සාමාන්‍ය නොවන්නේ වින්දිතයාගේ පවුලේ අයටපමනි. මන්ද අද මේ සිද්ධිය අසන දකින අයට තව කිහිප දිනකින් එය අමතක වන ආකාරයේ තවත් අලුත්සිද්ධීන් ගොඩ ගැසීමද සාමාන්‍ය දෙයක් වන නිසාය.

නමුත් මෙවන් රිය අනතුරක් දෙස සාමාන්‍ය සිද්ධියක්ය යන කෝණයෙන් බලා ඉවත ලන්නට බැරි හේතුඅපමණ තිබේ. රිය අනතුරු සම්බන්ධ සංඛ්‍යාන දත්ත රැස් කිරීම යනු දිනකට මියයන සංඛ්‍යාව සහ තුවාලලබන සංඛ්‍යාව ගණන් බැලීම පමනක් නොවේ. රිය අනතුරු නිසා ප්‍රතිකාර ගන්නට, ශල්‍යකර්මවලටභාජනය වන්නට සිදුවීම , ඊට යොදවන කාර්ය මණ්ඩල කාලය, වින්දිතයාගේ සේවය ඇන හිටීම මත සිදුවනපාඩුව කිසි විටෙක මූල්‍යමය වශයෙන් ගණන් බලා තිබේද? අප රටේ නමට හෝ නිදහස් සෞඛ්‍ය සේවාවක්පවතින නිසා අයවැයෙන් සෞඛ්‍ය අංශය සඳහා වෙන්වන පිරිවැයෙන් කොපමන ප්‍රතිශතයක් මීට වැයවේදයන්න ගණනය කිරීම වැදගත්ය. ඊලඟට පොලිස් පරීක්ෂණ, උසාවි හා නීතිමය ක්‍රියාමාර්ග, අලාභ හානියථාවත් කිරීම් සඳහා වැයවන කාලය හා සම්පත් මූල්‍යමය ගණනය කිරීමකට ලක්කල විට ජාතිකආර්ථිකයෙන් ඊට වැය වන කොටස පිලිබඳව නොකිව මනාය. රිය අනතුරු සිදු වනුයේ නොසැලකිලිමත් බවනිසාමය. එම නොසැලකිල්ල අනිවාර්යයෙන්ම  අනතුරට ලක්වන පාර්ශ්වයන් සියල්ලන්ගේම හෝ අඩුතරමින් එක් පාර්ශ්වයක වත් වේ. රියැදුරන්ට මෙන්ම පදිකයන්ටද බලපාන මාර්ග නීති ඇත. සියල්ලෝම මේනීති පිලි පදිත් නම්, කන් බිහිරි කරවන නලා හඬේ සිට මාරක අනතුරු දක්වා අසන්නට නොලැබෙනුඇත.මහජන නියෝජිතයන් මේවා ගැන විශේෂයෙන්ම දැනුවත් විය යුතුය. නීති රීති විධිමත්ව ක්‍රියාත්මකකර රිය අනතුරු සිදුවීම වලක්වා ලීමෙන් ජාතික ආර්ථිකය තුල නිස්කාරනේ වැයවන මුදල් කන්දරාවක් සහවටිනා කාලයක් ඉතිරිකර ගත හැකි වනවා මෙන්ම අකාලයේ වැනසී යන ජීවිත රාශියක්ද රටට ඉතිරි වනුඇත. මෙය රජය සතු වගකීමකි.

එමෙන්ම රිය අනතුරකට පසුව චූදිතයාට ලැබෙන දඬුවම ගැන කෙසේවත් සෑහීමකට පත්වනුු නොහැක.කලකට පෙර සවස් වරුවක මගේ අසල්වැසි නිවසේ වෙෙද්‍යවරයෙකු සහ ඔහුගේ බිරිඳ සමග මඳකට කතාබහ කරමින් සිටියෙමි. එතැනින් යන්නට ආ පුද්ගලයෙකු වෙෙද්‍යවරයා දැක දෙකට නැමී බැගෑපත්ව ආචාරදැක්වීය. පුද්ගලික බස් රියැදුරෙකු වූ ඔහුට අප මිත්‍රයා ‘ආ ගොඩක් දවසකින් දැක්කේ‘යි පැවසූ විට, කටපුරා සිනාසුන ඔහු, ‘මම සුමානයක් ඇතුලෙ හිටියෙ සර්. මගේ අතින් ගෑණියෙක් යට වෙලා මලානෙ.’ යිපිලිතුරු දුනි. එය අපරාධ ගනයට නොවැටෙන අත්වැරැද්දක් බවත්, ප්‍රදේශයේ බල පුලුවන්කාරයෙකු වනබස් හිමියා ඊට මැදිහත් වූ බවත්, එබැවින් තමා ඉක්මනින් නිදහස් වූ බවත්, ඔහු සිද්ධිය විස්තර කරමින්පැවසූයේ ඉතා සැහැල්ලුවෙනි. තමා අතින් සිතා හෝ නොසිතා නැතිවූ ජීවිතය පිලිබඳ බිඳක හෝ පසුැවිල්ලක්ඔහුගේ සිතේ නොවූ බව පැහැදිලිව පෙනුනි. සාමාන්‍ය මිනිසෙකු වන ඔහු තුල අනතුරක් පිලිබඳ වූ ආකල්පයඑබඳු නම් රාජ්‍ය බලය අත පත් රංගේ බණ්ඩාරලා ගැන කවර කතාද? ඉන්පසු මාධ්‍ය තුලින්වත් ආනමඩුවේඅනතුර ගැන කතා නොවුන අතර පසුදින දහවල් වන විට රු. 15,000 බැගින් මුදල් ඇපයක්ද, රුපියල් ලක්ෂයබැගින් වූ ශරීර ඇප දෙකක්ද මත ඇමති පුත්‍රයා නිදහස් කරනු ලැබීය. ඇමතිවරයා කෝපයෙන් යුතුව තමපුත්‍රයාගේ නිවැරදිකම මාධ්‍යයට කියා සිටියේ ඒ අනුවය. ”මගේ දරුව වරදක් කරල නැහැ” කියන විට අරමියගිය පුද්ගලයාගේ පුංචි දරුවන්ගේ අනාගතයට කුමක් වනු ඇතිදැයි ඔහුට නිකමටවත් සිතුනාද යන්නසැක සහිතය. මේ රජය මහත් උජාරුවෙන් මිත්‍ර සමාගම් ගැන කතා කරන  බටහිර රටක නම් මෙවන් Hit and Run ගනයේ අනතුරක් විශාල අපරාධයක් ලෙස සැලකේ.

ඇමති පුත්‍රයා සම්බන්ධව නීතිය මෙසේ ක්‍රියාත්මක වෙත්දී, 2002 වර්ෂයේදී, එනම් මෙයට වසර 14 ක ටපෙර මීගමුව පිල්ලදූව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධව හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න අත්අඩංගුවට ගෙන නොවැම්බර් 01 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. ඔහුගේ ඇපඅයැදුම ප්‍රතික්ශේප වී ඇත. එමෙන්ම එම සිද්ධිය සම්බන්ධව මීට පෙර හිටපු නියෝජ්‍ය ඇමතිවරයාගේරියැදුරාට  එරෙහිව නඩුවක් විභාග වී අවසන්ව ඇති අතර එදින රිය පැදවූයේ සරත් කුමාර ගුණරත්න බවපවසමින් පුද්ගලයෙකු අලුතින් නඩුවක් පවරා තිබීම මීට හේතුවයි.

මීට සති දෙකකට පමන පෙර හදිසි අනතුරකින් මියගිය ටෙලි නාට්‍ය නිළියක වූ කවීෂා අයේෂානිගේ අනතුරසම්බන්ධව සිදු වූයේද අමුතුම දෙයකි. ඇය පැදවූ රථය පාලනයෙන් ගිලිහී ලිස්සා ගොස් පදික වේදිකාවට බරවන සේ නවතා තිබූ මාර්ග අංක 168 දරන බස් රථයක පසුපස වදින අයුරු ඒ අසල ස්ථාන ගතකර තිබූCCTV කැමරාවල සටහන්ව ඇත. උදෑසන 3 යනු බස්රථ ගමන් කරන වෙලාවක් නොවේ. මේ අනතුරසම්බන්ධව එම බස් රථයේ රියැදුරා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. කවීෂාගේ රියවැදුනේ එම බස් රියේ පසුපසිනි. ඒ මිය ගිය තරුණිය ගැන ශෝක වන අතරම බස් රියැදුරාට ලැබුනු කැකිල්ලේ තීන්දුව ගැන පුදුම වීමටද ජනතාවට සිදුවිය. රාජගිරියේදී පාඨලී චම්පික ඇමතිවරයා අතින් සිදුවූරිය අනතුර සම්බන්ධ සිදුවීම් පෙල මතකයේ ඇත්නම් එක එක රිය අනතුරුවලට, ඊට වගකිව යුතුපුද්ගලයාගේ තරාතිරම අනුව මේ නීතිය බලපාන ආකාරයත්, පොලිස්පතිවරයා විසින් පවසන ලද නීතියනැමීමේ ක්‍රියාවලිය සිදු වන්නේ කොයි ආකාරයෙන්ද යන්නත් ජනතාවට යම් ප්‍රමානයකට වටහා ගතහැකි වනු ඇත.

දේශපාලකයින් ඈඳී සිදුවූ රිය අනතුරු ගණනාවක් පසුගිය සමයේ සිදුවිය. නමුුත් ඒ සෑම විටෙකම දඬුවම්වින්දේ දේශපාලකයාගේ රියැදුරාය. මේ දේශපාලකයින් සුදුසුකම් අඩු රියැදුරන් බඳවා ගන්නවාද නැතිනම්දේශපාලකයකුගේ රථයක සුක්කානම අතට ගත් විට රියැදුරාටත් රාජ ඌෂ්ණය වදිනවාද කියා හරියටසිතගත නොහැක. කෙසේ හෝ අවසානයේ දංගෙඩිියට ගෙල තබන්නට වනුයේ රියැදුරාටය. එබැවින්දේශපාලකයෙකුගේ රිියැදුරු ලෙස වැඩ භාර ගන්නට පෙර තම පවුලේ අනාගතය වෙනුවෙන් තුන්කල් බලාකල යුතු යුතුකම් එකලස් කර පැමිනෙන්නට එවන් රැකියා අපේක්ෂකයින් වග බලා ගතහොත් මැනවි.

මන්ද  උසාවියෙන් නිදහස්  වුවත් ඔහුට සිදුවන්නේ තමා අයත් පන්තියේම මනුෂ්‍යයකු මරා දැමීම සම්බන්ධවවරදකරුවකු ලෙස ලෝකයට මුහුණ දීමටය.

දිනකට සිදුවන මාර්ග අනතුරු සංඛ්‍යාව පිලිබඳ වාර්තා පිහිටුවන රටක් බවට පත්වීම ගැන නම් ශ්‍රීලංකාවට ආඩම්බර විය නොහැක. කවුරු අතින් සිදු වුනත් මේ වැනසී යන්නේ බුදු බණේ  සඳහන් වන පරිදිකණ කැස්බෑවා විය සිදුරින් අහස දකින්නාක් මෙන් අසීරුවෙන් ලබා ගත් මනුෂ්‍ය ජීවිතයි. මේ මනුෂ්‍ය ජීවිතකාටවත් ඕනෑ ආකාරයට සාමාන්‍ය හෝ වීඅයිපී කියා වර්ගීකරණය කල නොහැක.  තම පරමායුෂ විඳීමටඕනෑම පෘථග්ජන මනුෂ්‍යයෙකු කැමතිය.

එබැවින් මේ අද ගෙවී යන්නේ මාර්ග අනතුරු වලට හේතු පාදක වන කරුණු නිවැරදි මානයකට ගෙන ඒමට කටයුතු කිරීම මෙන්ම, වරදකරුවකු සඳහා වන නීති රීතිද, දේශපාලන හයිකාරකම් සහ ඕනෑ එපාකම්අනුව නොව සමව සාධාරණව ක්‍රියාත්මක වීමට අවශ්‍ය යුගයකි.

තේජා ගොඩකන්දෙආරච්චි

1 COMMENT

Comments are closed.