Home / ප‍්‍රාදේශිය / ශ්‍රී ලංකා ගුවන් සේවය අවසන් ගමන් දෙකක් යයි

ශ්‍රී ලංකා ගුවන් සේවය අවසන් ගමන් දෙකක් යයි

රජය විසින් මිහින් ලංකා ගුවන් සමාගමේ සේවා කටයුතු අත්හිටුවිමට පියවර ගැනීමත් සමග මිහින් ලංකා ගුවන් සමාගම යටතේ සිදුකරන අවසන් ගුවන් මෙහෙයුම අද රාත්‍රි යේදී සිදුකළේ මාලේ නුවර දක්වායි.ජාතික ගුවන් සේවයේ සේවාවන් සහ කාර්යක්ෂමතාව ශක්තිමත් කරලීම සහ දේශීය ගුවන් සේවා කර්මාන්තයේ ක්‍රමෝපාය ප්‍රතිසංවිධාන කිරීමේ වැඩසටහන යටතේ මිහින් ලංකා ගුවන් සේවයේ සියලුම ගුවන් ගමන් සහ සේවාවන් මේ වසරේ ඔක්තෝම්බර් 30 වන දා සිට අත්හිටුවන බව එම ගුවන් සේවය නිවේදනය කළා.

ඒ අනුව අවසන් ගුවන් ගමන සඳහා මිහින් ලංකා ගුවන් සමාගමට අයත් එයාර්බස් A 321 යානයක් උපයෝගි කරගත් අතර හෙට දිනයේ සිට මිහින් ලංකා ගුවන් සමාගම විසින් මෙහෙයුම් කරනු ලැබු සියලු ගමනාන්ත ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් සිදුකරනු ඇති බවයි වාර්තා වන්නේ.

තවද මිහින් ලංකා ගුවන් සමාගම සිය නිල වෙබ් අඩවියද අද දිනයේ සිට ගුවන් ගමන් අවසන් කරන බව සඳහන් කර තිබූ අතර ඉදිරියේදි ශ්‍රී ලංකන් ගුවන්සේවය විසින් එම මෙහෙයුම් සිදුකරන බවද පවසයි.

මේ අතර වැයවන අධික වියදම හේතුවෙන් යුරෝපා දිගු දුර ගමනාන්ත නතර කිරීමට පසුගියදා ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් තීරණය කරන ලදි. ඒ අනුව අද අලුයම 12.50 UL563 පැරීසිය දක්වාද අද අලුයම 1.00 UL553 යන අංකයෙන් අවසන් ගුවන්වාර සිදුකිරීමට නියමිතය. අවසන් ගුවන් ගමන් සඳහා එයාර්බස් A 330 වර්ගයේ යානා යොදා ගැනිමට නියමිතය.

Check Also

වටවල ප්‍රාදේශිය රෝහලේ නේවාසික රෝගීන්ට කන්න නෑ … සෞඛ්‍ය අමාත්‍යාංශ නිළධාරීන්ටත් වගේ වගක් නෑ ‘ රෝගින් වරු ගණන් කුස ගින්නේ …

  මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය කෙරෙන වටවල ප්‍රාදේශිය රෝහලේ නේවාසික රෝගීන් සඳහා දෛනිකව ...

One comment