Home / Featured / රාජිතට,රුවන්ගෙන් කනේ පහරක් …”ආවාගෘෘප්” සමග හමුදාවේ කිසිදු සම්බන්දයක් නෑ
rajitha-with-ruwan_lankanewsalert_11_05_2016

රාජිතට,රුවන්ගෙන් කනේ පහරක් …”ආවාගෘෘප්” සමග හමුදාවේ කිසිදු සම්බන්දයක් නෑ


උතුරේ ක්‍රියාත්මක “ආවා” නම් අපරාධ කණ්ඩායම සමඟ දේශපාලන හා හමුදාමය සම්බන්ධතාවයක් ඇති බවට ඇතමුන් ගෙනයන ප්‍රකාශ තමා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන පවසයි.

දශක තුනක කාලයක් පුරා පැවති ත්‍රස්තවාදය නිමාකිරීමෙන් පසුව රටතුල කිසිදු සංවිධානයකට හෝ පුද්ගලයන්ට සාමයට බාධාකිරීමටහෝ නීතිය අතට ගැනීමට ඉඩනොදෙන බව සඳහන් කල අමාත්‍යවරයා,“ආවා ගෘප්”නම් සුළුපිරිස  ජනතාව පීඩාවට පත් කරන අපරාධ කල්ලියක් බව සඳහන් කලේය.

බියගම, ගෝනවල,කැලණිතිස්ස මහාවිද්‍යාලයේ නොවැම්බර් 05 දින අමාත්‍ය රුවන් විජයවර්ධන  සංකල්පයකට අනුව ක්‍රියාත්මක ජංගම සේවයට සහභාගි අමාත්‍යවරයා සදහන් කළේ දේශපාලන වාසි අපේක්ෂාවෙන් ඇතමුන්  උතුරේ ප්‍රචණ්ඩ ක්‍රියාකිහිපයකට සම්බන්ධ “ආවාගෘෘප්” කණ්ඩායම සමග ශ්‍රී ලංකා හමුදාව සම්බන්ධතා පවත්වාගෙන යන බවට කර ඇති චෝදනා පිලිබඳව තමන් අතිශයින්ම කනගාටුවන බවයි.

එම කණ්ඩායමේ සාමාජිකයන් මේවන විට ආරක්ෂක අංශ මඟින් හඳුනාගෙන ඇතිබව පැවසූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන  ඔවුන් කෙටිකාලයක් තුල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවාඋපරිම දඩුවම් ලබාදෙන බව පැවසීය.ත්‍රස්තවාදය පරාජය කර රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන්  දිනාදුන් නිදහස හා රට ආරක්ෂා කරනබව අමාත්‍යවරයා  වැඩිදුරටත් සඳහන් කලේය .

මේ දිනවලදී යාපනයේ ප්‍රචණ්ඩත්වය පතුරවමින් සිටින “ආවා ගෘප් ” නමැති මැර කල්ලිය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂගේ අනුදැනුම මත , ගොඩනගන ලද්දක් බව , රජයේ කැබිනට් ප්‍රකාශක,අමාත්‍ය රාජිත සේනාරත්න පසුගිය (02) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් සදහන් කළා.

මේ අතර ඊයේ උතුරේ ක‍්‍රියාත්මක ආවා කල්ලිය හිටපු ආරක්‍ෂක ලේකම්වරයා විසින් බිහි කළ එකක් බවට රාජිත සේනාරත්න අමාත්‍යවරයා ඉකුත්දා කළ ප‍්‍රකාශය බරපතල බැවින් , රාජිත අමාත්‍යවරයා එවැනි යමක් තිබේ නම් ඔහු එය ප‍්‍රකාශ කළ යුතුව තිබුණේ මාධ්‍යට නොව කැබිනට් මණ්ඩළයට හෝ ආරක්ෂක අංශ වෙත බවයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ පෙන්වා දුන්නේ.

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

RAWEE_NEWSALERT_24_01_2016

කදුළු ගෑස්,කුළු පොළු නෑ…ග්ලෝබල් ස්ටාර් ලොජිස්ටික් සමාගමේ විරෝධතාවයට පෙට්‍රල් බෝම්බ අටවතී…අතහිත ඇමති රවීගෙන්

මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ පවුලට අයත් සීදුව ග්ලෝබල් ස්ටාර් ලොජිස්ටික් සමාගමේ සේවකයින් පිරිසක් අන්තරාදායක සේවකයින් ...

3 comments