Home / Featured / ‘‘ආවා’’ කල්ලිය හමුදාව මත පැටවිමේ කුමන්ත්‍රණයක් – රාජිත ටක්කෙටම තවත් කතාවක් කියයි

‘‘ආවා’’ කල්ලිය හමුදාව මත පැටවිමේ කුමන්ත්‍රණයක් – රාජිත ටක්කෙටම තවත් කතාවක් කියයි

සමස්ත හමුදාවම ‘‘ආවා’’ කල්ලිය සමඟ සම්බන්ධයැයි තමා කිසිදු අයුරකින් ප්‍රකාශ කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පසුගිය රජය සමයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට හිතවත් හමුදාවේ එක් නිලධාරියෙක් යොදාගනිමින් මෙම කල්ලිය නිර්මාණය කර ඇති බවයි.

මෙම සිද්ධියට හිටපු ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධ නොමැති බව ඒත්තු ගැන්වීම සඳහා ඇතැම් පිරිස් විවිධ මත පැතිරවීමට උත්සාහ කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

තමා කිසි ලෙසකින්වත් හමුදාවට අපහාසයක් කර නොමැති අතර, තමන්ට හිතවත් හමුදා නිලධාරියෙකු යොදාගනිමින් ඔවුන්ට අපහාස කර ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බවට වන තම ස්ථාවරයේ වෙනසක් නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න එම නිවේදනය මගින් පෙන්වා දි තිබේ.

උතුරේ ක්‍රියාත්මක “ආවා” නම් අපරාධ කණ්ඩායම සමඟ දේශපාලන හා හමුදාමය සම්බන්ධතාවයක් ඇති බවට ඇතමුන් ගෙනයන ප්‍රකාශ තමා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන ඊයේ තහවුරු කර සිටියා.

මේ අතර යාපනයේ ක්‍රියාත්මක “යතුරු පැදි කල්ලි” යනු යුධ හමුදා බුද්ධි අංශ සමාජිකයන්ගේ වැඩක් බවට  දෙමළ ජනතාව නගන චෝදනා සම්බන්ධයෙන් නීතිය හා සාමය භාර අමාත්‍ය සාගල රත්නායකගෙන් මාධ්‍යවේදියකු යොමුකල ප්‍රශ්ණයකට අමාත්‍යවරයා පිළිතුරු නොදීම මාධ්‍ය සාකච්ඡාවෙන් නැගිට ගිය අතර අදාළ මාධ්‍යවේදීයා දිගින් දිගටම කළ ප්‍රශ්ණ කිරිම හමුවේ නැගිට යන අතරතුර අමාත්‍යවරයා සදහන් කළේ  “i didn’t say anything” “මං මොකවත් කීවේ නෑ,” යනුවෙනි.

“යතුරු පැදි කල්ලි” බුද්ධි අංශයට බැර කිරිමේ මෙහෙයුමක්! ඇමති සාගල “i didn’t say anything” කියා නැගිට යයි

රාජිතට,රුවන්ගෙන් කනේ පහරක් …”ආවාගෘෘප්” සමග හමුදාවේ කිසිදු සම්බන්දයක් නෑ

රාජිත වගකීමක් නැති ඇමතියෙක් …උතුර -දකුණ කියා වෙනසක් නෑ …අපිට නම් දෙකම එකයි !

රාජිත කියන්නේ අමූලික බොරු …”ආවා ගෘප් ” හා මගේ සම්බන්ධයක් නෑ …මෙය සමස්ත හමුදාවටම ගැසු පහරක් !

 

 

Check Also

රාජිත කියා ඇත්තේ ගල් පැලෙන බොරු …ආයේ බොරු කියා රාජිත අතේ මාට්ටු

වෘත්තිය ක්‍රියාමාර්ග මර්දනය කිරීම සදහා හමුදා නිළධාරින් යොදා ගැනීමේ අදහසක් ජනාධිපතිවරයාට නොමැති බව ,කම්කරු හා ...