Home / Featured / ලොවම උණුසුම් කරමින් අමෙරිකානු ජනාධිපතිවරන සටන දියත් වෙයි
hilary-and-donald_newsalert_08_11_2016

ලොවම උණුසුම් කරමින් අමෙරිකානු ජනාධිපතිවරන සටන දියත් වෙයි


ලොව බලවත්ම රාජ්‍යක් වන ඇමරිකාවේ ජනාධිපතිවරණය අද (08) ආරම්භ වූවා .එරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන ඩිමොක්‍රටික් පක්ෂයෙන් හිලරි ක්ලින්ටන් හා රිපබ්ලිකන් පක්ෂයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රධාන ජනාධිපතිවරණ අපේක්ෂකයන් දෙදෙනා වනවා .

මිලියන 120 ක්‌වූ ඇමරිකානුවෝ අද 45 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ඡන්දය පාවිච්චි කරනු ලබනවා . මේ අතර ඇමරිකානු ජනාධිපතිවරණයෙන් තේරි පත්වන ජනාධිපතිවරයා කවුරුන්දැයි දැන ගැනීමට ලෝකයේ සියළුම දෙනාට ඇත්තේ ඉතා ඕනෑකමක් . ඒ ඇමරිකාව දේශපාලණික වශයෙන් ගන්නා තීන්දු තීරණ මුළු ලෝකයටම බලපාන නිසායි .

මේ අතර , ඇමරිකානු ජනාධිපතිවරණයට තරග කරන හිලරි ක්‌ලින්ටන්ට ජය ලබාදෙන ලෙස ඉල්ලමින් ප්‍රභාකරන්ගේ මස්‌සිනාවූ එම්. කේ. සිවාජිලිංගම් සහ උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සසිතරන් ඇතුළු පිරිසක්‌ අද (8 දා) නල්ලූර් කන්දසාමි කෝවිලේදී පොල් 1008 ක්‌ ගසා , යාපනයේ පල්ලියේදී ඉටිපන්දම් 1008 ක්‌ දල්වා පූජාවක්‌ පැවැත්වීමට කටයුතු කර තිබෙනවා . හිලරි බලයට පත්වුවහොත් උතුරට ස්‌වයං පාලනයක්‌ ලබා ගැනීමට හැකි බව සිවාජිලිංගම් පවසා තිබේ. මොවුන් ටැමිල්ස්‌ ෆො ක්‌ලින්ටන් නමැති ධජය යටතේ පොල් ගැසීම හා ඉටිපන්දම් දැල්වීමේ උත්සවය සංවිධානය කර ඇත.

මෙයට සමානව ඇමරිකාවේ ඊළාම් ඩයස්‌පෝවද ටැමිල්ස්‌ ෆො හිලරි නමින් සංවිධානයක්‌ ආරම්භ කර හිලරි ක්‌ලින්ටන්ගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වී තිබේ.

දැනට ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන බැරැක් ඔබාමාද ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන අයෙකු වන අතර ජනාධිපතිවරණ ප්‍රචාරණ කාලසීමාව පූරාවටම , බැරැක් ඔබාමා හිලරි ක්‌ලින්ටන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වූවා .

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

THERO_LNA_21_02_2016

මහා සංඝරත්නය ආණ්ඩුවට අවසන් වරේන්තුව ලබා දේ …ජනතා ද්‍රෝහි ගමන නවත්වන්නැයි දැනුම් දේ …නැතොත් ,භික්ෂුන් 1000 ක් ආණ්ඩුවට එරෙහි කොළඹට වඩී

වත්මන් ආණ්ඩුවේ ජනතා ද්‍රෝහි ගමන් මගට එරෙහිව භික්ෂූන් වහන්සේලා 1000 ක් කොළඹට වැඩම කරවන බව,පැවිදි ...

One comment