අපි හොරා කාලත් නෑ කන්නෙත් නෑ …අර්ජුන් මහේන්ද්‍රන් ,අගමැති රනිල් ඉතා පිරිසිදුයි !

0

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිදහස්‌ කළ පුද්ගලයකුට කෝප් කමිටුවෙන් තීන්දුවක්‌ දිය නොහැකි බවත් අර්ජුන මහේන්ද්‍රන් වැරදිකරුවකු කළේ මාධ්‍යයෙන් බවත් සභානායක මහාමාර්ග හා උසස්‌ අධ්‍යාපන අමාත්‍ය ලක්‌ෂ්මන් කිරිඇල්ල පවසයි .අමාත්‍යවරයා මේ බව කියා සිටියේ , නාවලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් .

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,

අද පවතින මාධ්‍ය සංස්‌කෘතිය ගැන කියනවා නම් එය ක්‍රියාකරන්නේ නිශ්චිත නිගමනයක්‌ එන්න කලින් ඒ ගැන පුන පුනා කියමින් එම පුද්ගලයා මාධ්‍යයෙන් වැරදිකරයෙක්‌ කරනවා. කවුරුහරි වේදිකාවට ගොඩ වෙලා මොනව හරි කීවාම ඒක මාධ්‍යයෙන් දාන්නේ හරිද වැරදිද කියලාවත් බලන්නේ නැතිව.

හැමදාම කෝප් කමිටු සාකච්ඡා තියලා මෙකේ සාමාජිකයන් පුවත්පත් සාකච්ඡා තියෙනවා. ඉන් පස්‌සේ කියනවා අර්ජුන මහේන්ද්‍රන් වැරදිකරයා කියලා කියනවා.එයා තමයි මේ මගඩියේ ඉන්නේ කියලත් කියනවා. මේ විදිහට පුවත්පත් සාකච්ඡා 15 ක්‌ තියලා තියෙනවා. මම ඒවා නීතිපතිට යවනවා.

පූර්ණ නිගමනයක්‌ ඇතිව තමයි මේ සාකච්ඡා තියලා මෙයා වැරදිකාරයා කියලා තියෙන්නේ. ඒවගේම මේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ජුන මහේන්ද්‍රන් නිදහස්‌ කරලා ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිදහස්‌ කළ අයකුට කෝප් කමිටුවෙන් තීන්දුවක්‌ දෙන්න බැහැ.

ජී.එල්. පීරිස්‌ මහතා කියනවා අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්න කියලා. ඒ කියන්නේ එතුමා නීති විශාරදයෙක්‌ වුණාට නීතිය දන්නේ නෑ කියන එකයි. .මොකද එක දවසක්‌වත් මෙයා උසාවියට අඩිය තියලා නෑ. කෙනෙක්‌ අත්අඩංගුවට ගන්නවා නම් නඩුවක්‌ පවරන්න අවශ්‍යයි. ඒක ඕනෑම දරුවෙක්‌ පවා දන්නවා. ඒත් ජී.එල් දන්නේ නෑ.

ඉතින් මෙයා තමයි අද මල් පොහොට්‌ටුවේ සභාපති කරලා තිබෙන්නේ.අද රූපවාහිනි නාලිකා බැලුවොත් මේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මට බනිනවා. අගමැතිතුමාට බනිනවා. මම අගමැතිතුමා වෙනුවෙන් කතා කරන නිසා මගෙත් එක්‌ක මේ අය විශාල වෛරයක්‌ තියෙනවා.

හැබැයි අපිට මෙහෙම බනින අය පිරිසිදු අය නෙවෙයි. ඒ අය තමයි පසුගිය කාලයේ බැංකු කැඩුවේ ඔවුන් තමයි මිනි මැරුවේ. මංකොල්ල කෑවේ, ඡන්ද පොළේ අයට වෙඩි තිබ්බේ මේ අය තමයි අපට බනින්නේ. හොඳ පිරිසිදු අය බැන්නත් කමක්‌ නෑ.