Home / Featured / ලෝක බලවතා Donald trump ට පළමු සුභ පැතුම් මහින්දගෙන් …වසර 04 ක ගමන සාර්ථකම වේවා යැයි පතයි !

ලෝක බලවතා Donald trump ට පළමු සුභ පැතුම් මහින්දගෙන් …වසර 04 ක ගමන සාර්ථකම වේවා යැයි පතයි !

ඇමරිකා එක්සත් ජනපදයේ මීළග ජනාධිපතිවරයා ලෙස පත්වූ , ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ උණුසුම් සුභ පැතුම් එක් කරනවා . හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සදහන් කරන්නේ , ඉදිරි වසර 04 තුළදී , ඇමරිකාව ගොඩනැගීමට ඩොනල්ඩ් ට‍්‍රම්ප් ට ශක්තිය ලැබේවා යැයි තමන් ප්‍රාර්ථනා කරන බවයි .

ඇමරිකාව පවා වර්තමානය තුළ ස්වාධීන රාජ්‍යක් ලෙස තම රට ගොඩනගන්නේ කෙසේද යන්න කතාකිරිම ශ‍්‍රී ලාංකික අපටද අලුත් පාඩමක් උගන්වන බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා .

අතිගරු ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් මැතිතුමා
ට්‍රම්ප් සංවිධානය,
725, 5 වන පටුමඟ,
නිවුයෝර්ක් නගරය, 10022,
ඇමරිකා එක්සත් ජනපදය.

මැතිතුමනි,

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිරණයෙන් ජය ගැනීම ගැන මාගේ සුභ පැතුම් ඔබතුමාට පිරිනැමීමට කැමැත්තෙමි. ඔබගේ ඡන්ද ව්‍යාපාරය තුළ මතු වූ බොහෝ කාරනා ඇමරිකා එක්සත් ජනපදයෙන් ඔබ්බටත් වලංගු භාවයක් දැක්වීම හේතුවෙන් මෙම ජනාධිපතිවරණය මුළු ලෝකයේම අවධානයට ලක් විය. ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති හැටියට ඔබගේ පත්වීමත් සමඟ සියලු රාජ්‍යයන්ගේ සෛවරී සමානත්වය හා ජාතික රාජ්‍යයන්ගේ අභ්‍යන්තර කරුණු වලට ඇඟිලි නොගැසීම යන මූලධර්මයන් මත පදනම් වූ ලෝක රටාවක් අපි බලාපොරොත්තු වෙමු.

මීට කලින් පැවති රිපබ්ලිකන් පක්‍ෂ ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පරාජය කිරීමෙහි ලා රාජතාන්ත්‍රික හා බුද්ධි ආශ මට්ටමින් මගේ ආණ්ඩුවට ලබා දුන් සහයෝගය මේ අවස්ථාවේදී කෘතවේදීව සිහිපත් කිරීමට කැමැත්තෙමි. ඒ උපකාරයන් තුළින් ඇමරිකාවේ FBI ආයතනය විසින් 2008 දී අල්කයිඩා සංවිධානයත් පරයමින් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායම හැටියට නම් කොට තිබූ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය සහමුලින්ම පරාජය කිරිමට අපට හැකි විය. ඇමරිකාවේ ජනාධිපති හැටියට ඔබගේ ධූරකාලය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යැයි මම ප්‍රාර්ථනා කරමි.

මීට හිතවත්,
මහින්ද රාජපක්‍ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

Check Also

තව පොඩ්ඩෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මම-මම හිටියේ 9 වෙනියාට අනිතිමට 12 වෙලා

“එදා මම ගියා නම්, එහෙමත් නැති නම් පසුගිය මැතිවරණයෙන් මම ජයග්‍රහණය කළා නම් ශ්‍රී ලංකා ...

One comment