සිරිපා අඩවියේ තවත් හෝටලයකට සංචාරක මණ්ඩලයේ අනුමැතිය …(Video)

1

dsc097712016 -2017 ශ්‍රි පාද වන්දනා සමයේදි වාර්ෂික සහ තාවකාලික බලපත‍්‍ර මත නල්ලතන්නියේ සිට ශ්‍රි පාද මළුව දක්වා පවත්වාගෙන යන සංචාරක හෝටල් වෙළදසැල් සහ වෙහෙර විහාරස්ථාන වලට දැඩි කොන්දේසි පැන විමට තිරණයක් ගෙන තිබෙනවා. ශ්‍රිපාදස්ථානාධිපති සබරගමු පළාතේ ප‍්‍රධාන සංඝනායක හා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති අතිපුජ්‍ය බෙංගමුවේ ධමිමදින්න මහානායක හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (08) නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේදි ශ්‍රිපාද වන්දනා වාරය පිළිබද පැවති විශේෂ රැස්විමේදී මේ බව තිරණය කරනු ලැබුවා.

සෑම ශ්‍රි පාද වන්දා වාරයේකදිම නල්ලතන්නියේ සිට ශ්‍රි පාද මළුව දක්වා ලීයාපදිංචි නොකළ විහාරස්ථාන මුවාවෙන් ඇතැම් පිරිස් සම්මාදම් එකතු කරමින් වන්දනා කරුවන්ට තුන්භිය ඇතිකර පිරිත් නුල් ගැට ගසා සම්මාදම් එකතු කිරිම සම්පුර්ණයෙන්ම තහනම් කිරිමට මෙම රැස්විමේදී තිරණය කරනු ලැබුවා. සෑම වන්දනා වාරයකදිම මෙවැනි අකටයුතු සිදුවන බවට වන්දනාකරුවන් විසින් ශ්‍රිපාදස්ථානාධිපති මහානායක හිමියන් වෙත කළ පැමිණීලි ගණනාවක් මතයි මෙම තීරණය ගෙන ඇත්තේ.

මෙවැනි සම්මාදම් එකතු කරන අය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනිමට පොලිසිය මගින් කටයුතු කිරිමටද මෙහිදි තිරණය කරනු ලැබුවා.

වාර්ෂීක බලපත‍්‍රයක් මත ගගුලතැන්නේ පවත්වාගෙන යන පෞද්ගලික සංචාර හෝටලයක් , සංචාරක මණ්ඩලයේ අනුමැතියද ලබා ගෙන ඇති බව මෙම විශේෂ රැස්විමේදී අනාවරණය වුණා. මින් ඉදිරියට ශ්‍රි පාද මාර්ගයේ කිසිදු වෙහෙර විහාරස්ථානයක් තමන්ගේ අවසරයකින් තොරව ලියාපදිංචි කිරිමට නොහැකි බවට බෞද්ධ කටයුතු පිළිබද කොමසාරිවරයා විසින් චක‍්‍රලේඛනයක් නිකුත් කර ඇති බවටද ශ්‍රි පාස්ථානාධිපති හිමියන් මෙම රැස්වීමේදී කරුණු අනාවරණය කළා. මෙහිදි අනුශාසනාවක් පවත්වමින් ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් පවසා සිටියේ ජාතිය ආගම දහම දර්ශනය සංස්කෘතියට එහා තමන්ට යමක් සිදුකළ නොහැකි බවයි. ශ්‍රි පාදස්ථානයට බලහත්කාරයෙන් යමක් සිදුකිරිමට ඉදිරියේදි ඉඩ දිමට නොහැකි බවද ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් මෙහිදි අවධරණය කර සිටියා.

මෙම විශේෂ රැුස්විමට අඹගමුව ප‍්‍රාදේශීය ලේකමි අයි.සි.බි සුමනසිරි හැටන් පොලිස් අධිකාරි බුද්ධික උඩුගම සුරිය මහතා ඇතුලූ නිළධාරින් රැසක් සහභාගි වුණා.

(රංජිත් රාජපක්ෂ )

සිරිපා අඩවියේ තවත් හෝටලයකට සංචාරක… by LNE



1 COMMENT

Comments are closed.