රාජපක්ෂ ,නම උඹේ -මොලේ අපේ …රාජපක්ෂ අපට භාර දුන්නේ ගරා වැටුණු රටක් !

1

2017 වර්ෂය සදහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කල අයවැය , රට දියුණු කරන අයවැයක් බැවින් ඒ සදහා සියළු දෙනාගේම සහයෝගය අවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි .අගමැතිවරයා මේ බව කියා සිටියේ අද (12)පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් .

අද වන විට රටේ ආදායම වියදම් සදහා ප්‍රමාණවත් නොවන බවත් , පඩි ගෙවීමට පවා රජයට ,ණය ගැනීමට සිදුවූ බවයි අග්‍රාමාත්‍යවරයා සදහන් කලේ . මේ රටේ ආර්ථිකය කඩා වැටුණු පසුබිමක් තුළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයක් පැවැත්වීමට කටයුතු කල බවත් අප ජනවාරි 08 භාර ගනු ලැබුවේ ආර්ථිකය නැත්තටම නැතිවූ රටක් බවයි ඔහු පෙන්වා දුන්නේ .

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ,

දැන් රාජපක්ෂ වරාය තියනවා . රාජපක්ෂ ගුවන්තොටුපල තියනවා .රාජපක්ෂ සමාජ ශාලාව තියනවා . කමක් නෑ …නම උඹේ මොලේ අපේ . මොකද අවුරුදු 05 ක් මුකුත් තිබුණේ නෑ .

සාමාන්‍ය පවුල ශක්තිමත් කරන අයවැයක්. මුදල් ඇමැතිතුමාට ස්තූතිවන්ත වෙනවා. මෙය ඓතිහාසික අයවැයක්. මේ අයවැය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් අදහස් අරගෙන සකස් කළ අයවැයක්. පක්ෂ එකතු වී කරන්න හැකි වීම හොඳ ප්‍රවණතාවක්. කාලයක් යනවා. වෙන් වෙන්න. ප්‍රවණතාව අනාගතයට හොඳයි. විපක්ෂයේ අඳහස් අරගැනීමත් හොඳයි.

ගිය දශකයේ දී රටේ ණය බර තුන් ගුණයකින් වැඩි වුණා. 2014 දී බිලියන 7391ක්. මේකයි අපේ ප්‍රශ්නය. රුපියල් බිලියන 5169කින් ණය වැඩි වී තිබෙනවා.රජ කාලයේ දී බිලියන 3230කින් වැඩි වුණා. ආර්ථික් වර්ධන වේගය 6%කට ගියානම් කොහොමද වියදම් වැඩි වෙන්නේ ණය වැඩි වෙන්නේ. ණය බර වැඩි වීමෙන් දේශීය ආදායම සියයට 13%කින් අඩු වුණා. අපේ අපනයනය ආදායම අඩු වෙන්න පටන් ගත්තා.අද සිදු වී තිබෙන්නේ සම්ප්‍රදායක භෝගවල මිල අඩු වෙලා. ජී.එස්.පී.ප්ලස් නති වීම අපිට බලපාලා. අපි අපිම ඇති කර ගත් ප්‍රශ්නයක්. අපි ණය ඇති කරගත්තා. එයයි බලපාන්නේ. රජයේ ආදායම වර්තන වියදම් පියවීමටත් මදි වුණා. ඒ සඳහා ණය ගන්න සිදු වුණා. විදේශ වාණිජ ණය වැඩි වෙලා.

මේ රටේ ආර්ථිකය ගෙන යන්න බැරි තත්ත්වයකට තිබුණේ. ඒකයි ජනාධිපතිවරණය කලින් තිබ්බේ. ඡන්ද ටික දිනලා බදු වැඩි කරන්නයි හිටියේ. බර කාට ද එන්නේ. ආදායම අඩු වෙනවානම් එය ජනතාවට වැටෙන බරක්. ඒ නිසා රුපියලේ අගය අඩුවෙනවා. ආදායම මදි නිසා, ගෙදර පවුලේ අයවැයට ගහලා දැම්මා. ඒත් 2015 සිට ඒ සහනය ලබාදී තිබෙනවා. ජනතාවගේ අතට මුදල් දුන්නා.

ජනතව අතේ මුදල් තිබුණා. අපි රටේ ආදායම වැඩි කරගන්න පටන් ගත්තා.බිලියන 2000ක් ආදායම බලාපොරොත්තු වෙනවා. වියදම පාලනය කළ යුතුයි.රුපියල ශක්තිමත් වුණාම පවුලට ලැබෙනවා. පවුල ශක්තිමත් වන අයවැයක් එවැනි අයවැය කීපයක් ඉදිරියට ගෙන යන්න තිබෙනවා. හැමෝටම ඒ වගකීම තිබෙනවා. ණය බර වැඩි වුණ, ආදායම අඩු වුණ ආර්ථිකයක් වෙනුවට ආදායම වැඩිකරන අයවැයක් ගෙන්න අවශ්‍යයි. අපිට දැන් පුළුවන් ණය නොවී වෙනත් අංශවලට මුදල් දෙන්න පුළුවන්.

2020 පාසල් ගුරුවරු ලබාදෙන්න, ටෙබ් පරිගණක යන්ත්‍ර ලබාදෙන්න, මෙවට මුදල් තියෙන්නේ වියදම් කරන්න. හැමදරුවෙකුට ටැබ් පරිගණකයක් තිබෙනවා. ඩිජිටල් දැනුම හැම නිවසකට යනවා. එය තවත් වසර පහකින් වෙනස පෙනේවී.විද්‍යා ගුරුවරු 5000ක් ලබාදෙනවා.

ශිෂ්‍ය රක්ෂණයට විශාල මුදලක්. අපේ අතේ මුදල් තිබෙනවා. සම්පූර්ණ පාසල් අධ්‍යාපන ක්‍රමයක් අපිට දෙන්න පුළුවන්. අපේ අධ්‍යාපන ක්‍රමය දියුණු කරන්නට තිබෙනවා.අපි බලමු නිදහස් අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණ කරන්න මේ අවුරුදු පහේදී .ජාතික ආණ්ඩුවකට කරන්න බැරි නම් කිසිම ආණ්ඩුවකට මෙය කරන්න බෑ.රැකියා බිහි කරනකොට ශ්‍රම ශක්තිය, ශිල්ප ශක්තිය දන්න අය අවශ්‍ය වෙන්නේ.ඉංග්‍රීසි භාෂාව, චීන භාෂාව දැනගන්න තවත් මුදල් වියදම් කරනවා. මේ රටේ අධ්‍යාපනයට මුදල් වියදම් කරන්න ලෑස්තියි. වැට් වැඩි කිරීමේ වාසිය එන්නේ අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට. මේ රටේ මධ්‍යම පන්තියට, ග්‍රාමීය ජනතාවට සහන පදනමකට ණය දෙනවා.මේවට මුදල් සොයන්න අවශ්‍යයි.

අපේ පරමාර්ථය මොකක්ද, සිසුන්ට අධ්‍යාපනයක් ලබාදීම, එතැනින් දියුණු වෙන්න, ලොකු බරක් දෙමව්පියන්ගෙන් ඉවත් කරන්න. ඒ වගකීම අපි බාර ගන්නවා. අපි පළමු කන්ද සාර්ථකව නැගලා තියෙන්නේ. අපිට තව කන්දක් නගින්න තිබෙනවා. ඊට ආර්ථිකය සූදානම් කරන්න තිබෙනවා.

අපේ මුදල් වැඩි කරගෙන ආදායම වැඩි කරගන්න 2019 දි අපේ විදේශ ණය බිලියන 3.7යි. සම්පූර්ණ වසර හතරකින් බිලියන 13.7ක් ගෙවන්න වෙලා තිබෙනවා. බිලියන 7ක් විදේශ ණය. මෙයයි අපිට බාර ගන්න තිබෙන වගකීම. 2020 වනවිට අයවැය හිඟය සියයට 3%කට අඩු කරගන්න බලන්නේ. අපි මේ ඉලක්කයේ සිටිනවා නම් අපිට මේ කන්ද නගින්න පුළුවන්.අපේ ආර්ථිකය හදන්න ඕන 7%කට .

අද බලන්න ඉන්දියාව. අපිට වැරදි ප්‍රතිපත්ති තිබුණා.පාට වැඩක් නෑ අපි වැඩේ කරමු. අපි එකතු වෙලා ඉන්නේ. අපිට මේ වැඩේ කරන්න බැරි නම් කවුද කරන්නේ. මේ රටේ ජනතාවට මීට වඩා හොඳ ජීවිතයක් දෙන්න ඕන.වචනවලින්, සටන් පාඨවලින් කරන්න බෑ. ඒ සඳහා මුදල් අවශ්‍යයි. ආකර්ෂණීය ආර්ථික පසුබිමක් අපි සකස් කරන්න ඕන. අපි ඇමෙරිකානු ඩොලර් බිලියන 08ක් සොයාගන්න ඕන. මේ ජාතික ආණ්ඩුවෙන් පස්සේ මේ රට වෙනස් වෙනවා. මෙතැන සාකච්ඡා කළාම අපිට සාමන්න්‍ය ප්‍රතිපත්ති රාමුවකට යන්න ඕන. අපිට වෙළඳපොළක් සකස් කරගනන ඕන.

චීනය,ඉන්දියාව වෙළඳපොළ එක්ක, සිංගප්පූරුව එක්ක, අනාගතය තියෙන්නේ එතන. ඒ ටික දියුණු කරමු.ඇමෙරිකාව සමඟ කතා කරන්න පුළුවන්.අපි සීඝ්‍රයෙන් දියුණුවන ජනගහණය ඉන්නේ බෙංගාල බොක්ක වටෙයි. අපි ලෝකයට ඇතුළ් වෙමු. අපි ඒකට කර්මාන්ත තරඟකාරි කරමු. ඒ නිසයි අපි කර්මාන්තවලට අයවැයෙන් සහන ලබාදී තිබෙන්නේ. සංචාරක කර්මාන්තය දියුණු කරන්න විශාල වැඩපිළිවෙළක් තිබෙනවා. අපි අඬිතාලමයි දමන්නේ. පෝට් සිටි අති කිරීම. නියම මුදල් පාලනයක්. ආර්ථික කළමනාකරණයක් තිබෙන්න ඕන.ගාල්ල මාතර සංචාරක ව්‍යාපාරයට මුල්තැන දෙනවා.

කුඩා කර්මාන්ත දියුණු කරගන්න ඕන. හම්බන්තොට වැදගත්.මත්තල ගුවන්තොටුපල දියුණු කරන්නේ, චීන සමාගම අක්කර 15,000ක් ඉල්ලා තිබෙනවා. මෙතන තියෙන කර්මාන්ත ගණන බලන්න.ඒ ප්‍රදේශ දියුණු වෙනවා. හම්බන්තොට නගරය හදනවා.අපි පටන් ගත්තේ. නැව් නෑ එදා, දැන් අපි පටන් ගන්නේ.මේ වැඩසටහන ආරම්භ කිරීමෙන් මහනුවර,මාතර, කෑගල්ල ,ගම්පහ, කොළඹ ,කළුතර ,හම්බන්තොට, මොණරාගල දියුණු කරන වැඩසටහනක් වෙනවා.

නවීන කෘෂිකර්මයකට වැඩකටයුතු කරන්න ඕන.උතුර ආර්ථිකය නැතිවෙලා. වෙනම බදු සහන ලබාදී තිබෙනවා.අපි ඩිජිටල් අංශයට යන්න අවශ්‍යයි. ධීවර කර්මාන්තය දියුණු කරන්න කටයුතු කරනවා. වැවිලි කර්මාන්තය තේ කර්මාන්තය දියුණු කරන්න අවශ්‍යයි. මේ අය වැය මේ රට දියුණු කරන්න තියෙන එකක්. මේ අයවැයට සහයෝගය දෙමු යැයි ද අග්‍රාමාත්‍යවරයා සදහන් කලා .