මෙවර අයවැය හරහා ඉතා සූක්ෂම ලෙස , ශ්‍රී ලංකා මහ බැංකුව පුද්ගලිකකරණය කිරීම සඳහා වන යෝජනාව ඇතුළත් කර ඇති බව ,පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන පවසයි .අද (13) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.නිදහසින් පසු ඉතිහාසයේ ලබා ගත් වැඩිම ණය ප්‍රමාණය ලබා ගෙන ඇත්තේ 2015 වසරේදී බවත් මේ අයවැය හරහා බැදුම්කර මගඩියට වඩා දස දහස් ගුණයකින් , වැඩි මගඩියක් සිදු විය හැකි බවද ඔහු සදහන් කලා .
මෙවර අයවැයෙන් ජාතික ගෙවීම් වේදිකාවක් නිර්මාණය කිරීමට යෝජනා කර ඇති බවත්, ඒ ඔස්සේ මහ බැංකුවේ අධීක්ෂණයෙන් තොරව ජාතික ගෙවීම් හා පියවීම් පුද්ගලික අංශයේ සමාගම් 3කට භාර දීමට යෝජනා කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සදහන් කලා.
ශ්‍රි ලංකා මහ බැංකුවට රජය මගින් පත් කල එහි අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විසින් එක් බෝම්බ ප්‍රහාරයක් එල්ල කලා . දැන් මුදල් ඇමතිවරයා විසින් මේ අයවැය හරහා යෝජනා ගෙනල්ලා තියනවා මහ බැංකුව සහමුලින්ම බිමට සමතලා වෙන ඒවා . මේක ඉතාම භයානක ක්‍රමයක් .මම මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණයට පවා ගෙනියනවා යැයි මන්ත්‍රිවරයා සදහන් කලා .
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන ,
[…] post මහ බැංකුවත් පෞද්… appeared first on Lanka News […]
Comments are closed.