Home / අතන මෙතන / ඕස්ට්‍රේලියා සංක්‍රමණිකයන් බාර ගන්න අමෙරිකා එකඟතාවක්!
musis_lna

ඕස්ට්‍රේලියා සංක්‍රමණිකයන් බාර ගන්න අමෙරිකා එකඟතාවක්!


ඕස්ට්‍රේලියානු භූමියෙන් පිටත ශාන්තිකර දූපත් තුළ පිහිටි කඳවුරුවල රඳවනු ලැබ සිටින සංක්‍රමණිකයන් යළි පදිංචි කරවීම සඳහා ඕස්ට්‍රේලියානු ආණ්ඩුව සහ ඇමරිකා එක්සත් ජනපදය එකඟතාවකට පැමිණ තිබේ.

එම ගිවිසුම යටතේ පැපුවා නිව්ගිනියා සහ නාවුරු දූපත්වල රඳවනු ලැබ සිටින දේශපාලන රැකවරණය පතන සංක්‍රමණිකයන් එක්සත් ජනපදයේ නැවත පදිංචි කරවීමට නියමිත බව ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් පැවසීය.

දේශපාලන රැකවරණය වඩාත්ම අවශ්‍ය සංක්‍රමණිකයන්ට ඒ සඳහා අවස්ථාව හිමි වනු ඇති අතර එම පියවර ඕස්ට්‍රේලියානු අගමැතිවරයා විසින් විග්‍රහ කරනු ලැබුවේ එක් වරකට පමණක් සීමා වන එකඟතාවක් වශයෙනි.

ඇමරිකාවේ ජනාධිපති ධුරය සඳහා තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ සම්බන්ධයෙන් දක්වන මතය මෙතෙක් පැහැදිලි නොමැත.

දේශපාලන රැකවරණය පතා ඔස්ට්‍රේලියාව වෙත පැමිණි එක්දහස් දෙසීයක පිරිසක් මනුස්, පැපුවා නිව්ගිනියා සහ නාවුරු දූපත්වල රඳවනු ලැබ තිබේ.

ඔස්ට්‍රේලියාව බලා බෝට්ටු ඔස්සේ පැමිණෙන සංක්‍රමණිකයන් සහ සරණාගතයන් නැවත හරවා යැවීමේ එරට ප්‍රතිපත්තිය මානව හිමිකම් සංවිධානවල දැඩි විවේචනයට ලක් වේ.
ඔස්ට්‍රේලියා ආගමන හා දේශ සීමා ආරක්ෂණය පිළිබඳ අමාත්‍ය පීටර් ඩටන් පවසන්නේ අනාගතයේදී ඔස්ට්‍රේලියාවට පැමිණෙන අනවසර සංක්‍රමණිකයන් සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවන බවය.

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

comdem_lne

ඔබ Condom එකක් ගන්න දෙපාරක් හිතනවාද? ඒ අනතුරට අත වැනිමකි…

මෙරට ශීඝ්‍රයෙන් පැතිර යැමේ අවදානමක්‌ පවතින HIV/ඒඩ්ස්‌ රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා එම වෛරස ශරීරගතවීමේ ...