යුධ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණය ස්ථිරයි …උතුර -නැගෙනහිර අපට , අයිතිය ඕනෑ -ට‍්‍රම්ප් හා එක්ව සටන් කරනවා !

1

ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස තේරිපත්වූ , ඩොනල්ඞ් ට‍්‍රම්ප් සමගින් එක්වී කටයුතු කිරීමට දෙමළ ජාතික සන්ධානය සූදානම් බව , විපක්‍ෂ නායක දෙමළ ජාතික සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් පවසයි .ඔහු මේ බව කියා සිටියේ , ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජයග‍්‍රහණය කිරීම ගැන කළ විමසුමකට පිළිතුරු ලබා දෙමින්.

ලෝව බලවත්ම රාජ්‍යය ලෙස සැලකෙන ඇමෙරිකාවේ ජනාධිපතිවරණයෙන් එරට ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී තීරණය එම ජනතාව සිය ඡන්දයෙන් ප‍්‍රකාශ කළා.ඒ අනුව නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඞ් ට‍්‍රම්ප් තේරී පත්වුනා.එම ප‍්‍රජාතන්ත‍්‍රවාදී තීරණය ට‍්‍රම්ගේ ප‍්‍රතිවාදී අපේක්‍ෂිකා හිලරි ක්ලින්ටන්ද පිළිගෙන තිබුණා.ශී‍්‍ර ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයන් වලදී සාමාජික රටවල් වලද සහායෙන් ඇමරිකාව විසින් යෝජනාවන් සම්මත කර ගත්තා.දැන් එම යෝජනා ක‍්‍රියාත්මක කිරීමේ තත්වයකයි තියෙන්නේ.ඇමෙරිකාව විසින් ගෙන ආ මෙම යෝජනා අතරින් 2015 වසරේදී සම්මත කර ගත් යෝජනාව ශ‍්‍රී ලංකා රජයද පිළිගෙන තිබියදී මෙම යෝජනාව ක‍්‍රියාත්මක වීම අනිවාර්යයි.එහි කිසිදු වෙනසක් සිදුවිය යුතු නැහැ .විපක්ෂනායකවරයා වැඩිදුරටත් කියා සිටියා.

එසේම උතුර -නැගෙනහිර ජනතාව බලපාන ගැටළු සම්බන්ධයෙන් ඉදිරියේදී ඇමරිකානු ජනාධිපතිවරයා දැනුවත් කිරීමට සූදානම් වන බවත් , දෙමළ ජනතාවගේ ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් ඔහු හා එක්වීමට සූදානම් බවයි විපක්ෂනායකවරයා දිගින් දිගටම කියා සිටියේ .