Home / Featured / රට හතර ගාතේ වැටිලා …රාජ්‍ය ණය බිලියන 878.7 කින් ඉහළට …වරද රාජපක්ෂලාගේ ,රජය කියයි !

රට හතර ගාතේ වැටිලා …රාජ්‍ය ණය බිලියන 878.7 කින් ඉහළට …වරද රාජපක්ෂලාගේ ,රජය කියයි !

2016 වර්ෂයේදී මුල් මාස 06 දී පමණක් ශ්‍රි ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රු .බිලියන 878.7 කින් රු. කෝටි 87870 කින් ඉහළ ගොස් තිබෙනවා .

වත්මන් රජයේ ආකාර්‍යක්ෂමතාවය මෙයට බලපා ඇති බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ . රාජ්‍ය ණය වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ දේශීය ණය ගැනීම් වැඩිවීම 2016 ජුනි මස නිකුත් කරන ලද විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම, 2016 ජුලි මස නිකුත් කළ ජාත්‍යන්තර ස්‌වෛරීත්ව බැඳුම්කරය සහ එම මාස හතක කාලය තුළදී ශ්‍රී ලංකා රුපියල අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල් වර්ගවලට සාපේක්‍ෂව පිරිහීමට ලක්‌ වීම යන කරුණු මේ සදහා බලපා ඇති බවද ආර්ථික විශ්ලේෂකයන් වැඩිදුරටත් සදහන් කරනවා .

දේශිය සහ විදේශිය වශයෙන් අදාළ ණය ප්‍රමාණය ඉහළ ගොස් ඇති අතර මේ හේතුවෙන් ඉදිරියේදී රට දැවැන්ත ආර්ථික අර්බුධයකට මුහුණ පෑමට අවස්ථාව පවතින බවයි ආර්ථික විශ්ලේෂකයන් කියා සිටියේ .

රාජ්‍ය ණය ඉහළ යෑම සම්බන්ධයෙන් රජයද මේ වන විට සිය ස්ථාවරය ප්‍රකාශ කර තිබෙනවා .රාජපක්ෂ කාල වකවානුව තුළදී ඉවක් බවක් නොමැතිව අධික පොලියට ණය ලබා ගැනීම හේතුවෙන් , රටට අද මේ තත්වය උදාවී ඇති බවයි රජය පවසන්නේ .

පාඩු ලබන රාජ්‍ය ආයතන විකුණා දමා ඒ ලැබෙන මුදල් වලින් මේ ණය පියවීම රජයේ ස්ථාවරයවී ඇත .

කෙසේ වෙතත් මේ මුළු ණය වැඩිවීමෙන් දේශීය ණය ප්‍රමාණය වැඩිවීම රු. කෝටි 50120 ක්‌ සහ විදේශ ණය ප්‍රමාණය වැඩිවීම රු. කෝටි 37750 ක්‌ ද වන බව මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙනවා .

Check Also

තව පොඩ්ඩෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මම-මම හිටියේ 9 වෙනියාට අනිතිමට 12 වෙලා

“එදා මම ගියා නම්, එහෙමත් නැති නම් පසුගිය මැතිවරණයෙන් මම ජයග්‍රහණය කළා නම් ශ්‍රී ලංකා ...