Home / Featured / “මාමා කළ දේ බෑනා නොකළොත් ඌ නොට්ටිගේ බෑනා “අද සිට වලංගුයි …මුස්ලිම් -සිංහල ගැටුමක් අතළගයි …ඒ වරදට විපක්ෂ මන්ත්‍රින් සිරගත කිරීමේ සැලසුමක් !

“මාමා කළ දේ බෑනා නොකළොත් ඌ නොට්ටිගේ බෑනා “අද සිට වලංගුයි …මුස්ලිම් -සිංහල ගැටුමක් අතළගයි …ඒ වරදට විපක්ෂ මන්ත්‍රින් සිරගත කිරීමේ සැලසුමක් !

අද රනිල් වික්‍රමසිංහ ,ජනපති ජේ ආර්ගේ අඩි පාරේ ගමන් කරන බවත් , සිංහල – මුස්ලිම් ගැටුමක් නිර්මාණය කරලා එහි වරද ඒකාබද්ධ විපක්ෂය මත පටවලා නායකයින් සිර ගත කිරීමේ සැලැස්මක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පවසයි .අද (21) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා .

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා ,

කළු සල්ලි සොයා ගන්න රු5,000/ නෝට්ටු තහනම් කරන්න

මේ ආණ්ඩුව සොරකම් කරන ලද රාජ්‍ය දේපල සෙවීමට නීතිඥ ජේ සී වැලිඅමුණගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් පිහිටෙව්වා. ලෝකය පුරා සංචාරය කරමින් මහජන මුදල් කෝටි ගණනින් වැය කළත් පසුගිය මාස 22ට එක රුපියලක් සොයා ගෙන නෑ. මම මේ පිලිබඳ පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නයක් ඇහුව්වාම පරීක්ෂණ වලට බාධා වෙනවා කියමින් අගමැතිතුමා ප්‍රශ්නය මග හැරියා. දැනට කාර්ය සාධක බලකාය වෙනුවෙන් කීයක් වියදම් කළා ද බලකාය විසින් රුපියල් කීයක සොරකම් කරන ලද රාජ්‍ය දේපල සොයා ගත්තා ද කියන ප්‍රශ්නයට පිලිතුරු දුන්නාම පරීක්ෂණ වලට බලපාන්නේ කොහොමද?

දූෂණ, නීති විරෝධි ව්‍යාපාර සහ බදු පැහැර හැරීම තමයි කළු සල්ලි උපයන ප්‍රධාන මාධ්‍යයන් තුන. මේ කළු සල්ලි ප්‍රසිද්ධ කරන්න බැරි නිසා බොහෝ විට තිබෙන්නේ මුදල් නෝට්ටු විදියට. නැතිනම් රත්රන්, මැණික් සහ දියමන්ති විධියට. මේ කළු සල්ලි මුදල් පද්ධතියට ගෙන ඒමට ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි අපූරු උපායක් යෙදුවා. මීට සති දෙකකට පෙර ඔහු ඉන්දියාවේ සංසරණයේ පවතින රු500/ – සහ රු 1000රැ/ නෝට්ටු තහනම් කළා. දැන් පෙට්ටිගමේ සඟවා තිබෙන කෝටි ගණන් මුදල් නෝට්ටු බැංකුවට භාර දී අළුත් නෝට්ටු ගත යුතුයි.

ලංකාවේ කළු සල්ලි තිබෙන්නේ රාජපක්ෂවරු ගාව ද නැතිනම් මහ බැංකු හොරු ගාව ද කියා සොයා ගන්න ලංකාවේ රු5,000ර/ – නෝට්ටුව තහනම් කළ යුතුයි අපි යෝජනා කරනවා. එවිට කළු සල්ලි වගේම ඒවායේ අයිතිකාරයෝත් රටටම හඳුනා ගන්න පුළුවන්. මේක ලංකාවට අළුත් අත්දැකීමක් නොවේ. 1973 දී එවකට මුදල් අමාත්‍ය ආචාර්ය එන් එම් පෙරේරා ඒ යුගයේ තිබුණු ඉහළම මුදල් නෝට්ටුව වූ රු100/ තහනම් කළා. එයින් විශාල මුදල් ප්‍රමාණයක් සංසරණයට එකතු වුණා. නමුත් බොහෝ විට කළු සල්ලි ඉතිරි කර තිබෙන්නේ මැණික්, රත්රන් සහ දියමන්ති විධියටයි. ඒ නිසා අඩුම ගණනේ රුපියල් ලක්ෂ 10ට වැඩි රන්, මුතු, මැණික් සහ දියමන්ති මිළ දී ගැනීම් පිලිබඳ විකුණන අය විසින් ආදායම් බදු දෙපාර්තමේන්තුවට තොරතුරු යවන ක්‍රමයක් සැකසිය යුතුයි. මේ කිසිවක් සොරකම් කළ රාජ්‍ය දේපල අත්පත් කර ගැනීමේ කාර්ය සාධක බලකාය කරන්නේ නෑ. ඒ අය කිඹුලාට කසාද යෝජනා ගෙන එමින් අලි කුණ කෑමට ගඟෙන් එගොඩ වුණු නරියා වගේ සොරකම් කළ වත්කම් ගැන කියමින් ලෝකය පුරා සංචාරය කරනවා.

අයිසිස් ත්‍රස්තයින් පිලිබඳ තොරතුරු හෙලි කරනු

විජේදාස රාජපක්ෂ ඇමතිතුමා අයිසිස් ත්‍රස්තයින්ට සම්බන්ධ මුස්ලිම් ලාංකිකයින් පිලිබඳ තොරතුරු හෙලි කලාම මුස්ලිම් නායකයින්ට කේන්ති ගිහින් එතුමාට බනිනවා. ඇත්තෙන්ම වෙන්න ඕනෑ ඒක නොවේ. තම සමාජය පිලිබඳ හෙලි කළ තොරතුරට ස්තූතිවන්ත වෙලා තම සමාජය පිලිබඳ විමසිල්ලෙන් සිටීමයි. මුස්ලිම් සමාජය තුලට රිංගා ගෙන පිලිකාවක් මෙන් වැඩෙන අන්තවාදය තුරන් කිරීමට නායකත්වය දීමයි.

මුස්ලිම් නායකයින් අන්තවාදය සහ ත්‍රස්තවාදය රකින්න පෙරට ආවොත් එයින් හානියක් වෙන්නේ මුස්ලිම් සමාජයටමයි. දෙමළ නායකයින් හැත්තෑවේ දශකයේ දී ඔය වැරැද්දම කළා. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයින් තමයි හැත්තෑවේ දශකයේ දී කොටි පැටවුන්ට කිරි පෙව්වේ. නමුත් කොටි පැටියා කොටියෙකු වුණාම මුලින්ම මරා කෑවේ ඒ අමිර්තලිංගම් ඇතුළු දෙමළ නායකයින්. නායකයින් විසින් කොටි ත්‍රස්තවාදය පෝෂණය කිරීමේ වරදට මුළු දෙමළ සමාජයම දඬුවම් වින්ඳා. අහිංසක දෙමළ සමාජය කුරිරු වුණා. සංස්කෘතිය බිඳ වැටුණා. ඓතිහාසික උරුමයන් විනාශ වුණා. ලක්ෂ ගණනින් රට හැර ගියා. දහස් ගණනින් ආබාධිත වුණා. වැන්දඹුවන් වුණා. මුස්ලිම් නායකයින් දෙමළ අත්දැකීමෙන් පාඩම් ඉගෙන ගෙන මේ අන්තවාදය දල්ලෙන් කඩා දැමිය යුතුයි.
මුස්ලිම් නායකයින්ට කේන්ති ගියාට අයිසිස් ත්‍රස්තයින් අතර ලාංකික මුසල්මානුවන් සිටින බවට මීට පෙර අවස්ථා ගණනක දී ආරක්ෂක අංශ වාර්තා කර තිබෙනවා. ඒ වගේම මද්රාසා කියන ආගමික පාසල් වල අන්තවාදි වාහබ්වාදය උගන්වන බවට තොරතුරු තිබෙනවා. විදේශිකයින් සංචාරක වීසා මත ඇවිත් මද්රාසා වල ඉගැන්වීමේ යෙදී සිටිය දී ලංකාවෙන් පිට මං කළ අවස්ථා තිබෙනවා.

වත්මන් ආණ්ඩුව මුස්ලිම් අන්තවාදය පිම්මේ වැඩෙන්න ඉඩ සලසා අඳ ගොළු බිහිරි රංගනයක යෙදෙන අවස්ථාවේ විජේදාස ඇමතිතුමාගේ ප්‍රකාශය අපි අගය කරනවා. තව්හීද් ජමාත් සංවිධානයේ අබ්දුල් රසීක් බුදුන් වහන්සේට අපහාස කළා. ධර්මයට අපහාස කළා. මහ සංඝරත්නයට අපහාස කළා. නීතිය ක්‍රියාත්මක වුණේ නෑ. ඔහුට නීතිය ක්‍රියාත්මක නොවීම පිලිබඳ ප්‍රශ්න කරපු බෞද්ධයෙකු වුණු ඩෑන් ප්‍රියසාද්ට එරෙහිව පුදුම කාර්යක්ෂමතාවයකින් නීතිය ක්‍රියාත්මක වුණා. අවසානයේ දී භික්ෂුන් වහන්සේලාට තරුණ තරුණියන් සමග පාරට බහින්න සිදු වුණා. එහි ප්‍රතිඵලයක් විධියටයි රසීක්ව අත්අඩංගුවට ගත්තේ. “පෙවූ කිරි වැන්න විස ගොර සප් ” කියන පැරණි කවි පදය සිහිපත් කර මුස්ලිම් අන්තවාදය පෝෂණය කරන ආණ්ඩුවේ නායකයින්ට අපි අනතුරු අඟවනවා.

මුස්ලිම් සමාජයේ බහුතරය විශේෂයෙන් උගත් පිරිස සහජීවනයට සාමයට කැමති පිරිසක්. නමුත් අන්තවාදින්ට මුස්ලිම් සමාජය පාලනය කරන්න ඉඩ දීලා සාමකාමි උගතුන් නිහඬ වුණොත් සමස්ත මුස්ලිම් සමාජයම අන්තවාදයට ගොදුරු වෙලා මේ රටම විනාශ වෙන එක කාටවත් නවත්වන්න බෑ.

විපක්ෂයේ නායකයින් සිරගතකර ආණ්ඩුව සැරසෙන්නේ කුමකට ද?

මීට පෙර මා අනාවැකි පල කළ අයුරින්ම නව ව්‍යවස්ථාව ජනවාරි මාසයේ දී පාර්ලිමේන්තුවටත් පෙබරවාරි මාසයේ දී ජනමත විචාරණයටත් ඉදිරිපත් කිරීමට නියමිත බව අගමැතිතුමා ප්‍රකාශ කළා. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය රැස් වුණු දවසේ විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා දිනේෂ් ගුණවර්ධන මැතිතුමාටත් මටත් ඉතා වැදගත් දෙයක් කිව්වා. “අපට දැවැන්ත බලය බෙදීමක් අවශ්‍ය වී තිබෙනවා. නමුත් ඒක පිටුපස දොරෙන් ලබා ගන්න අපට කිසිම උවමනාවක් නෑ. ආණ්ඩුවේ සමහරු ජනමත විචාරණයක් අවශ්‍ය නෑ කියනවා. නමුත් අපේ ස්ථාවරය තමයි බලය බෙදන ව්‍යවස්ථාවට අනිවාර්රයෙන් ජනතාවගේ අනුමැතිය ලැබිය යුතුයි කියලා. හැමදාමත් දෙමළ සංධානය විවේචනය කරන අපට ඔවුන්ගේ පුංචි හරි හොඳක් දැක්කාම අගය කරන්න ඕනෑ. නැතිනම් ඒක කුහක කමක්. පෝස්ටර් අලවන්නේ නැතුව මනාප පොරයක් නැතුව උතුරු පලාත් සභා මැතිවරණ සටන කිරීමට දෙමළ සංධානය තීරණය කළාම අපි ඒක ප්‍රසිද්ධියේ අගය කළා. ඒ වගේම මේ ප්‍රජාතන්ත්‍රවාදි ලක්ෂණය අපි අගය කරනවා.

නමුත් අපට තිබෙන තොරතුරු අනුව ආණ්ඩුව ජනමත විචාරණය කරන්න ලැහැස්ති වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදිව නොවේ. ලාම්පු කළ – ගෙඩි සෙල්ලම නමින් හඳුන්වන 1982 ජනමත විචාරණය විධියටමයි. එදා විපක්ෂයේ ක්‍රියාකාරි නායකයින් වන විජය ඔසී ඇතුළු පිරිසක් නැක්සලයිට් කුමන්ත්‍රණයක් සිදු කිරීමට උත්සාහ කළා කියන පදනම් විරහිත චෝදනාව යටතේ සිර ගත කරලායි ජනමත විචාරණය පැවැත්වූයේ. විපක්ෂ නායකයින් හිරේ දාලා, විපක්ෂය බෙලහීන කරලා බලහත්කාරයෙන් ඡන්ද පෙට්ටි පුරවලා තමයි ඒ ජනමත විචාරණය ජේ ආර් ජනාධිපතිතුමා දින්නේ.

තාත්තා කළ දේ පුතා නොකළොත් ඌ නොට්ටිගේ පුතා කියලා කතාවක් තිබෙනවා. ඒ වගේම “මාමා කළ දේ බෑනා නොකළොත් ඌ නොට්ටිගේ බෑනා ” කියලා කතාවක් මම නම් අහලා නෑ. නමුත් අගමැති රනිල් යන්නේ ජනපති ජේ ආර්ගේ අඩි පාරේ බව නම් පැහැදිලියි. සිංහල – මුස්ලිම් ගැටුමක් නිර්මාණය කරලා එහි වරද ඒකාබද්ධ විපක්ෂය මත පටවලා නායකයින් සිර ගත කිරීමේ සැලැස්මක් තිබෙන බවට අපට තොරතුරු තිබෙනවා. අපව සිර ගත කළත් අපේ සටන සිර කරන්න බෑ කියන පණිවිඩය අපි ආණ්ඩුවට ලබා දෙනවා.

ජනපති මහින්දට කඩුවෙන් කෙටූ වඳුරා කවුද?

මා මගේ කතාවේදී ජනපතිතුමන්ට පුංචි අනතුරු ඇගවීමක් කලාම ජනපතිතුමනි ඔබතුමන් ලග ඉන්න මෝඩ නිලධාරීන් හැසිරෙන්නේ හරියට රජතුමන්ගේ ඇගේ මැස්සෙක් වසා ඉදිද්දි එම මැස්සා මරන්න කඩුවෙන් කොටල රජතුමන් මරා දැමු මෝඩ වදුරා විදිහටයි කියල. පාර්ලිමේන්තුවේදී මම කතා කලාට පස්සේ කතා කල මගේ හිතවත් විජිතමුනිද සොයිසා ඇමතිතුමන් කියනවා මහින්ද රාජපක්ෂ ජනපතිතුමන් වටේත් මෝඩ වදුරන් හිටියා එහෙම හිටිය වදුරෙක් බේරුවල කලබල සිද්ධින් ඇති කලාය කියල.
අපි දන්නව එතුමන් ඒ මෝඩ වදුරා කියා අපහාස කල කෙනත් දැන් ඉන්නේ ආණ්ඩුවේ ඇමති මණ්ඩලයේමයි. බේරුවල සිද්ධියට වෙන අපි දන්න කෙනෙක් නම් සම්බන්ද වුනේ නෑ.

අපි සොයිස ඇමතිතුමන්ට කියනවා මහින්ද රාජපක්ෂ ජනපතිතුමන් ගාව මෝඩ වදුරන් හිටිය තමයි. මහින්ද ජනපතිතුමන්ගේ ඇගේ මැස්සෙක් වැහුවම මේ මෝඩ වදුරා කඩුවෙන් කෙටුව. කඩුවන් කෙටුවම රජතුමන්ට තුවාල වෙලා ලේ ගලනව . එසේ ලේ ගලනව සිහිසන් වෙනව දැක්ක විතරයි අප්පච් මලෝ කියාගෙන ඒ වදුර සතුරු පිලට එක් වුනා.
ඒ ගමන අපිට සිද්ධවුනා ලේ ගලමින් සිටිය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව සුවපත් කරගෙන යලි ජනතාව ඉදිරියට ගේන්න. එදා මහින්ද ජනපතිතුමන්ට කඩුවෙන් කෙටු වදුරෝ දැන් එතුමන් , නැතය දැන් එතුමන් ලග ඉන්නේ සිහි නුවනින් කටයුතු කරන පිරිසක්ය කියල අපි විජිතමුනිද සොයිසා ඇමතිතුමන්ට කියන්න කැමතියි.

Check Also

අකිල විරාජ් මේ හදන්නේ පන්සල් වහන්න- හාමුදුරුවෝ පුරාවස්තු පෙන්වලා දුෂණ,වංචා කරලා

දඹුලු ලෙන් විහාරය මධ්‍යම සංස්කෘතික අරමුද‍ලට පවරා ගනිමින් පන්සල් යැපිම සදහා ලැබෙන අදායම නැතිකර දැමිම ...