ආගමට,ජාතියට පරිභව කලොත් කුඩුවේ ..විශේෂ පොලිස්‌ ඒකකයක්‌ වහාම ක්‍රියාත්මකයි

0

ආගමික සහ ජාතික සංහිඳියාවට බාධා වන අන්දමේ වෛරී ප්‍රකාශ නිකුත් කරමින් මහජන කැළඹීම් ඇති කරන පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිස්‌ මූලස්‌ථානයේ විශේෂ පොලිස්‌ ඒකකයක්‌ ඊයේ (21 ) සිට ස්‌ථාපිත කර තිබේන බව පොලිස් මුලස්ථානය සදහන් කරනවා.

සංහිඳියාවට බාධා වන අයුරින් ප්‍රකාශයන් කිරිමට කටයුතු කරන ඔනෑම අයෙකු අත්අඩංගුවට ගැනිම් සදහා මෙම විශේෂ පොලිස්‌ ඒකකයක්‌ ස්‌ථාපිත කර ඇති අතර මෙවැනි ප්‍රකාශ නිකුත් කරමින් මහජන කැළඹීම් ඇති කරන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා නියෝජ්‍ය පොලිස්‌පතිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ පොලිස්‌ ඒකකය ඊයේ සිට සිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

ආගම්වලට ජාතීන්වලට අගෞරව කරන පරිභව කරන ආගම් මුල් කරගෙන මහජන කැළඹීම් ඇති කරන පුද්ගලයන් පිළිබඳව විමර්ශන පැවැත්වීම මේ වනවිට ආරම්භ කර ඇති බව ද එවැනි ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද පොලිස්‌ මූලස්‌ථානය පවසයි.

ආගම් සහ ජාතීන් අතර ගැටුම් ඇති කර ජාතිවාදී කලබල ඇති කිරීම සඳහා සංවිධානාත්මක කණ්‌ඩායම් උත්සාහ කරමින් සිටින බවට ලැබී ඇති තොරතුරු මත මෙම විශේෂ පොලිස්‌ ඒකකය පිහිටුවන බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.