Home / ව්‍යාපාරික / වසර 70කටත් අධික කාලයක් ජනතා විශ්වාසය දිනු USHA

වසර 70කටත් අධික කාලයක් ජනතා විශ්වාසය දිනු USHA

දශක ගණනාවක් පුරා ලාංකේය ජනතාව ඉතා හොඳින් හදුනන USHA වෙළද නාමය, ලංකීය හදවත් තුල විශ්වාසය හා ආදරය තහවුරු කරමින් අනාගතය කරා විජයග‍්‍රාහී ගමනක යෙදෙයි. USHA නාමය ඇසූ සැණින් බොහෝ දෙනෙකුගේ සිතට නැගෙන්නේ මහන මැෂින් සහ විදුලි පංකා වැනි එදිනෙදා ජීවිතයේදී නැතිවම බැරි උපකරණයි. මහන මැෂින් ගැන කියැවෙන ඕනෑම තැනකදී USHA නාමය නිතැතින්ම කියැවෙන්නේ ඹී්‍ය් නිෂ්පාදන සතු උසස්ම තත්වය හා කල් පැවැත්ම, පරම්පරා ගණනාවක් තිස්සේ තහවුරු වී ඇති බැවිනි.

USHA නාමය ශ‍්‍රී ලාංකේය ජනතාව හඳුනා ගත්තේ මීට වසර 70කටත් අධික කාලයක සිටයි. අති දැවැන්ත USHA වෙළ`ද සමාගම, ගෘහ විදුලි උපකරණ ක්‍ෂේත‍්‍රයේ සෑම ඉසව්වක්ම ස්පර්ශ කරමින්, නිවසේ එදිනෙදා අවශ්‍යතාවයන්ට සරිලන උසස්ම තත්වයේ ගෘහ විදුලි උපකරණ පෙළක් හ`දුන්වා දී ඇත. ගෘහණියන්ගේ පහසුව උදෙසා අති විශිෂ්ඨ USHA නිපැයුම් රැසක් ලොව පුරා අලෙවි කෙරේ. එ අතර ගෑස් කුකර්, ඩෙසට් කූලර්, මික්සර් ග‍්‍රයින්ඩර්, අයන් ආදී බොහෝ ගෘහ විදුලි උපකරණ දැකිය හැකියි. උසස් අනගි නිමාව සහ දිගුකල් පැවැත්ම සහතික කරමින්, මුළුතැන්ගෙය හැඩ ගන්වන, අලංකාර මාදිලි රැසක් හඳුන්වා දීම නිසා ඹී්‍ය් නාමය තව තවත් ජන හදවත් වලට සමීප වූ බව කාහටත් නොරහසකි. මේ සෑම උපකරණයක්ම නවීන තාක්ෂණයෙන් අනූන බැවින්, නව ලොවට සරිලන විශේෂාංග බොහෝමයක සුපිරි අත්දැකීම විඳගැනීමට USHA පාරිහෝගිකයන්ට හැකිවී ඇත.

මෙවන් දිගු අතීතයක් සහ සාර්ථක වර්තමානයකට හිමිකම් කියන ඹී්‍ය් වෙළද නාමය ලංකාව තුල බෙදාහරින්නේ වසර 60කට අධික කාලයක් තිස්සේ ගෘහ විදුලි උපකරණ අලෙවි ක්ෂේත‍්‍රයේ කීර්තිමත් නාමයක් වන ”නෙල්සන්ස් එන්ටර්ප‍්‍රයිසස්” ආයතනය විසිනි. ”නෙල්සන්ස් එන්ටර්ප‍්‍රයිසස්” යනු, ගෘහ විදුලි උපකරණ ලංකාවෙහි අලෙවිකළ ”මුල් කාලීනයන්” අතර, මුලින්ම කියැවෙන නාමයකි. ඹී්‍ය් නිෂ්පාදන ලංකාව තුල බෙදා හරින බලය ලත් අලෙවි නියෝජිතවන ”නෙල්සන්ස් එන්ටර්ප‍්‍රයිසස්” ආයතනයේ අනුබද්ධ ආයතනයක් වන KIR සමාගම, සිරිලක පුරා සෑම අස්සක් මුල්ලක් නෑරම ගෘහ විදුලි උපකරණ බෙදාහැරීමෙහි යෙදෙමින් සිටී. ණෂඍ සතු ශක්තිමත් වෙළඳ නියෝජිත ජාලය ලංකාව පුරා විහිදී පැතිරී පවතී. ජාත්‍යන්තර වෙළඳ නාමයක් වන USHA කීර්තිමත් නාමයත්, ”නෙල්සන්ස් එන්ටර්ප‍්‍රයිසස්” විසින් තහවුරු කරන ලද අචල විශ්වාසයත් සමග USHA නිෂ්පාදන ජනතාව අතරට රැගෙන යන, ලාංකේය වෙළෙඳ නියෝජිතවරුන් වාර්ෂිකව ඇගයීම KIR නෙල්සන්ස් එකමුතුව විසින් නිරන්තරව සිදු කරනු ලබයි. එම වාර්ෂික ඇගයීමේ උත්කර්ශවත් අවස්ථාව පසුගිය දා කොළඹ සිනමන් ලේක් සයිඞ් හෝටලයේදී පැවැත්වුනේ දිවයිනේ නන් දෙසින් පැමිණි ආරාධිත වෙළෙඳ නියෝජිත මහතුන් 250 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙනි.

USHA නාමය ගමින් ගමට, නගරයෙන් නගරයට, ජනතාව කරා ගෙන යමින්, ශ‍්‍රී ලාංකේය ජනතාව වෙත USHA නාමය සමීප කරවීමට විශාල මෙහෙයක් ඉටු කළ අළෙවි නියෝජිත මහතුන්ගෙන් එදින කොළඹ සිනමන් ලේක් සයිඞ් හෝටලය පිරී ඉතිරී යනු දක්නට ලැබුනි.

USHA ජාත්‍යන්තර සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී දිනේෂ් චබ්රා මහතා සහ “නෙල්සන්ස් එන්ටර්ප‍්‍රයිසස්” සභාපති කපිල රත්නසිරි මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඇරඹුණු “USHA ඞීලර් කන්වෙන්ෂන් 2016” නැටුම් ගැයුම් ඇතුළු විනෝදාංග රැසකින් විචිත‍්‍රවත් වුනා.USHA ජාත්‍යන්තර සමාගම වෙනුවෙන් USHA ශ‍්‍රී ලංකා ප‍්‍රධානී කේ පී අචුතන් මහතා KIR සමාගම නියෝජනය කරමින් එම සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන, රජීව් සූරියආරච්චි සහ අයිවන් පෙරේරා යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී වුනා. පළාත් අනුව USHA නිෂ්්පාදන වැඩිවයෙන්ම අලෙවිකළ වෙළඳ නියෝජිතයන් 10 දෙනෙක් බැගින්ද, මුළු ශ‍්‍රී ලංකාවේම USHA මහන මැෂින් අලෙවියේ ප‍්‍රථම ස්ථානය, ඹී්‍ය් ගෘහ විදුලි උපකරණ අලෙවියේ ප‍්‍රථම ස්ථානය සහ ඹී්‍ය් විදුලි පංකා අලෙවියේ ප‍්‍රථම ස්ථානයටද මෙහිදී විශේෂ ඇගයීම් සම්මාන පිරිනැමුනා.

USHA නිෂ්පාදන අලෙවියේ මුළු ශ‍්‍රී ලංකාවේම තෙවැනි ස්ථානයට පත්වූයේ මහනුවර දිස්ත‍්‍රික්කයේ වැරැල්ලගම ප‍්‍රදේශයේ ”ශා ඉන්වෙස්ට්මන්ට්” ආයතනයයි. එහි අධිපති ශාන්ත සෝමරත්න මහතා මෙහිදී සිය ආයතනය වෙනුවෙන් සම්මානය ලබා ගත්තා. USHAනිෂ්පාදන වැඩි වැඩියෙන් අලෙවිකරමින් පසුගිය වසරේ ශ‍්‍රී ලංකාවේම දෙවන ස්ථානයට පත්වූයේ යාපනය දිස්ත‍්‍රික්කයේ මනිපායි නගරයේ සුන්දර්සන් වෙළෙද ආයතනයයි. සුන්දර්සන් අධිපති සුන්දරම් සිවකුමාරන් මහතා සිය ආයතනයට හිමි සම්මානය ලබාගත්තා. USHA නිෂ්පාදන වැඩිම අලෙවියෙන් මුළු ශ‍්‍රී ලංකාවේම ප‍්‍රථම ස්ථානය ලබා ගත්තේ යාපනය දිස්ත‍්‍රික්කයේ යාපනය ප‍්‍රදේශයේ ජැෆ්නා ඉලෙක්ටි‍්‍රකල්ස් ආයතනයයි. එහි අධිපති මහේස්වරන් මුහුන්තන් මහතා, ඹී්‍ය් නිෂ්පාදන අලෙවියේ සිරිලක විශිෂ්ඨයා ලෙස ප‍්‍රථම ස්ථානයට හිමි සම්මානය ලබා ගත්තා.

ශ‍්‍රී ලංකාවේ ගෘහ විදුලි උපකරණ අලෙවියේ සුවිශේෂී මෙහෙවරක් ඉටුකල සුවිශේෂී පුද්ගලයෙක් සදහාද මෙහිදී ඇගයීම් සම්මානයක් පිරිනැමුනා. එම සම්මානය පිරිනැමුනේ සිරිලක පුරා විහිදුනු ශාඛා ජාලයකින් සමන්විත සීතා හෝල්ඩින්ග්ස් අධිපති ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්‍ද්‍ර මහතාටයි. මෙවැනි ඇගයීම් සම්මානයක් ශ‍්‍රී ලංකාවේදී පිරිනැමුනු ප‍්‍රථම අවස්ථාව ලෙස මෙම සම්මානය හැඳින්විය හැකියි.

USHA නිෂ්පාදන අලෙවිකරණයේ සුවිෂේශී අනගි මෙහෙවරක් ඉටු කළ ණෂඍ වෙළද අංශයේ වෙළද සම්බන්ධීකාරක වරුන් රැසකටද මෙහිදී ඇගයීම් සම්මාන පිරිනැමුනා. මෙම උත්කර්ෂවත් අවස්ථාවට සහභාගී වූවන් හට, USHA නවතම හඳුන්වාදීම්වන, ඩෙසට් කූලර් සහ මික්සර් ග‍්‍රයින්ඩර් මාදිලි රැසක් සමග ලංකාවේ අඩුවෙන්ම විදුලිය වැයවන ප‍්‍රමිති සහතිකය ලත් USHA Technix විදුලිපංකාද දැක බලා ගැනීමට හැකි වුනා. සංගීතය හා නර්තනය ඇතුළු විනෝදාංග රැසක ප‍්‍රීතිය සම`ග රාත‍්‍රී භෝජන සංග‍්‍රහයද ඉතා ඉහලින් පැවැත්වුනා. USHA නිෂ්පාදන අලෙවියේ පුරෝගාමිත්වය දැරූ සැමට, මෙම සුවිශේෂී සන්ධ්‍යාව අමතක නොවන දිනයක් වූ බවට නම් සැකයක් නැහැ.

1st-place 2nd-place 3rd-place special-award

Check Also

රුපියලට එඩ්‍රස් නෑ .. මස්තබාල්දුයි … රටම හතර ගාතෙන් වැටේ …

  2016 වසරේ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව සියයට 3.8 ක අවප්‍රමාණය වීමක් වාර්තා කළ ...

One comment