Home / Featured / මේ ආණ්ඩුවට හෙණ ගහන්න කියන්නේ නෑ …හැබැයි ගැහුවාට කමක් නෑ !

මේ ආණ්ඩුවට හෙණ ගහන්න කියන්නේ නෑ …හැබැයි ගැහුවාට කමක් නෑ !

2017 අයවැය ජනතාව අධික ලෙස පීඩාවට පත් කරන අයවැයක් බවත් එයට එරෙහිව දැවැන්ත අරගලයක් රට තුළ ගොඩ නගන බව , ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි .ඔහු මේ බව කියා සිටියේ , රාජ්‍ය කළමනාකරණ සහකාර සේවකයන්ගේ 17 වැනි සමුළුවට සහභාගි වෙමින්.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ කේ .ඩී ලාල් කාන්ත ,

අද අය වැය ගැන කතා නොකර වේදිකාවක කතා කරන්න බැහැ. ඊළඟට මහ බැංකුවේ මූල්‍ය හොරකම. වැට් එක යට ගියා. ඊළඟට වැටුප් වැඩි කිරීම ගැනත් සාකච්ඡාවක් තියනවා. අද වෙද්දී පළාත් පාලන මැතිවරණය කල් දාලා තියෙනවා. හැබැයි ප්‍රාදේශීය සභා, නගර සභාවල මන්ත්‍රිලා නැති වුණාට මේ වගේ වැඩ කටයුතු හොඳින් සිද්ධ වෙනවා. මන්ත්‍රිලා ඕනෙම නැහැ කියලා යෝජනාවක් දැම්මා නම් හොඳයි. මොකද මේ අයට වෙනම ගාණක් ආණ්ඩුවෙන් වැය කරන්න වෙනවනේ.

මේ පනවපු බදු ගත්තම භාණ්ඩ හා සේවා මත අලුත් බද්දක් ගහලා තියෙනවා. එම බද්ද සමඟ එක පවුලක් අලුතින් රුපියල් 3,866ක් රජයට ගෙවන්න ඕනෑ. ඡන්දෙට කලින් දුන්නු පොරොන්දු නෙමේනේ මේ පාලකයෝ කළේ. සෘජු බදු දැන් සියයට 20යි. වක්‍ර බදු සියයට 80යි. මේ අය-වැයේ ආදායම් වැඩි කිරීම ගැන කිසිම කතාවක් නෑ.මේක ආණ්ඩුවට අය වැයක් වුණාට ජනතාවට මේක වැය ලේඛනයක්. මොකද මේ රටේ රාජ්‍ය අංශයේත්, පෞද්ගලික අංශයේත් ස්ථිර වැටුපක් ගන්න අයට මේ අයවැය ලොකු පීඩනයක්.

අයුක්තියක්, අසාධාරණයක් වෙලා සාධාරණයක් වෙලා එන මිනිහාගෙන් ආණ්ඩුව අයුක්ති සහගත විදියට රුපියල් 25,000ක් අය කරන්න හදනවා. අද රටේ නීතිඥවරු, ‍දොස්තරවරු සැලකිය යුතු පිරිසක් මුදල් ප්‍රශ්නය එක්ක කිසිම චාරයක් මානුෂීයත්වයක් නැතිව වැඩ කරනවා.

එදා අවම වාහන දඩ ගාස්තුව තිබුණේ රුපියල් 20යි. ඒක එකපාරම රුපියල් 2,500 කෙරුවා. දඩ ගහන්න කලින් මේ රටේ මාර්ගවල, බස් හෝල්ට්වල තියන ප්‍රශ්න ගැටලු ගැන හොයලා බලන්න ඕනෑ. එහෙම සාධාරණයක් නැහැ. කහ ඉර පන්නලා බස් හෝල්ට්. මේ නගරවල වැටවල් ගහලා හරියට මිනිස්සු බල්ලෝ හරක් වගේ පනියි කියලා. මේ මිනිස්සුම විදේශ රටවල ගියාම හරි ලස්සනට යනවනේ. මෙතැන තියෙන්නේ නොතේරුම්කමේ වරදක් නෙමේ. ක්‍රමයේ වරදක්.

ඕනෑම දෙයකට දඩ, බදු ගැහිල්ලේ සාධාරණයක් තියෙන්න ඕනෑ, මත්පැන් ගැන කතා කළොත් ඒ මිනිසා බේබද්දෙක්. එහෙම නෙමේ. හැම භාණ්ඩයකටම යම් පිරිවැයක් තියනවා. මේ අයවැයෙන් ලංකාවේ හොරකම නැවත ගේනවා. ළිඳේ තියන බාල්දිය තියාගන්න බැහැ. පොල් ගහේ ගෙඩි ටික ආරක්‍ෂා කරගන්න බැහැ. මොකද ඒ තරම් දඩ සහ බදු ගැහිල්ල ඉතාම අධිකයි. මේ අය-වැය පාර්ලිමේන්තුවේ පරද්දන්න බැහැ. හැබැයි මොකක් හරි යුක්ති සහගත බලපෑමක් මේකට කරන්න පුළුවන්කම තියනවා. ඒ පිළිබඳව බලපෑම කරන්න පුළුවන් ස්ථිර ආදායම් ලබන කණ්ඩායමට පමණයි. අපි මේවා ගැන කොච්චර කිව්වත් තවම ජනතාවට මේක දැනිලා නැහැ ඔළුවට ගන්න පුළුවන් අවම ප්‍රමාණයක් අරන් තිබුණට.

ලංකාවේ ශක්තිමත්ම, සංවිධානාත්මකම අමද්‍යප ව්‍යාපාරයත් ජනතා විමුක්ති පෙරමුණ කියලා අපට කියන්න පුළුවන්. අමද්‍යප ව්‍යාපාරයේ නායකයා මෛත්‍රිපාල සිරිසේනලු. ඉතින් මත්පැන් මිල වැඩි කර කර ඉන්නේ ඔය හැම තැනම තියන බාර් ටික වහලා දැම්මා නම් ඉවරනේ. නිකම් ගත්ත සිම් එකට රුපියල් 200ක් අය කරනවා. හෙණ ගහන්න ඕනෑ කියලා කියන්න හොඳ නැහැ. හැබැයි ගහනවා නම් කමකුත් නැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට මාසෙකට ලක්‍ෂ 7ක් කුලියට වාහන ගන්න කැබිනට් පත්‍රයක් දාලා. ලැජ්ජා වෙන්න ඕනෑ මේ අය. මෙච්චර දඩ ගහලා බදු ගහලා ඒ අස්සෙම මේ යෝජනාවත් ගෙනාවට. අගමැතිත් දැන් ඕනෑ එකටයි, එපා එකටයි නැඟිටිනවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ට ජීවත්වෙන්න අමාරුයි කියලා පඩි වැඩි කරන්න කියනවා. ඒකත් අගමැති පිළිගත්තා.

අපි ස්වේච්ඡාවෙන් වැඩ කරන්නේ. මට ඕනෑ නම් බෙහෙත් ගන්න ‍දොස්තරට කියන්න පුළුවන් සල්ලි ඉල්ලන්න එපා කියලා. හැබැයි හොරකමට වඩා ඉල්ලන එක නම්බුයි. මතක තියාගන්න අපේ පාලනයක් යටතේ මන්ත්‍රිවරු ගන්න විශ්‍රාම වැටුප පවා අපි නවත්වනවා.

සමහර උද්ඝෝෂණවලදී ප්‍රශ්න ඉදිරිපත් කරද්දී ජනාධිපති ඒවා ගැන දන්නෙත් නැහැ. බබා වගේ. අත, පය නැති ඇස් පෙන්නෙ නැති කවුරු හරි උද්ඝෝෂණයකට ආවොත් පහර දෙන එක කැතයි. මම නම් ඒක අනුමත කරන්නෙ නැහැ.
කොහොමත් මේ අය-වැයේ ප්‍රතිලාභ පෙබරවාරි පහුවෙද්දී දැනෙන්න ගන්නවා. අපි මේ අය-වැය, බදු, දඩවලට එරෙහි විශාල අරගලයක් ලබන 6දා කොටුවේ දුම්රියපොළ ළඟ සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. වැඩි විස්තර කියන්නෙ නැහැ. මෙතැන බුද්ධි අංශ ඉන්නවා. එහෙම ඉන්න එකත් හොඳයි. මොකද මේ හැම රිපෝට් එකක්ම යනවනේ අනිත් අයට.

2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් රනිල්ට දිනන්නත් බැහැ. මහින්දට දිනන්නත් බැහැ. මෛත්‍රිට දිනන්නත් බැහැ. මේ තුන්ගොල්ලන්ටම ආණ්ඩුවක් හදන්නත් බැහැ. එතකොට තුන්ගොල්ලො එකතුවෙලා ආණ්ඩුවක් හදනවා. හොරු හොරුන්ට එරෙහිව කටයුතු කරන්නේ නැහැ. දෙගොල්ලක් එකතු වෙලා මෙහෙම නම් තුන්ගොල්ල එකතු වෙලා මොනවා කරයිද?

Check Also

අකිල විරාජ් මේ හදන්නේ පන්සල් වහන්න- හාමුදුරුවෝ පුරාවස්තු පෙන්වලා දුෂණ,වංචා කරලා

දඹුලු ලෙන් විහාරය මධ්‍යම සංස්කෘතික අරමුද‍ලට පවරා ගනිමින් පන්සල් යැපිම සදහා ලැබෙන අදායම නැතිකර දැමිම ...