Home / Featured / උතුරට දැන් හමුදාව වැඩක් නෑ …උතුර සන්සුන් !
sf_lankanewsalert_26_11_2016

උතුරට දැන් හමුදාව වැඩක් නෑ …උතුර සන්සුන් !


උතුරු පළාත තුළ හමුදාවට සිදු කිරීමට අද රාජකාරියක් නැති බව ,අමාත්‍ය ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි .ඔහු සදහන් කලේ ,නමුත්  උතුරින් හමුදාව ඉවත් කිරීම අනුමත කල නොහැකි බවයි .

හමුදාව රාජකාරි වලට යෙදවීම අද අවශ්‍ය නැති වුවත් හෙට අවශ්‍ය විය හැකි බව පෙන්වා දෙන සරත් ෆොන්සේකා වැඩිදුරටත් කියා සිටියේ හමුදාව උතුර -දකුණ නොබලා ස්ථානගත කිරීම අතිශයින් වැදගත් බවයි .

දැනට උතුරු -නැගෙනහිර තත්වය පාලනය කිරීමට ,පොලිසියට හැකියාව පවතින බවත් උතුරේ දැන් සාමය ස්ථාපිතවී , සාමාන්‍ය වතාවරණයක් ඒ පළාත තුළ පවතින බවයි ෆොන්සේකා අවධාරණය කලේ . මේ රටේ සෑම තැනකම හමුදාව රදවා තිබීම වැදගත් වන බැවින් කොයිම ප්‍රදේශයකින්වත් හමුදාව ඉවත් කල යුතු බවට කිසිවෙකුටත් , තර්ක ගෙන ඒමට හැකියාවක් නොමැති බවයි අමාත්‍යවරයා පැවසුවේ .

කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා .

උතුරට හමුදාව එපා පොලිසිය ප්‍රමාණවත් යැයි දෙමළ දේශපාලන පක්ෂ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කල අතර එයට පිළිතුරු ලබා දෙමින් සරත් ෆොන්සේකා මේ බව කියා සිටියා .

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

RAWEE_NEWSALERT_24_01_2016

කදුළු ගෑස්,කුළු පොළු නෑ…ග්ලෝබල් ස්ටාර් ලොජිස්ටික් සමාගමේ විරෝධතාවයට පෙට්‍රල් බෝම්බ අටවතී…අතහිත ඇමති රවීගෙන්

මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ පවුලට අයත් සීදුව ග්ලෝබල් ස්ටාර් ලොජිස්ටික් සමාගමේ සේවකයින් පිරිසක් අන්තරාදායක සේවකයින් ...

One comment