උතුරු පළාතේ බෞද්ධයන් ජීවත් නොවන ස්ථානවල බුදු පිළිම හෝ විහාරස්ථාන ඉදිකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව , උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි .වී විග්නේෂවරන් පවසයි . නෙත් නිවුස් හා එක් වෙමින් ඔහු මේ බව පවසා තිබෙනවා .
උතුරු පළාතේ ස්ථාන කිහිපයක යුද හමුදාවේ ද සහාය ඇතිව එවැනි විහාරස්ථාන ස්ථාපිත කර තිබෙන බවත් ඒවා එම ස්ථානවලට අවශ්‍ය නොමැති බව , මහ ඇමතිවරයා දිගින් දිගටම කියා සිටී .
උතුරේ බුදුපිළිම කඩා දානවා විනාශ කරනවා උතුරේ මහ ඇමතිවරයා විදියට ඇයි ඔබ නිහඩව ඉන්නේ ?
විනාශ කිරීම කවුරුත් තාම ආරම්භ කරලා නෑ . ඒවා හදන එක තාම කරගෙන යනවා . දැන් නාගදීපය ඇතුළේ මොණවා හරි කරනවා නම් ඒක වෙනම එකක් . බෞද්ධයෝ නැති තැන්වල බුදුපිළිම හදන්න හේතුව මොකක්ද ? ඒක අපිට කියන්න .මේ කවුරුත් නැති තැන්වල මේ ඉදිකිරීම් කරනවා . හමුදාවේ සහය ඇතිව කරනවා .ඉතින් මේවා බැලුවාම අපිට මොණවාද පේන්නේ ?
දැන් දැක්කනේ අර ගහගන්න වගේ කතා කරන අම්පිටියේ සුමන හාමුදුරුවෝ . එහෙම හැසිරෙන එක හොද නෑ .
උතුරේ ක්‍රියාත්මක වන “ආවා කල්ලිය ” සම්බන්ධයෙන්ද මෙහිදි ප්‍රධාන අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කලා .
එයට පිළිතුරු ලබා දෙමින් ප්‍රධාන අමාත්‍යවරයා සදහන් කලේ , හමුදාව විසින් හිතෙන හිතෙන විදියට මිනිස්සු අල්ලාගෙන ගොස් ඔවුන් “ආවා ” කල්ලියේ යැයි චෝදනා කරන බවයි . අධිකරණයෙන් කිසිදු තීන්දුවක් ලබා නොදී හමුදාවෙන් ඇල්ලු පමණින්ම ඒ අය මේ කල්ලියට සම්බන්ධ යැයි පිළිගැනීමට නොහැකි බවද ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා .
ඔබ දැන් කියන්නේ උතුර ශ්‍රි ලංකා සිතියමෙන් වෙන් කල යුතුයි කියලාද ?
මම එහෙම කියන්නේ නෑ .වැඩ ටික අපිට කර ගන්න දෙන්න . එහෙම කරන්න ඉඩ දුන්නොත් ප්‍රශ්න මුකුත් ඇති වෙන්නේ නෑ . ෆෙඩරල් ක්‍රමය අපිට ඕන . අපිට ඒක කර ගන්න ඉඩ දෙන්න .