Home / විශේෂාංග / “ආදරෙන් පැරදුණා කියලා අපිට ජීවිතෙන් පරදින්න බෑ” – සංවේදී හදවත් ස්පර්ශ කල ,සූදේශ් අත්තනායක
sudesh_lankanewsalert_26_11_2016

“ආදරෙන් පැරදුණා කියලා අපිට ජීවිතෙන් පරදින්න බෑ” – සංවේදී හදවත් ස්පර්ශ කල ,සූදේශ් අත්තනායක


“ආදරෙන් පැරදුණා කියලා අපිට ජීවිතෙන් පරදින්න බෑ නේ? හිමි දෙයක් නම් ලැබෙයි.මොක උණත් මගේ පැත්තෙන් ආදරේ පැරදිලා නෑ, මොකද මං තාම ආදරේ නිසා ” මේ නව පරපුරේ අපට හමුවූ තවත් පද රචකයෙක් .ඔහු නමින් සුදේශ් අත්තනායක .

සුදේශ් මේ වෙනකොට නම් ඉන්නේ මව් රටෙන් ගොඩාක් ඈත් වෙලා . නමුත් ඔහු සංගීත කලාව වෙනුවෙන් කරන නිර්මාණ වලට නම් තරුණ පිරිසගෙන් තියෙන්නේ ඉහළම ප්‍රතිචාර .සංවේදී හිත් තියන අපි හැමෝම කැමතියි ආදරය කරන්න . ඒත් ආදරය කියන්නේ හිමි කර ගැනීමමත් නෙමෙයිනේ .සමහර වෙලාවට අපි ආදරය කරන මිනිස්සු අපි නොහිතන වෙලාවල් වලදී අපිව දාලා යනවා . ඒ වුණාට සත්‍ය ආදරය නම් , ලොකේ කොහේ හිටියත් හදවතින් කවදාවත් මකලා දාන්න බෑ .ඒක තමයි යථාර්තය .ඉතින් මේ සුදේශ් කියන්නේත් ආදරයට ආදරයම කරපු කෙනෙක් . ඒ නිසාම වෙන්න ඇති අද වෙනකොට සූදේශ්ගේ ආදරණිය ගීත වලට මේ තරම්ම තරුණ පිරිස් ආදරය කරන්නේ .

ඉතින් ලංකා නිව්ස් ඇලට් අපි ඔහුගෙන් මේ ගැන විමසලා බැලුවා .

01) නව පරපුරේ ගීත රචකයෙක් හැටියට නූතන ගීත ගැන ඔබ මොකද හිතන්නේ ?

ඇත්තටම නූතන සංගීතය ඉතා දියුණු මට්ටමක පවතිනවා.ඒත් පොඩි ගැටළු කාරී දෙයක් තියෙන්නේ මේ පසුගිය වසර කීපය ඇතුලත ඒකාකාරී ගීත නිර්මාණය වීමයි.ඒ රසිකයාගේ ඉල්ලීමටත් වඩා ගීතය ගායකයන්ගේ ඉල්ලීමක් වැරදි ආකල්පයක්.මමත් ගොඩාක් උත්සාහ කරනවා මේ ඒකාකාරී බවෙන් එළියට ගිහින් නිර්මාණ කරන්න.අවසානයට කළ ගීත කීපයම ගොඩාක් වෙනස් ඒවා.

02) ඔබගේ පද රචනා වලට ලැබෙන ප්‍රතිචාර කොහොමද ?

ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.facebook හරහා කතාකරලා ගොඩක් අය මගේ නිර්මාණ අගය කරනවා.විශේෂයෙන් කියන්න ඕන ඒ අය තමයි මගේ ධනය.ඒ අය මට ලොකු ශක්තියක්.

03) මේ වෙනකොට ඔබ කර ඇති නිර්මාණ මොණවාද ?

මේ වනකොට නිර්මාණ ගොඩක් කරලා තියනවා.මගෙ නෙතේ ශෙහාන් ගේ සංගීතය අරෝශ් ජයකොඩි කළා, මල්වාරමේ කළා පවන් සංගීතය කලේ සක්ඛ දිනෙත්, උණුහුම ශෙහාන් එක්ක ඈන් ගෙ,ඔය නෙතේ දමිඳුගෙ ,ඇස් නොකී කතා , රම්පගහේ විරාජ්ගෙ,සල්ලි ගහ හසිතගෙ,ලයින් එක නුවන්ගෙ කියන ගීත ශෙනාල් මද්දුමගේ සංගීතය කළා,පියන් හරිනවද ඉශාරගෙ, හිත් දෙකක් පුරා ගීත පවන් සංගීතවත් කළා.. තව ගීත කීපයක්ම තියනවා නම් නොකියවුණු.

04) ඇයි මේ විරහව ගැනම ගීත ලියන්නේ ?

එහෙම්ම කියන්නත් බෑ.. සෑම ගීතයක්ම ලියනවා.උණුහුම ආදර ගීතයක්,ඇස් නොකී කතා අම්ම සහ දුවගේ ආදරය ගැන. අවසාන ගීත කීපයමත් වෙනස් මාතෘකා වලින් නිර්මාණය වෙලා තියෙන්නේ.ඒත් ආදරය කියන දේ තුල විරහව තියනවා.ගොඩදෙනෙක් විරහව අත් විඳල තියනවා,අත් විඳිමින් ඉන්නවා.ඒ කියන්නේ විරහව ගොඩක් අයට සමීපයි කියලා හිතනවා.ඒ තැනදි හිත් ගොඩක් සංවේදී.විරහ ගීත ඉක්මනින් රසිකයා වැළඳගන්නවා ඒ නිසා.

05) ඔබ ආදරයෙන් පැරදුණ කෙනෙක් නේද ?

ආදරේදි පැරදුණාද , රැවටුනාද කියලා මමත් තාම හිතනවා.අනික තමං ආදරේ කරන කෙනෙක් එක්ක ජීවිතකාලෙම ඉන්නත් ආදරේ ලබන්නත් වාසනාවක් කරලා තියෙන්න ඕන.ඒත් ආදරෙන් පැරදුණා කියලා අපිට ජීවිතෙන් පරදින්න බෑ නේ? හිමි දෙයක් නම් ලැබෙයි.මොක උණත් මගේ පැත්තෙන් ආදරේ පැරදිලා නෑ, මොකද මං තාම ආදරේ නිසා.

06) ඔබගේ ජිවීත අත්දැකීම් නේද මේ පද වලින් එළියට එන්නේ ?

නැහැ කියන්නත් බෑ.හැබැයි හැම නිර්මාණයක් එහෙමයි කියන්නත් බෑ.නිර්මාණයකදි අපි ඒ නිර්මාණයේ ජීවත්වෙන තරමට,අපේ ජීවිතේට අදාල කරගන්නා තරමට ඒ නිර්මාණය සාර්ථක වෙනවා.ඔය කියනවා වගේම තවත් ගීතයක් ළඟදීම අහන්න පුලුවන්.

07) ඔබට වඩාත්ම සමීප ,නැත්තම් ඔබ කැමති ඔබගේ මොණ නිර්මාණයටද ?

මං මගේ ගීත නිර්මාණ හැම එකකටම ගොඩක් කැමති, ගොඩක් ආදරෙයි.අනික මං ගීතයක් ලියද්දි උණත් මට සෑහීමකට පත්වෙනකම් ලියනවා, සමහර ගීත දෙතුන් පාර ලියල තියනවා.ඒ අතරින් මම ගොඩක් ආසයි “හිත් දෙකක් පුරා” ගීතයට.

08) මොකක්ද හේතුව ?

හේතුව ඒ වචන වලටම ගැලපෙන්න හොඳින් පවන් සංගීතය එක්කරලා තියනවා,ඒ වගේම ඔහු හිත වලට කාවදින විදියට ගායනා කරනවා.සමහරවිට ඉදිරි කාල සීමාවක මගේ ජීවිතයට අදාලවෙයි කියල දන්නවා.

09) අතීතය ගැන කතා කලොත් ? ඔබට මේ ගමන එන්න උදව් කලේ කවුද ?

මුලින්ම මත්ක්කරන්න ඕන මගෙ අම්ම, තාත්තා ඒ වගේම මගෙ අක්කත් මේ ගමනට උදව් කළා.මං ඉගෙනගත්ත මාතර රාහුල විදුහල නිසා මට මේ දැණුම හැකියාව ලැබුණා.ක්ෂේත්‍රයේදී මගේ හොඳම මිතුරන් දෙදෙනා ශෙනාල් මද්දුමගේ (Funky Dirty සංගීත කණ්ඩායමේ ) , පවන් ද සිල්වා නොහිටින්න මං ගැන කවුරුත් නොදැනගන්න තිබුණා.ට්‍රිශාන් බදුගේ , ශෙහාන් අංජුක, මට ගොඩාක් උදව් කළා.වචනෙකින් හරි උදව් කල ගොඩාක් අය ඉන්නවා.ඒ වගේම මගේ ගීත අහන රසිකයිනුත් මතක්කරන්න ඕන.

10) ඉදිරි බලාපොරොත්තු මොණවාද ?

ඉදිරියේදී මගේ නිර්මාණ කීපයක්ම නිකුත් වෙන්න තියනවා..ගීත කීපයකම වීඩියෝ රූපගත කිරීම් ඉවරවෙලා තියනවා.ලඟදීම බලාගන්නට පුලුවන්.ඒ වගේම ළඟදීම ලංකාවට එන්නත් බලාපොරොත්තුවක් තියනවා.තව තව වෙනස් ආකාරයේ හොඳම නිර්මාණ කිරීමට තමයි බලාපොරොත්තුව

 

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

sinhala_newsalert_women

නිල් පාට අහසක් පුරා ඈය එකපාර තරුවක් කළා….

ඔබ…ඔබේ පෙම්වතිය සමග තරහා වුනාද?….දහසක් නරක සිතුවිලිවලින් ඔබේ මනස අවුල් වි ඇද්ද…..මොහොතක් සිතන්න…..  ඇතැම් නරක ...

One comment