Home / Featured / “ගැමුණු අමු පිස්සා …ඔය මිනිහා ඉන්නකම් මේ රටත් ව්‍යාපාරයටත් පැවැත්මක් නෑ ” බස් සංගමක් එකට එක් වෙයි ! රජයට පැය ගාණක් දෙයි …නැතොත් හෙට රට පූරාම බස් ,දුම්රිය ,ත්‍රිරෝද රථ මහා වැඩවර්ජනය ස්ථිරයි !

“ගැමුණු අමු පිස්සා …ඔය මිනිහා ඉන්නකම් මේ රටත් ව්‍යාපාරයටත් පැවැත්මක් නෑ ” බස් සංගමක් එකට එක් වෙයි ! රජයට පැය ගාණක් දෙයි …නැතොත් හෙට රට පූරාම බස් ,දුම්රිය ,ත්‍රිරෝද රථ මහා වැඩවර්ජනය ස්ථිරයි !

( 01) දා මධ්‍යම රාත්‍රියේ සිට දීපව්‍යාප්ත පෞද්ගලික බස්‌ වර්ජනය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බව අන්තර් පළාත් පෞද්ගලික බස්‌ සංගමයේ සභාපති සරත් විජිත කුමාර පවසයි .ඔහු සදහන් කලේ , වාහන වැරදි සම්බන්ධයෙන් පැනවූ රුපියල් 25,000 ක දඩ මුදලට එරෙහිව ක්‍රියාත්මක කරන මෙම වැඩවර්ජනයට ගැමුණු , විජේරත්නගේ බස්‌ සංගමය හැර අනෙක්‌ බස්‌ සංගම් ද ත්‍රිරෝද රථ හා පාසල් වෑන් රථ සංගම් ද සහාය දක්‌වන බවයි .

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ , බස් එකක් දෙකක් තියා ගෙන ගැමුණු රටේම තියන බොරු කියා 2500 ට විරුද්ධව ඇතුළට ගොස් 25,000 ක් ගෙන එළියට පැමිණි බවයි .

“මේ මිනිහා මේ ව්‍යාපාරයේ ඉන්නකම් රටටත් හරියන්නේ නෑ . මේ ව්‍යාපාරයත් විනාශ වෙනවා . හෙට (01) මධ්‍යම රාත්‍රියේ සිට අපි මේ වැඩ වර්ජනය කරන එක කරනවාමයි . මේකට විසදුමක් දූන්නේ නැත්තම් .

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් , ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ,ගැමුණු විජේරත්න නම් කියා සිටියේ , මේ දඩ ප්‍රශ්නය රජය විසින්ම නිර්මාණය කර ඇති බවයි . තමන්ට අමාත්‍ය විජේදාස රාජපක්ෂ දුරකථන ඇමතුම් ලබා දෙමින් මේ සම්බන්ධයෙන් පැවසූ බවත් රජය විසින් අපව නොමග යැවීමට මේ තීරණය ගෙන ඇති බවත් මේ මොහොතේ කලබල විය යුතු නැති බවද ගැමුණු විජේරත්න සදහන් කලා.

මේ අතර සංගම් කිහිපයක්‌ විසින් හෙට ක්‍රියාත්මක කිරීමට යන පෞද්ගලික බස්‌ වර්ජනය සඳහා සහාය ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳව අද (30 දා) සවස තීරණය කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා. වාහන වැරදි සඳහා වන දඩය මෙවර අයවැයෙන් ශත පහකින්වත් වැඩි කළේ නැතැයි රජය ප්‍රකාශ කළ යුතු බවත් දඩ මුදල් ඉහළ දැමීමට රජයට කිසිදු නෛතික පදනමක්‌ නැති බවත් ඔහු පැවසුවා .

මේ අතර දුම්රිය සේවා සාමුහික සමිති සන්ධානයද ඉල්ලීම් 04 ක් මුල් කර ගනිමින් , (01) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි . විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම , අවිධිමත් පත් වීම ඇතුළු කාරණා කිහිපයකටම විරෝධය පා මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතයි .

එසේම ,සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමයද පැවසූවේ ,මේ දඩ මුදල් වැඩි වීම නිසි ආකාරයකට ක්‍රියාත්මක වීමක් සිදු නොවුණොත් තම සංගමයද වෘත්තිය ක්‍රියා මාර්ග ගැනීමට පැකිලෙන්නේ නැති බවයි . මෙයට වගකිව යුතු අමාත්‍යවරු අද දිනයේදී රජයේ ස්ථාවරය පැහැදිලි කල යුතු බවත් මේ අසාධාරණ දඩ මුදල හකුළා නොගතහොත් හෙට වැඩ වර්ජනයට ත්‍රි රෝද රථ සංගමයද එක් වන බව එම සංගමය වැඩිදුරටත් පැවසුවා .

මෙම වැඩවර්ජනය සදහා අන්තර් පළාත් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය , ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්ත කරුවන්ගේ සමිතිය එක් වීමට නියමිතයි .

මේ ගෙවී යන්නේ තීරණාත්මක හෝරා කිහිපයක් බැවින් රු .25,000 ක දඩය , හකුළා ගත යුතු බවත් ඒ බව රජය කෙසේ හෝ රටට ප්‍රකාශ කල යුතු බවත් නැතිනම් මේ වැඩ වර්ජනය අඛණ්ඩ ලෙස සිදු කරන බවයි එම සංගම් දිගින් දිගටම කියා සිටියේ .

Check Also

ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් වෙයි….ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රීයේ!…තෙල් බෙදාහැරීම ගුවන් හමුදාව අතට

ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපති ලේකම්වරයා ...