Home / සංවාද / ඉදපු උනුත් එකයි …ඉන්න උනුත් එකයි …සටන අත්නොහරින බවට කුමාර් ගුණරත්නම්ගෙන් පොරොන්දුවක්!

ඉදපු උනුත් එකයි …ඉන්න උනුත් එකයි …සටන අත්නොහරින බවට කුමාර් ගුණරත්නම්ගෙන් පොරොන්දුවක්!

“අවුරුද්දකුත් මාසෙකට පස්සෙ ආපහු සාමාන්‍ය ජනයා සමග දේශපාලන කටයුතු කරන්න අවස්ථාව ලැබුණා කියලා හිතනවා. නමුත් තවමත් මගේ දේශපාලන අයිතිය හා පුරවැසිභාවය පිළිබද ප්‍රශ්නයට විසදුමක් නෑ. වාර්තා වෙලා තියෙන තොරතුරු අනුව කෙටි කාලයකට තාවකාලික වීසා බලපත්‍රයක් දීලා තියෙනවා. ඒ අනුව තමයි පුරවැසිභාවය වෙනුවෙන් වැඩකටයුතු කරන්න වෙන්නෙ.පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහෝදර සහෝදරියො, අනෙකුත් වාමාංශික පක්ෂ සහ පුද්ගලයන්, ප්‍රගතිශීලීන්, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද මගේ දේශපාලන අයිතිවාසිකම් වෙනුවෙන් විශේෂයෙන් ඒ වෙනුවෙන් අරගලය තුළ කැපවීමෙන් කටයුතු කළා, අරගලයේ නිරතවුණා. එහි යම් ප්‍රතිපලයක් ලබාගන්න පුලුවන් වෙයි. මගේ පුරවැසිභාවය පිළිබද ප්‍රශ්නය පොදුවෙ රටේ පුරවැසිභාවය පිළිබද ප්‍රශ්නයේම පැතිකඩක් හැටියටයි මා හිතන්නේ. ඒ නිසා මේක රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දිනාගැනීමේ අරගලයට මා ඉදිරියේදී දායකත්වය සැපයීම මේ අරගලයේ දිගුවක් ලෙස මා හිතනවා” යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් පවසයි .

ඊයේ (02) ඔහු තම සිරදඬුවම් කාලය නිමා කොට අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස්වූවා .

පහත දැක්වෙන්නේ එහිදි මාධ්‍යවේදීන් ඔහුගෙන් ඉදිරි ගමන් මාර්ගය සහ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ප්‍රශ්න කලා .

kumara-gunarathnam
මා අත්අඩංගුවට ගත් දිනයේ සිට රටේ විවිධ ස්ථානවල සිර අරගල කරමින්, උද්ඝෝෂනය කරමින් මගේ අයිතිවාසිකම් හා දේශපාලන නිදහස වෙනුවෙන් සමාජ මතයක් ගොඩනගන්න අවශ්‍ය හඩ නැගීමක් අරගලයක් සිදුවුණා. මා අධිකරණයෙන් දුන් දඩුවම ගෙවලා තමයි මේ එලියට ආවෙ. නමුත් දේශපාලන අයිතිය ලබාගැනීමේ අරගලයේ යම් සාධනීය ප්‍රතිඵලයක් ලබනවා නම් ඒක වෙන්නෙ රටේ ප්‍රගතිශීලීන් වාමාංශික පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ලැදි අනෙකුත් ක්‍රියාකාරින් එක්ට දැක්වූ දායකත්වය නිසයි. ඔවුන්ගේ උත්සාහයේ හා කැපවීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

පාර්ලිමේන්තුවෙදි ඇමැතිවරයා කිව්වෙ ඉල්ලීම් කළොත් පුරවැසිභාවය දෙන්න පුලුවන් කියලා.?

ඉල්ලීම් ගණනාවක් අප භාරදීලා තියෙනවා. මා ලංකාවට ආවෙ 2015 ජනවාරි 1 වැනිදා. එදා සිට මා ඉල්ලීම් ඉදිරිපත් කළා. අත්අඩංගුවට ගන්න කළින්ම අයදුම් පත්‍ර කීපයක්ම ඉදිරිපත් කළා. ප්‍රශ්නෙ තියෙන්නෙ මෙතෙක් ඒ අයදුම් පත්‍ර භාරගන්න තත්වයක්වත් තිබුනෙ නෑ. ඒ නිසා විධිමත් ඉල්ලීමක් ඉදිරිපත් කිරීම කියන එක එක්තරා ආකාරයකට හාස්‍යයට කාරනයක්. එවැනි අයදුම් කිරීම් ගණනාවක් අප දැනටමත් භාරදීලා තියෙනවා. ඒ ඉල්ලීම් භාරගන්නෙවත් නැතුව ඔවුන්ගෙ විවිධ දේශපාලන අරමුණු නිසා අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු කළා. නැවත ඉල්ලීමක් කරන්න කියලා කියනවා නම් ප්‍රශ්නයක් නෑ අයදුම්පත්‍රයක් දෙන්න පුලුවන්.

විශ්වාසයක් තියෙනවද පුරවැසිභාවය ලැබෙයි කියලා.kumara

අපට හැමවෙලාවෙම විශ්වාසය තියෙන්නෙ අපේ අරගලය ගැන, පාක්ෂිකයන්ගෙ ධෛර්ය ගැන. ඉතිහාසයෙදි වගේම මේ වෙලාවෙත් අපේ විශ්වාසය තියෙන්නෙ අපේ පාක්ෂිකයන් හා අරගලය ගැනයි ඒ වගේම රටේ වාමාංශික, ප්‍රගතිශීලින් හා ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවල කැපවීම පිළිබද විශ්වාසය තමයි අපට තියෙන්නෙ. ඒ විශ්වාසය තමයි අපට ඉදිරියේ සිදුවන දේ ගැන ජයග්‍රාහීව හිතන්න පොළඹවන්නේ.

නමුත් වර්තමාන ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කුමන පියවරක් ගනීද කියලා අපට විශ්වාසයක් නෑ. විශේෂයෙන් පැවති ආණ්ඩුවත් දැන් පවතින ආණ්ඩුවත් ඒ නායකයනුත් තම තමන්න් න්‍යායපත්‍රය අනුව වැඩ කරනවා මිස රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන හෝ දේශපාලන ක්‍රියාකාරිකයෙකුගේ අයිතිය රැකීම ගැන ඔවුන් තීරණ න්නෙ නෑ. ඔවුන් තමන්ගෙ දේශපාලන බලය වෙනුවෙන් වූ නයාය පත්‍රයකට අනුවයි තීරණ ගන්නෙ. ඒ නිසා අපේ විශ්වාසය තියෙන්නෙ අපේ අරගලය ගැනයි.

දිගටම දේශපාලනයෙ යෙදන්න අදහසක් තිබෙනවද?

මගේ දේශපාලන ක්‍රියාකාරත්වය ගැන ගැටලුවක් කවදාවත් තිබුනේ නෑ. ලංකාවෙද ඉන්නෙ විදේශගතවද ඉන්නෙ කියන එක දේශපාලන ක්‍රියාකාරිත්වයට ප්‍රශ්නයක් නෙවෙයි. හිරගතව ඉන්න එකත් ප්‍රශ්නයක් වුණේ නෑ. මොකද හිරගතව ඉන්න එකත් සාමාන්‍ය ජනතාවගේම කොටසක් බන්ධනාගාරයේ රැකියාවල නියුතු වෙනවා. ඒ වගේම සාමාන්‍ය ජනතාවගෙ කොටසක් සිරගතව ඉන්නවා. ඒ නිසා ඔවුන් එක්ක හෝ පක්ෂයත් එක්ක දේශපාලනය කරන එක කවදාවත් ප්‍රශ්නයක් වුනේ නෑ. ඉදිරියේදී ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සමාජවාදය වෙනුවෙන් පක්ෂය හා සමස්ත ජනතාව සමග ඒ අරගලයෙ දිගටම නියුක්ත වෙනවා.

ඔබ ද්විත්ව පුරවැසිභාවයද බලාපොරොත්තු වෙන්නෙ?

පැහැදිලිවම අපි මුලසිට කිව්වෙ රටේ පාරම්පරික පුරවැසිභාවය පිලිබද අයිතිය ඕන කියලා. පාරම්පරික පුරවැසිභාවය පිලිගැනීමේ වගකීම තියෙන්නෙ ආණ්ඩුවටයි. අපි ද්විත්ව පුරවැසිභාවය පිළිබද ඉල්ලීමක් කොයි වෙලාවකවත් ඉදිරිපත්කළෙත් නෑ. නමුත් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය අහෝසි කරන්න ලංකාවෙ පුරවැසිභාවය පිළිගත යුතුයි. පොදු තත්වය රටක් නැති පුද්ගලයෙක් ඉන්න බෑ. ඒ නිසා අපේ අවශ්‍යතාව තමයි පුරවැසි අයිතිය ලබාදන එක. ඉන්පසුව ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය අහෝසි කරලා මෙගේ දේශපාලන කටයුතු කරගෙන යන්න පුලුවන්.

kuma

Check Also

මේ ආණ්ඩුව වැඩි කාලයක් දුවන්නේ නෑ….මහින්ද ආයෙත් ගෙන ආ යුතුයි

මේ ආණ්ඩුව ඉබා ගාතේ යනවා .ඇමතිවරුන් තවමත් වැඩ කරන්නේ නෑ .මේ ආණ්ඩුව වැඩි කාලයක් දුවන්නේ ...