සැමියාගේ ප්‍රේමය දැන ගත් බිරිඳ රෝහලේ

0

ප‍්‍රංශ ජනාධිපති ෆ‍්‍රන්සුවා ඕලන්ද් සහ ප‍්‍රංශ නිලියක් වන ජුලි ගයෙත් අතර පේ‍්‍රම සම්බන්ධය ප‍්‍රසිද්ධ වීමත් සමඟ ජනාධිපතිගේ බිරිඳ වැලරි ටි‍්‍රන්විලර් හදිසියේම රෝහල් ගත කර තිබෙන බව ප‍්‍රංශ මාධ්‍ය වාර්තා කරයි.

එම මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කලේ ජනාධිපතිවරයාගේ ප‍්‍රසිද්ධ වු පේ‍්‍රම සම්බන්ධයෙන් පිළිබඳ ඇය සිත් තැවුලෙන් සිටි බවයි.

කෙසේ වෙතත් පේ‍්‍රම සම්බන්ධය ප‍්‍රසිද්ධ කළ ප‍්‍රංශ ඕපාදුප සඟරාවක් වන ක්ලෝසර් ට ජනාධිපති ඕලන්ද පවසා තිබෙන්නේ තම පෞද්ගලික ජිවිතයට බාධා කිරීම සම්බන්ධයෙන් එම සඟරාවට එරෙහිව නඩු මඟට යොමු වන බවයි.