Home / Featured / උපාසක බළලා…ස්ත්‍රි දූෂකයා…අගමැති රනිල් මන්ත්‍රිවරුන් අමතයි…පාර්ලිමේන්තුව එකම කලබලෑනියක් !

උපාසක බළලා…ස්ත්‍රි දූෂකයා…අගමැති රනිල් මන්ත්‍රිවරුන් අමතයි…පාර්ලිමේන්තුව එකම කලබලෑනියක් !

කාන්තාවෝ සියයක් දුෂණය කළ, කාන්තාව දුෂණය කර පිරිමියා මරා දැමූ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වටරවුමට ඇවිත් පාර්ලිමේන්තුව වටලන බව කීම උද්ඝෝෂණයක් නොව තර්ජනයක් බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.ඊයේ (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

පසුගියදා පාර්ලිමේන්තු වටරවූමේදී විරෝධතාවයේ නියැළුනු , පිරිසට  කදුළු ,ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරනු ලැබූවා. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළදී විවාදයක් ඇතිවූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කලා .

“මට මුලින්ම ආරංචි වුණේ පාර්ලිමේන්තු මාර්ගයේ තීරුවක් වැහුවා කියලායි. මෙතනට ආව අය ප්‍රකාශ කළා පාර්ලිමේන්තුව වටලනවා කියලා. මේ අර විශ්වවිද්‍යාලයේ අන්තරයේ ඉන්න කොල්ලෝ නොවෙයි. මෙතන හිටියේ ප්‍රදේශීය සභා, නගර සභාවල හිටපු හරියට හොරකම් කරපු මිනිස්සු. එයාලා ඒක කිව්වාම එය උද්ඝෝෂණයක් නොවෙයි තර්ජනයක්. එතන මන්ත්‍රීවරයෙක් හිටියා නම් ඔහුත් ඊට හවුල් වෙනවා. මන්ත්‍රීවරු කියන දේ නොවෙයි අපි මාධ්‍යයෙන් දැක්කේ. උපාසක අම්මලා උපාසක මහත්තුරුන්ට ගහපු විදියට තමයි කියන්නේ නමුත් අපි දැක්කේ උපාසක බළල්ලු වගෙයි.”

අගමැතිවරයාගේ මේ ප්‍රකාශය සමගින් පාර්ලිමේන්තුව තුළ දැඩි උණුසුම්කාරි තත්වයක් ඇති වූණා .ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගෙන් මේ සදහා එල්ල වූයේ දැඩි විරෝධයක්.

වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ ,

“මෙතන හිටපු එක් කෙනෙක් කාන්තාවෝ 100ක් දූෂණය කරපු කෙනෙක්. තව එක්කෙනෙක් තංගල්‍ලේදී කාන්තාව දූෂණය කරලා මිනිහව මරපු කෙනා. ඉතින් මේ අය දැක්කාම අපිත් බය වුණා. පාර වහලා තිබුණ නිසා අපිත් බය වුණා. ටයර් පුච්චලා වහනවලට ගහපු අයනේ හිටියේ.

රාජ්‍ය ඇමති සුජිව සේනසිංහ ,

දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන කියන්නේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු. ඔවුන් අපට ආදර්ශයක් දෙන්න ඕනේ. අපි මන්ත්‍රී වරප්‍රසාද වගේම මහජන අයිතියත් රකින්න ඕනේ. මාවත් නවත්ත ගත්තා. මෙතුමන්ලාගේ ගෝලබාලයන් පිරිසක් තමයි මේක කළේ. ටී මේකර්ස්ලා ලෝ මේකර්ස්ලා වුණාම ‍පොලීසියටත් හඳුනාගන්න බැරිව යනවා කව්ද ලෝ මේකර් කව්ද ටී මේකර් කියලා.
කථානායක – ‍පොලීසිය පැත්ත තමයි ‍පොලීසිය කිව්වේ. එක්කෙනෙක් දෙන්නෙක් එවන්න පුළුවන් කිව්වා.

2000ක් පැමිණෙනවා කියන්නේ එතන ගැටලුවක් තියෙනවා. එතනදී ‍පොලීසියට තීන්දුවක් ගන්න වෙනවා.

Check Also

නීතිපතිවරයා ඒකීය බව රැක්කාද?නීතිපති කටයුතු කළ යුත්තේ ඒ 77 සහ 154 (ව) ව්‍යවස්ථා සීමාවන් තුළ සිටිමින් මිස වෙනත් බලපෑම් මත නොවේ

පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයා 77  ව්‍යවස්ථාව අනුව නිවැරදිව ...

One comment