Home / Featured / දිනමිණ පුවත පචයක් බව තවදුරටත් තහවුරුයි …පොදු ජන පෙරමුණෙන් නිවේදනයක් !

දිනමිණ පුවත පචයක් බව තවදුරටත් තහවුරුයි …පොදු ජන පෙරමුණෙන් නිවේදනයක් !

ඒකාබද්ධ විපක්ෂය දෙදරයි – බැසිල්ට මන්ත‍්‍රී විරෝධය යන සිරස්තලය යටතේ අද (06) දිනමිණ පුවත්පත පළකර තිබූ වාර්ථාව මුළුමනින්ම අසත්‍යයක් බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනය කරනවා .

ඒකාබද්ධ විපක්ෂය දෙදරයි, යන ප‍්‍රවෘත්තිය මුළුමනින්ම අසත්‍යයක්

ඒකාබද්ධ විපක්ෂය දෙදරයි -බැසිල්ට මන්ත‍්‍රී විරෝධය යන සිරස්තලය යටතේ අද (2016.12.06) දිනමිණ පුවත්පත පළකර තිබූ වාර්ථාව මුළුමනින්ම අසත්‍යයක් බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි.

පසුගිය 4 වන දා බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි කාර්යාලයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැති ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් රැස්වීමේදී නව පක්ෂයේ කටයුතු සහ බැසිල් රාජපක්ෂ මහතාගේ ක‍්‍රියාකලාපය විෙවීචනයට ලක් වූ බවත් එම කරුණු සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණිමට නොහැකිවීමෙන් ඒකාබද්ධ විපක්ෂය දෙකඩ වූ බවත් අද දිනමිණ ප‍්‍රධාන සිරස්තලය යටතේ වාර්තා කර තිබුණි.

නමුත් අවම වශයෙන් පසුගිය 4 වන දා නෙළුම් මාවත කාර්යාලයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම් රැුස්වීමක් පැවැත් වූයේවත් නැත. දිනමිණ වාර්තාවේ සදහන් වු ආකාරයේ හෝ වෙනයම් ආකාරයක හෝ කිසිදු ගැටුමක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධයෙන් හෝ බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයට නැත. ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතාගේ අත්සනින් නිකුත් කර ඇති විශේෂ නිවේදනයෙන්ද මෙම පුවත්පත් වාර්තාව ප‍්‍රතික්ෂේප කිරීම තුලින් සැබෑ තත්වය පහසුවෙන් වටහා ගත හැක.

දැවැන්ත ජනතා බලෙවේගයක ඉල්ලීම පරිදි සහ ජන අරගලයක ප‍්‍රතිඵලයක් ලෙස බිහි වු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි විජයග‍්‍රාහී දේශපාලන ගමන ආණ්ඩුවේ බොරු ප‍්‍රවෘත්ති මගින් නතර කළ නොහැකි බවද අපි අවධාරණය කරන්නෙමු.එකී නිර්ලජ්ජිත නිශ්ඵල ප‍්‍රයත්නය පිළිබදව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කලබල වන්නේද නැත. දිනමිණ පුවත්පතේ පෙර සදහන් වාර්තාව තහවුරු කර ඇත්තේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවට බලවත් දේශපාලන අභියෝගයක් වී ඇති බවයි. දේශපාලන අභියෝග සදහා මුහුණ දිය යුත්තේ දේශපාලනිකව ප‍්‍රති අභියෝග කිරීමෙන් මිස බොරු ප‍්‍රවෘත්ති නිර්මාණය කිරීමෙන් නොවන බව අපි ආණ්ඩුවට මතක් කරන්නෙමු.එම පුවත්පත් වාර්තාව ආණ්ඩුවේ යහපාලන සංකල්පයේ මූලික අන්තර්ගතයක් වන සත්‍ය තොරතුරු දැන ගැනීම සදහා වු ජනතා අයිතියටද එල්ල වූ ප‍්‍රහාරයකි.

මෙම ප‍්‍රවෘත්තිය ඉදිරිපත් කළ දිනමිණ පුවත්පත හෝ ලේක්හවුස් ආයතනය සමග අපට ගැටුමක් නැත. අපගේ මෙම නිල පණිවිඩය මගින් කරුණු අවධාරණය කරන්නේ සිය දේශපාලන ප‍්‍රතිවාදීන් මර්දනය සදහා රාජ්‍ය මාධ්‍ය ආයතන සහ ඒවායේ මාධ්‍යෙවීදීන් සිය අණසකට අනුව හසුරුවන ආණ්ඩුවටයි.

අසත්‍ය පරම සත්‍යලෙස ප‍්‍රවර්ධනය කිරීමේ දේශපාලන පාපකර්මයෙන් අත්මිදී සත්‍යවාදී යුක්තිගරුක දේශපාලන ප‍්‍රතිපත්තියකට අවතීරණය වන ලෙස ශ‍්‍රී ලංකා පොදුන පෙරමුණ ආණ්ඩුවට ආරාධනා කර සිටී.

සංජීව එදිරිමාන්න
මාධ්‍ය ප‍්‍රකාශක

Check Also

නීතිපතිවරයා ඒකීය බව රැක්කාද?නීතිපති කටයුතු කළ යුත්තේ ඒ 77 සහ 154 (ව) ව්‍යවස්ථා සීමාවන් තුළ සිටිමින් මිස වෙනත් බලපෑම් මත නොවේ

පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයා 77  ව්‍යවස්ථාව අනුව නිවැරදිව ...

One comment