Home / Featured / රක්නා ලංකා ආරක්ෂක සේවයෙනුත් ඇමතිලා කුට්ටි ගණන් ගිල ගනී …රක්නා ලංකා ඈවරයි කියා සියළු මුදල් ඇමතිලාගේ ගිණුම් වලට බැර කරන්න සූදානමක් !

රක්නා ලංකා ආරක්ෂක සේවයෙනුත් ඇමතිලා කුට්ටි ගණන් ගිල ගනී …රක්නා ලංකා ඈවරයි කියා සියළු මුදල් ඇමතිලාගේ ගිණුම් වලට බැර කරන්න සූදානමක් !

රක්නා ලංකා ආරක්ෂක සමාගම හරහා ලැබෙන මුදල් අමාත්‍යවරුන් යටතේ බෙදා ගැනීමට සූදානමක් පවතින බවට මේ වන විට සාධාරණ සැකයක් මතුව ඇති බව ,පාර්ලිමේන්තු මන්ත්‍රි දිළුම් අමුණුගම අනාවරණය කරනවා .අද (09) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සදහන් කලා .

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා ,

“ගාලු සහ හම්බන්තොට වරායේ රාජකාරි කල රක්නා ලංකා කියන ආරක්ෂක සේවය 5000 ක් 6000 ක් ඒ ආරක්ෂක සේවයේ හිටියා . ඒ ආයතනයේ ආරක්ෂක සේවාවන් සිවිල් ආරක්ෂක සහ නාවික හමුදාවට භාර දෙනවා කියන එක මේ අය ආරක්ෂක අමාත්‍යාංශ වැය ශිර්ෂය යටතේදී කිව්වා . රක්නා ලංකා කියන්නේ පෞද්ගලික ආරක්ෂක සේවයක් නෙමේ රජයේ ආරක්ෂක සේවයක් . ඒ ආයතනයට ගෙවන මුදල් හිමි වුණේ රජයට .

දැන් රවී කරුණානායක මුදල් ඇමතිවරයා අළුත් මහ බැංකු අධිපතිවරයාට ලිපියකින් දැනුම් දෙනවා තමන්ගේ ආරක්ෂක සේවය වෙනුවට ධනුක තිලකරත්නගේ ආරක්ෂක සේවය මේ වෙනුවට යොදවන්න කියලා තවදුරටත් පැහැදිලි කළොත් , රවී කරුණානායක නියෝග කරනවා සරත් ෆොන්සේකාගේ බෑණට ,මේ ආරක්ෂක සේවය භාර දෙන්න කියලා .

එතකොට අපිට බරපතල සැකයක් තියනවා දැන් හම්බන්තොට වරාය චීන්නුන්ට ලබා දුන්නා වගේම , මේ ආරක්ෂක සේවය හරහා ලබා දෙන ආදායම ,රජයේ ඇමතිවරුන් බෙදා ගැනීමේ සූදානමකට තමයි මේ අය සූදානම් වෙන්නේ කියන කාරණාව ගැන .

පසුගියදා රජය පැවසුවේ , සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම ඈවර කිරීමට , රජය තීරණය කල බවයි .

ඒ නිසා රක්නා ලංකා ආරක්ෂක සමාගම දැනට කරනු ලබන ගොඩබිම් ආරක්ෂිත කටයුතු,සිවිල් ආරක්ෂක කටයුතු වලට පැවරීමටත් , සාගර ආරක්ෂක කටයුතු නාවික හමුදාවට පැවරීමටත්, නිතීපතිතුමාගේ උපදෙස් මත මෙම සමාගම ඈවර කිරීමටත්, ආරක්ෂක ඇමති ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ඉදිරිපත් කල යෝජනාව , අමාත්‍ය මණ්ඩලය අනුමත කරනු ලැබුවා .

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ ,පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් චෝදනා කරන්නේ ,අදාළ සමාගම ඈවර කල බව පවසමින් , රක්නා ලංකා හරහා ලැබෙන මුදල් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ ගිණුමට බැහැර කිරීමට සූදානමක් පවතින බවයි .

Check Also

විශේෂ කණ්ඩායම් වෙනුවෙන් අධිකරණ පිහිටුවීමටන් නීතියෙන් ඉඩ නෑ – නීතිපති දෙපාර්තමේන්තුවට අපහාස කිරීම වැරදියි

පසුගිය රජයේ සිටි ඇතැම් පුද්ගලයන් විසින් සිදුකළේ යැයි කියන වැරැදිවලට අදාළ නඩු විභාග කිරීම සඳහා ...

One comment