Home / Featured / කොළඹ වරායේ ” ඊස්ට් කන්ටේනර් ටර්මිනල් ” ඉන්දියාවට විකුණා දමන්න රජය සූදානම් !

කොළඹ වරායේ ” ඊස්ට් කන්ටේනර් ටර්මිනල් ” ඉන්දියාවට විකුණා දමන්න රජය සූදානම් !

අද මේ රට, මේ ආණ්ඩුවට බලයට එන්න උදව් කරපු ජාත්‍යන්තර මිතුරන්ට සිත් සේ පරිහරණය කරන්න වෙන්දේසියේ දමපු රටක් බවට පත්ව ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක ,පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ චෝදනා කරනවා .කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු අනාවරණය කලේ , ආණ්ඩුව හොර රහසේ කොළඹ වරායේ ‘ඊස්ට් කන්ටේනර් ටර්මිනල්’එක ඉන්දියාවට විකුණා දැමීමට සැලසුමක් ක්‍රියාත්මක කර ඇති බවයි .

එහිදි මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා ,

හම්බන්තොට වරාය චීනයට දෙන විට තවත් සැලසුමක් මේ ආණ්ඩුව හොර රහසේ ක්‍රියාත්මක කරනවා. ඒ අනුව කොළඹ වරායේ ‘ඊස්ට් කන්ටේනර් ටර්මිනල්’එක ඉන්දියාවට විකුණනවා. මේකත් විකුණන්නේ කුණු කොල්ලයට. දැන් කැබිනට් පත්‍රිකාවක් දාලා තිබෙනවා, ඒ අනුව ‘ඊස්ට් කන්ටේනර් ටර්මිනල් එක’ගන්න පුළුවන් වෙන්නේ මේ ඉන්දියානු සමාගමට පමණයි.

ඉන්දියාව සතුටු කරන්න ඒ ටර්මිනල් එක දෙනවා. සල්ලි කීයක් හරි හොයා ගන්න ඕනෙ වුණාම චීනයට හම්බන්තොට වරාය දෙනවා. ත්‍රිකුණාමල වරායට අද ඇමෙරිකාව ඉව අල්ලනවා. අද මේ රට, මේ ආණ්ඩුවට බලයට එන්න උදව් කරපු ජාත්‍යන්තර මිතුරන්ට සිත් සේ පරිහරණය කරන්න වෙන්දේසියේ දමපු රටක් බවට පත් වෙලා තිබෙනවා.

ඒක ඒක තමයි 2015 ජනවාරි 08 වැනිදා ‘වෙනස –වෙනස’කියලා මේ මාතෘභූමියට උරුම කරලා දීපු වෙනස. ඒ වෙනසට කරගහපු තක්කඩි අද මේ කිසිවක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නැතිව හොරට නිදාගෙන ඉන්නවා”

Check Also

විශේෂ කණ්ඩායම් වෙනුවෙන් අධිකරණ පිහිටුවීමටන් නීතියෙන් ඉඩ නෑ – නීතිපති දෙපාර්තමේන්තුවට අපහාස කිරීම වැරදියි

පසුගිය රජයේ සිටි ඇතැම් පුද්ගලයන් විසින් සිදුකළේ යැයි කියන වැරැදිවලට අදාළ නඩු විභාග කිරීම සඳහා ...