Home / ව්‍යාපාරික / ප‍්‍රධාන නඟර 03ක මාර්ග තදබදය අවසන් කරමින් ගුවන් පාලම් දෙකක්
road_de_lna

ප‍්‍රධාන නඟර 03ක මාර්ග තදබදය අවසන් කරමින් ගුවන් පාලම් දෙකක්


දිවයිනේ නාගරික ප‍්‍රදේශවල නිරන්තරයෙන් පවතින අධික වාහන තදබදය අවම කිරීමට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය මඟින් ගුවන් පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කර ඇත. උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ  උපදේශකත්වය හා සෘජු අධීක්ෂණය යටතේ පොල්ගහවෙල, හා ගණේමුල්ල නගරයන්හී ප‍්‍රවාහන පහසුකම් කාර්යක්ෂම කිරීමේ අරමුණින් නව ගුවන් පාලම් 02ක ඉදිකිරීම් මේ වසර තුල ආරම්භ කෙරිණි. ස්පාඤ්ඤ ගුවන් පාලම් ව්‍යාපෘතිය යටතේ ස්පාඤ්ඤ රජයේ අධාර මඟින් එම ඉදිකිරීම් සිදුවේ.

නිරන්තරයෙන්ම අධික රථවාහන තදබදයක් පවතින පොල්ගහවෙල නඟර මධ්‍යයේ ස්පාඤ්ඤ ගුවන් පාලම් ව්‍යාපෘතිය යටතේ ගුවන් පාලමක් ඉදිවෙමින් පවතී. මේ වසරේ අපේ‍්‍රල් 19 වන දින ආරම්භ වූ එහි ඉදිකිරීම් මේ වනවිට අවසන් අදියරේ පවතී. මංතීරු දෙකක් ඇතුලත්ව ඉදිවන ගුවන් පාලමේ සමස්ථ දිග මීටර් 883කි. මීටර් 650ක පිවිසුම් මාර්ගයද ඊට ඇතුලත්වේ. රු.මි.2280 ක වියදමින් ඉදිවන මෙම ව්‍යාපෘතිය එළඹෙන වසරේ මුල් කාර්තුවේ අවසන් කිරීමට නියමිතයි. මෙම ව්‍යාපෘතිය යටතේ ගණේමුල්ල නඟරයේ ඉදිවන ගුවන් පාලමේ දිග ප‍්‍රමාණය මීටර් 504කි. මීටර් 300ක පිවිසුම් මාර්ගයක්ද ඊට ඇතුලත්වේ. මංතීරු දෙකක් සහිතව ඉදිකෙරෙන පාලම වෙනුවෙන් වැය කෙරෙන මුදල රු.මිලි.1830කි. මෙම ගුවන් පාලමද 2017 මුල් කාර්තුවේදී ජනතා අයිතියට පැවරෙනු ඇත.

බි‍්‍රතාන්‍ය යකඩ පාලම් ව්‍යාපෘති ආධාර (UK Steel Bridge&)යටතේ ක‍්‍රියාත්මක ප‍්‍රාදේශීය පාලම් ව්‍යාපෘතිය යටතේ මහනුවර මැතිවරණ කොට්ඨාශයේ දොඩම්වල සහ හාරිස්පත්තුව මැතිවරණ කොට්ඨාශයේ හල්ලොලූව ප‍්‍රදේශ යා කෙරෙමින් නව පාලමක ඉදිකිරීම් ආරම්භ වූයේ මේ වසරේ ජනවාරි මස 20 වැනි දිනයි. මීටර් 105ක දිගින් යුතු පාලම මංතීරු දෙකකින් යුතුව ඉදිකිරීම් ආරම්භ කරන ලදි. ඒ සඳහා වෙන් කෙරුණු මුදල රුපියල් මිලියන 374කි. වසර 20කට ආසන්න කාලයක පටන් මහනුවර ප‍්‍රදේශය තුල සංවර්ධන කටයුතු පිළිබඳ එවක රජය දැක්වූයේ ඉතා අවම සැලකිල්ලකි. එ් හේතුවෙන් සංවර්ධන ව්‍යාපෘති බොහෝ ප‍්‍රමාණයක් මහනුවර ප‍්‍රදේශයට අහිමි විය. විවිධ දේශපාලන අරමුණු මුල්කරගෙන දොඩම්වල – හල්ලොලූව පාලම ඉදිකිරීම සඳහා විවිධ දේශපාලනඥයන් විසින් හත් වරක් පමණ මුල්ගල් තබා තිබුණත් එ් කිසිª ව්‍යාපෘතියක් පාලම ඉදිකිරීම ආරම්භ කිරීම දක්වා හෝ ක‍්‍රියාත්මක වූයේ නැත. මහනුවර දිස්ත‍්‍රික්කය නියෝජනය කරන ජනතා නියෝජිතයෙකු ලෙස මෙම පාලම ඉදිකිරීමේ වැදගත්කම අවබෝධ කරගත් වත්මන් රජයේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා විසින් 2016.01.20 වන දින වැඩ ආරම්භ කල පාලමේ ඉදිකිරීම් අවසන් අදියර තෙක් පැමිණ ඇති අතර 2017 ජනවාරි මස ජනතා අයිතියට පැවරීම සිදු වනු ඇත.

සම්ප‍්‍රදායික මාර්ග රටාවෙන් ඔබ්බට යමින් දියුණු රටවල පවතින මාර්ග පද්ධතීන් සැලකිල්ලට ගනිමින්, අප රටට ගැලපෙන අයුරින් අධිවේගී මාර්ග, නවීන ගුවන් පාලම් ඇතුළු නව ව්‍යාපෘති රැුසක් නව රජයේ මාර්ග සංවර්ධන වැඩපිළිවෙලට ඇතුලත් වේ. එහිදී අඩු කාලයක් තුල, ගුණාත්මක බැවින් ඉහල ගුවන් පාලම් සහ මාර්ග ඉදිකිරීම තුලින් දෛනික ජන ජීවිතය වඩාත් පහසු කිරීමත්, ඒ තුලින් ලැබෙන ආර්ථික ප‍්‍රතිලාභ රටේ සංවර්ධනය වෙනුවෙන් යොදාගත හැකිවේ.

මාර්ගය භාවිත කරන්නන් හට ධාවන කාලය අවම කර ගැනීමේ හැකියාව, මාර්ගය භාවිතා කිරීමේදී ඇතිවන මාර්ග තදබදය අවම කරගැනීමේ හැකියාව, නගරය සහ අවට ප‍්‍රදේශවල සාමාජීය හා ආර්ථික වශයෙන් සංවර්ධනය වීම වායු දුෂණය අවම වීම, වාහන නඩත්තු වියදම් අවමවීම වැනි ප‍්‍රතිලාභ රැසක් මෙම ගුවන් පාලම් පද්ධතිය ඉදිවීමත් සමඟ හිමිවේ.

dodamwala-haloluwa-2 new-bridge-dodamwala-halloluwa-12

 

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

BUSNES_LNA_21_02_2016

විදෙස් ආයෝජකයින් ලංකාව හැර යති …දැනටමත් බිලියන 100 කට අධික ආයෝජන ඉවත් කර ගනී …මහා ආර්ථික ඛේදවාචකයක් … ආර්ථික විද්‍යාඥයන් අනතුරු අගවති !

පසුගිය සති 18 ක කාලයක් තුළ රාජ්‍ය සුරැකුම්පත් වෙළදපොලෙන් විදේශ ආයෝජකයින් රුපියල් බිලියන 100 කට ...

One comment