2005 -2015 මේ රටේ ස්වර්ණමය යුගයක් …ආයෝජන ගලා ආවා …එජාප ආණ්ඩුවකින් ව්‍යාපාරිකයන්ට හොද කලක් යැයි සිතූ සමාජය අප වෙනස් කලා

0

එජාප ආණ්ඩුවක් ඇතිවිට ව්‍යාපාරිකයන්ට හොද වාතාවරණයක් පවතින බවට විශ්වාස කලද 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපති වූ පසු , 2015 වන විට ඒ මතය වෙනස් කරන්න රාජපක්ෂ ආණ්ඩුවට හැකියාව ලැබුණු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ පවසයි.

ජපන් ශ්‍රීලංකා ව්‍යාපාරික හමුව 2016.12.14 දින ටෝකියෝ නගරයේ ෂෙරටන් මියානෝ හෝටලයේ දී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුහ. මෙම ව්‍යාපාරික හමුව සඳහා ජපානයේ ශ්‍රී ලාංකික ව්‍යාපාර සංගම් රැසක් නියෝජනය කරමින් ව්‍යාපාරිකයින් විශාල පිරිසක් සහභාගි වුහ. මේ සඳහා විශේෂ දේශනය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් සිදු කලා .

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ආරක්ෂක ලේකම්වරයා ,

01

ශ්‍රී ලංකාවේ තිබුණු විශ්වාසයක් තමයි එජාප ආණ්ඩුවක් ඇතිවිට ව්‍යාපාරිකයන්ට හොද වාතාවරණයක් තියෙනවා කියන එක. නමුත් 2005 මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වුණාට පස්සේ 2015 වන විට ඒ මතය වෙනස් කරන්න අපිට හැකියාවක් ලැබුණා. මොකද විශේෂයෙන්ම සුළු මධ්‍යම ව්‍යාපාරිකයන් තුල විශ්වාසයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇති කරලා තිබුණා. අපි ව්‍යාපාරවලට සුදුසු වටපිටාවක් සකස් කරන්න සෑම විටම කටයුතු කලා. 2010න් පස්සේ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා හැටියට පත්වුණාට පසුව අපි බොහෝ උත්සහා ගත්තා ව්‍යාපාර වලට සුදුසු වතාවරණයක් රට තුළ ඇති කරන්න. ඒවගේම රට තුලට එන ව්‍යාපාර ආයෝජන දිරිමත් කරන්න.

එයට හේතුව රටක ආර්ථිකය ඉහලට ගෙන යන්න අනිවාර්යයෙන්ම ව්‍යාපාරික ප්‍රජාවගේ ව්‍යාපාර ඉදිරියට ගෙන යන්න සුදුසු වාතාවරණයක් ඇති කරන්නට ඕනේ. ඒ වගේම දේශීය සහ විදේශීය ආයෝජකයින්ට සුදුසු වාතාවරනයක් රටතුළ ඇති කරන්න ඕනේ. උදාහණයක් විදිහට ගත්තොත් අපිට අවශ්‍ය වුනේ යුද්ධය අවසන් වුණාට පස්සේ ලෝකයේ ඉන්න හොද ආයෝජකයින් රට තුලට ගෙන එන්නට. මුලින්ම ආව ආයෝජකයෙක් තමයි ෂැන්ගිරිල්ලා. කවුරුත් දන්නවා ලෝකයේ හොද ආයෝජකයෙක්. ඔහු මුලින්ම ලංකාවට ආව වෙලාවේ ඔහු හමුවෙන්න එන්න කියලා මටත් ආරාධනා කලා හිටපු BOI එකේ සභාපතිතුමා. එතෙන්දි මට කිව්වා කැමතියි ලංකාවේ ආයෝජනය කරන්න ලංකාවේ හෝටල් තුනක් ආරම්භ කරන්න අදහස් තියෙනවා කොළඹ, හම්බන්තොට, මඩකලපුව යන ප්‍රදේශවල. කොළඹ ප්‍රදේශයේ හෝටලක් ඇති කරන්න හොද ඉඩමක් අවශ්‍ය වුණා. එතන හිටියා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ සභාපතිතුමා. මම එතුමාට කිව්වා නාගරික සංවර්ධන අධිකාරියට අයිති භුමි පෙන්වන්න කියලා. එතුමා ඉඩමක් තෝරා ඉඩමේ විස්තර කිව්වා. ඒ ඉඩම අපි ආයෝජන සඳහා තියපු ඉඩමක් නෙවෙයි යුධ හමුදා මුලස්ථානය තියෙන ඉඩම. එතුමා කිව්වා මේ ඉඩම හොද ව්‍යාපාරික ස්ථානයකට පුළුවන්නම් ලබා දෙන්න කියලා. අපි එවකට හිටිය භාණ්ඩාගර ලේකම්තුමත් යුධහමුදාපතිතුමත් එක්ක සකච්චා කරලා අපි ඒකට එකග වුණා. මේ ඉඩම ව්‍යාපාරික ස්ථානයකට සුදුදුයි කියලා යෝජනා කරලා තිබුනේ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලේ තාජ් සමුද්‍ර හෝටය හදන්න ඒ ඉඩමෙන් කොටසක් ඒ කාලේ ලබා දුන්නා. බත්තරමුල්ලේ ඉඩමක් වෙන් කරලා තිබුණා යුධහමුදා මුලස්ථානය හදන්න ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලේ නමුත් මුදලක් නැති නිසා අපිට එතෙක් එක කර ගන්න බැරි වුණා. මම කිව්වා මේ ඉඩම විකුණලා ලැබෙන මුදල මුලස්ථානය හදන්න වෙන් කරලා දෙනවා නම් අපි එකගයි කියලා. සති දෙකක් ඇතුලත අපි ෂැන්ගිරිල්ලා ආයතනයට ඒ ඉඩම භාර දුන්නා.

ආයෝකයන්ගේ සම්මන්ත්‍රණ වලදී ප්‍රකාශ කලා ආයේජනය කරන්න ලේසිම පහසුම රට ශ්‍රී ලංකාව කියලා. මේකට තමයි අපේ ක්‍රමවේදයන් ගෙන්න ඕන වෙලා තිබුණේ. මම කියන්නේ නෑ ඒක නිසා සියළුම බාධක නැතිවුණා කියලා. නමුත් අපි නිලධාරින් වශයෙන් ගන්න අවශ්‍ය තීරණ ඉතාමත් ඉක්මන්ට අර ගත්තා. අපිට පුළුවන් වුණා ඉන්දියාවේ ITC ආයතනයට ගෙනල්ලා ඊළග ඉඩම ලබා දෙන්න. මේ දෙකම තමුන්නාසේලා ලංකාවට යන කොට දකිනවා. හොටල් දෙකකයි, එපාර්ට්මන්ට් බිල්ඩින් තුනකුත්, ඔපිස් කම්පෙක්ෂන් දෙකකුත් එතන හැදීගෙන එනවා. තිබුණු කොමර්ෂල් ඉඩමෙත් ප්‍රශ්න විසදලා අපි ලාභ දුන්නා එතනත් එපාර්ට්මන්ට් 03ක් හැදිගෙන එනවා. මේ සේරම අපි ලබා දීලා පටන්ගත්තු ආයෝජන. අපිට අවශ්‍ය වෙලා තිබුණේ ආයෝජකයන්ට ලේසියෙන් ආයෝජනය කරන්න පුළුවන් වටපිටවක් හදලා දෙන්න අපිට ක්‍රමයෙන් ඒක කරන්න පුළුවන් වුණා. අපි තව තවත් බාධා ඉවත් කරන්නේ කෙහොමද කියලා සකච්චා කරමින් හිටියේ.

අපේ රටේ දැනුම ඇති අය සිටිනවා ඒ කියන්නේ ඉංජිනේරුවන්, විද්‍යාඥයන්, නොයෙක් අය ඉන්නවා නමුත් මේ අයට බොහෝ වෙලාවට ලංකාවට එන්නට විදිහක් නෑ ඒ අයගේ දැනුම තරමට ලංකාව තුල කරන්න දෙයක් නැති නිසා. ලංකාව තුල ඉන්න විවිධ තාක්ෂණයන් හී ඉන්න උගතුන්ට ව්‍යාපාර ආරම්භ කරන්න බෑ පහසුකම් අඩු නිසා. මට එක්තරා පුද්ගලයෙක් හර්ෂ සුබසිංහ මට මේ ප්‍රශ්නය ගැන කියලා එතුමා කිව්වේ විවිධ ඉන්ජිනේරුවන්ට‍, සොප්ට්වෙයා ඩිවලෝපර්ස්ලට මේ අයට එකතු වෙලා මේ ගැන සකච්චා කරලා තාක්ෂණයෙන් ඉහල ව්‍යාපාර ආරම්භ කිරීමට සුදුසු ස්ථානයක් හදන්නට කියලා. අපි ඒ ගැන හිතලා තමුන්නාසේලාට මතක නම් කොළඹ මරදානේ තිබුණා ත්‍රිපලි වෙළදසැල අවුරුදු ගාණක් ඇතැරලා දාලා තිබුණේ ගොඩනැගිල්ලක් ජරාවාස වෙලා තිබුණේ. පරණ ගොඩනැගිම අලුත්වැඩියා කරලා තවත් දියුණු කරන්න සැලසුම් හදලා අපි ආරම්භ කලා. ඒක විශාල ව්‍යාපෘතියක් අවාසනාවට ඒක දැන් නැවතිලා තියෙන්නේ සම්බන්ධ වුනු අය උත්සහ දරනවා ඉස්සරහට ගෙන යන්නට. මම දන්නවා එතෙන්දි තරුණයන් තුන්දෙනෙක් ඇමරිකාවේ MIT විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබලා ඇවිල්ලා විදුලි කාර් එකක් නිර්මාණය කරන්නට මුල ඉදලම හදන්න උත්සහ කරා මන් හිතන්නේ හදලා ඉවරයි. මන් හිතන්නේ ඒ අයගේ අරමුණ වුණේ ඉහල තත්වයේ විදුලි කාර් එකක් හදන්න රට තුල. ඒ අය මට කිව්වා ඉහල ඉල්ලුමක් තියෙනවා ඒ වගේ වාහන වලට ලංකාවේ විශාල වාහන ප්‍රමාණයක් හදලා විකුණන්නට අමාරුයි ජපාන වගේ තරගකාරි රටවල් එක්ක අපිට තරගකාරි වෙන්නට බැරි නිසා. අතින්ම හදලා විශාල වටිනාකමකින් තියෙන වාහන ගන්න කැමති අයට වෙළදපොලක් විදිහටයි ආරම්භ කළේ. මම එතනින් ඉවත් වෙනකොට ගොඩක් දුරට ඉවර කරලා තිබුණේ මම දන්නේ නෑ දැන් තියෙන තත්වය. රට ආර්ථික වශයෙන් ඉහලට ගෙන යන්න රටේ ව්‍යාපාරික ප්‍රජාව දියුණු කරන්නට ඕනේ.

අපි තේරුම් ගත්ත තව දෙයක් තමයි රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ඕනේ කියලා. අපි දන්නවා ආයෝජකයෙක් රට තුලට ආවාම රාජ්‍ය සේවකයා හරහා තමයි අවශ්‍ය දේ සිද්ද වෙන්නේ. අනුමැතිය අවශ්‍ය යටිතල පහසුකම් ලබා දෙන්නේ රාජ්‍ය සේවකයන් හරහා. ඒ නිසා ඔහුගේ කාර්යක්ෂමබාවය තියෙන්නට ඕනේ, තීරණ ගැනීමට හැකියාව ඔහු තුල තියෙන්නට ඕනේ. ඒ දෙත් අපි යම් තරමක අපි සිද්ධ කරපු නිසා තමයි ෂැන්ගිරිල්ලා ආයතනය ආවාම ලේකම්වරු සමග සකච්චා කරලා අවශ්‍ය තිරණ අරගෙන කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන්න පුළුවන් වුණේ. එහෙම නැතුව කැබිනට් අනුමැතිය ලැබෙන තුරු සිටියෝත් ඒ කාරණා ඉක්මන්ට සිද්ධ වෙන්නේ නෑ. අවශ්‍ය සියළුම දේ සිදු කරලා අමාත්‍යවරයාට ඉදිරිපත් කරලා කැබිනට් අනුමැතිය ඉක්මන්ට ලබා ගන්න පුළුවන්.

මම දන්නවා මහින්ද ජනාධිපතිතුමාගේ ලොකු විශ්වාසයක් තිබුණා යටිතල පහසුකම් අධිවේගි මාර්ග හදන්නට, වාරායවල් හදන්නට ඒ ප්‍රතිපත්ති තිරණය කරලා දේශපාලන මට්ටමින් ඒක ක්‍රියාත්මක කරන්න දුන්නට පස්සේ නිලධාරින්ට යම්කිසි නිදහසක් ඕනේ. ක්ෂනික තීරණ ගන්නට බය නැතුව ඒවා ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය ශක්තිය තියෙනවනම් ඒක අවශ්‍යයි රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න. අපි ක්‍රමයෙන් ඒ නිදහස ලබා දුන්නා. කර්යක්ෂම රාජ්‍ය සේවය සහ දියුණු පුද්ගලික අංශයක් අවශ්‍ය වෙනවා ලංකාව දියුණු කරන්නට නම්. අපි අහලා තියෙන දෙයක් තමයි බාධක නිසා ආයෝකයන්ට හරි අමාරුයි කියලා. ඔව් ඒක නිසා තමයි අපි නිලධාරින්ට තීරණ ගන්න අවස්ථාව දුන්නේ.

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න තියෙන ප්‍රශ්නය තමයි කවුරුත් කියන එහි පවතින විශාල කම. හොද වැටුප් ගෙවන්න බෑ. ඒක නිසා හොද සේවකයින් එන්නේ නෑ. පුද්ගලික අංශයට යන්නේ එහෙම නැත්නම් පිටරට යනවා. උපාධිධාරින් සියළු දෙනාවම රාජ්‍ය සේවයට බදවා ගත්තොත් රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න අපිට බෑ. මේක කරන්නට පුද්ගලික අංශය දියුණු වෙන්නට ඕනේ එහෙම නැති වුණොත් අපිට බැරි වෙනවා රැකියා අවස්ථා ඇති කරන්නට. පෞද්ගලික අංශය දියුණු වෙන්නට අවශ්‍ය පරිසරය රටතුල ඇති කරන්නට ඕනේ. ඒවට අවශ්‍ය සුදුසු ක්‍රමවේදයන් පහසුකම් ඒ එක්කම වාතාවරනයත් ඇති කරලා දෙන්න තමයි මහින්ද රාජපක්ෂ රජය යටතේ දැක්ම වුණේ අපි කරගෙන ගියේ. අපි ජනතාව අතරට මේ පණිවිඩය ගෙන්න නම් යම් කිසි දෙයක් ඉහල ප්‍රමිතියෙන් කරන්නට ඔනේ කියලා. අපි පැරණි ගොඩනැගිලි ප්‍රතිසංස්කරනය කරලා ඒවා ව්‍යාපාර බවට පත් කලා. තමුන්නාසේලා දන්නවා නම් ඩට් හෝස්පිටල් එක කොළඹ කොටුවේ ඒක මිට කිහිප වතාවක්ම ප්‍රතිසංස්කරනය කරාට නිසි ආකාරට පවත්වගෙන යන්න පුළුවන් වුණේ නෑ. ඒක අපි ව්‍යාපාරිකයන්ට දීලා ප්‍රයෝජනයක් ගත්තා. දැන් එතන හදපු රෙස්ටුරන් එක ඉහල ආදයම් ලබන තත්වයට පත්වෙලා තියෙනවා ඒක තමයි අපි බලාපෙරොත්තු වුණේ.

මොටිවේට් කරනවා නම් ඉලක්කයක් දෙනවා නම් රාජ්‍ය ආයතන කියලා නෑ ඉහලම ප්‍රමිතියේ වැඩක් රජයේ නිලධාරින්ට කරන්නට පුළුවන් කියන එක. එහෙම කළොත් අපිට පුළුවන් සෑම විටම මුදල් කියලා බලන්නේ නෑ. මගේ යටතේ තිබුණු ඒවා මම බලන්න යනවා සමහර තැන් වලට යන්නේ රෑ වෙලා ඒ යනකොටත් වැඩ කරන නිලධාරින් ඉන්නවා විවිධ අදහස් ලබා ගන්න සහ ඒ අය කරන්න යන දේ විස්තර කරන්න. ඒකෙන් කියවෙන්නේ සෑම විටම දිරි ගැන්විමක් ලබා දුන්නොත් ඒ කරන කාර්යය හොදට කරනවා කියෙන එක. මේක තමයි අපේ රටේ සිදුවිය යුතු දේ එහෙම වුණොත් අපිට යන්න ඔනේ තැනට අපේ රට අරගෙන යන්න පුළුවන්.

විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරින්ට තිරණ ගන්න තියෙන හැකියාව නැති කළොත් බොහෝ දෙනෙක් කතා කරනවා ෆයිනැන්ෂල් එෆ් ආර් වගේ දේවල් ඒවා ගයිඩ් ලයින් එකක් විතරයි. තමන් අවංක නම් නිලධාරීන් අවංකනම් කරන දේ හරිනම් ඒවටම බැදිලා කටයුතු කරන්න අවශ්‍ය නෑ. සමහරු හිතනවා ටෙන්ඩර් ක්‍රමය කියන්නේ තියෙන බාලම බඩුව ගන්න එක කියලා. එහෙම දෙයක් නෑ ගයිඩ් ලයින් එකක් විතරයි තියෙන්නේ එතනට සුදුසුම දේ ගන්න කියන එක. නමුත් අපි හිතලා තියෙන්නේ අඩුම දේ ගන්න ඕනේ කියලා. ටෙන්ඩර් ක්‍රමයෙන් වෙන්නේ විනිවිද බාවය ඇති කරලා සුදුසුම දේ ලබා ගැනීමයි. දැන් වෙලා තියෙන්නේ ටෙන්ඩර් ක්‍රමය නිසා අඩුම දේ මිලදී ගන්නවා එතන්ට නුදුසුම දේ තමයි එන්නේ. එහෙම වෙලා තියෙන්නේ නිලධාරින් හොරකම් කරනවා සෑම විමට මේකෙන් අඩුම දේ ගතයුතුයි කියන එක. මේ ක්‍රමය සම්පුර්ණයෙන්ම වැරදියි. මම නම් උදෙස් දුන්නේ අවශ්‍ය දේ මිලදී ගන්න කියලා. පරණ ගොඩනැගිලි ප්‍රතිසංස්කරනය කරද්දි පරණ තිබුණු අගුලු විදිහටම අලුතේන් හැදුවා. මේ ලගදිත් මට ඒ අගුල් හදපු පෞද්ගලික ආයතනයක් එහි අයිතිකරු හමුවෙලා කිව්වා සාම්පල් අගුලු 4ක් විතර හැදුවා කියලා නිලධාරින් ඉල්ලපු විදිහටම දෙන්න ඔනේ නිසා. අපිට කරණ දෝෂා රෝපණයක් තමයි අපි හදපු දේවල් විවෘත කරන්න ලොකු උත්සවයක් ගත්තා කියලා. අපි මේක කළේ බෙර ගහලා ජනාධිපතිතුමා ගෙන්න නෙවෙයි ඔඩිට ජෙනරල් එක ගත්තොත් ඒක ව්‍යාපාරික ස්ථානයක් එක නිකන්ම විවෘත කලාම ප්‍රසිද්ධියක් නැතිවෙන නිසා තමයි ලොකු උත්සවයක් අරගෙන විවෘත කළේ.

පළමු උත්සවය සංවිධානය කළේ බාතිය සහ සන්තුෂ් කියන ගායකයන් දෙදෙනාගේ ඉවෙන්ට් පැලැන් කරන ආයතනයෙන්. මම ඉල්ලපු ආකාරයට ඔහු ළග අවශ්‍ය බඩු නොතිබුණ නිසා ඔහු පිට රට ගිහින් ඒවා හොයා ගෙන අවා ඒ නිසා ඒවගේ උපකරන දෙන්න පුළුවවන් ආයතන බිහිවෙලා තියෙනවා අද වන විට. ඒක තමයි අපේ අදහස වුනේ. එකේ තියෙන වැදගත් කම තමයි ව්‍යාපාර ආයතන බිහිවීම. මම ඔඩිට ජෙනරල් එකේ මාළු ටැංකියක් හැදුවා උඩ ඇවිදින්න පුළුවන් විදිහේ ආකාර්ශනයක් ලබා ගෙන මිනිසුන් ඒ තුලට ගෙන්වා ගැනීම සදහා. ඒකට අපි ගොඩක් වියදම් වුණා ඒකේ විදුරුව අශෝකා ග්ලාස් කම්පනි එකටවත් පුළුවන්කමක් තිබුණේ නෑ ඒවගේ විදුරුවක් දෙන්න. පිටරට අභාෂය අරගෙන තමයි ඒක හැදුවේ. ඒක නිසා ඉහල ප්‍රමිතියේ භාණ්ඩයක් අපිට හදන්නට පුළුවන් වුණා. ඒක තමයි අපේ විෂන් එක. ඒ වේලාවේ ලැබෙන දේ නෙවෙයි විශාල අරමුණක් තියෙනවා ඒවා සිද්ධ කිරීමේ. අපි ඒ කලේ වැඩ කළේ ඒ වගේ විෂන් එකකින් සමහර විට වැරදියට දකින්නත් පුළුවන් අපරාදේ නාස්තියක් කියලා. ඒක හරහා නව ව්‍යාපාර ඇති වුණා තිබුණු ඒවා දියුනු වුණා ඒක තමයි අපේ අරමුණ වුනේ.