Home / Featured / රටම හොම්බෙන් යයි …රුපියල දැවැන්ත කඩා වැටීමකට …ඉදිරි දින 12 ඇතුළත ආර්ථිකයේ දැවැන්ත කඩා වැටීමක් !
central-bank_lna_12_23_2016

රටම හොම්බෙන් යයි …රුපියල දැවැන්ත කඩා වැටීමකට …ඉදිරි දින 12 ඇතුළත ආර්ථිකයේ දැවැන්ත කඩා වැටීමක් !


ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමරිකානු ඩොලරයක අගය ඊයේ (22) වන විට , රුපියල් 152 දක්‌වා ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ අලුත්ම විනිමය අනුපාත අගයන් අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 152.12 ක්‌ දක්‌වා ඉහළ නැඟ තිබේ.

දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ අවිධිමත් වැඩ පිළිවෙල මේ සදහා බලපා ඇති බවයි .දිගින් දිගටම රුපියල මෙලෙස කඩා වැටුණහොත් රටේ ජනතාවගේ ජීවන මට්ටම ඉහළ යා හැකි බවට ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අගවනවා .

මේ අතර ඊයේ (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් රටේ ආර්ථිකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන අදහස් පල කලා.

ඔහු කියා සිටියේ තවත් දින 10 හෝ 12 ඇතුළත අපේ ආර්ථිකය දැවැන්ත ලෙස කඩා වැටීමක් පෙන්නුම් කරන බවයි . ඒ සම්බන්ධයෙන් අප රජයට අනතුරු ඇගවීමක් සිදු කරන බව ඔහු පැවසුවා .

මේ වන විට තෙල් මිල ඉහළ යමින් පවතින බවත් , ශ්‍රි ලංකාවට වැඩිම ආදායමක් ලබා දෙනු ලබන්නේ මැද පෙරදිග ශ්‍රමිකයන් බැවින් ඒ ක්ෂේස්ත්‍රයද දැවැන්ත කඩා වැටීමකට ලක්ව ඇති බවට තොරතුරු අනාවරණය වන බවයි ඔහු පැවසුවේ .

රුපියල දරුණු ලෙස තවත් කඩා වැටීමකට ලක් වුවහොත් මහජනයාට බරපතල තත්වයකට මුහුණ පෑමට සිදුවනු ඇති බවට ඔහු රජයට දිගින් දිගටම අනතුරු ඇගවීමක් කලා . ආණ්ඩුවේ අවිධිමත් වැඩ පිළිවෙල මෙයට බලපා ඇති බවත් ලබන වසර තුළදී අපේම ආණ්ඩුවක් රට තුළ ගොඩ නගන බව , ඔහු අවධාරණය කලා .

 

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

RAWEE_NEWSALERT_24_01_2016

කදුළු ගෑස්,කුළු පොළු නෑ…ග්ලෝබල් ස්ටාර් ලොජිස්ටික් සමාගමේ විරෝධතාවයට පෙට්‍රල් බෝම්බ අටවතී…අතහිත ඇමති රවීගෙන්

මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ පවුලට අයත් සීදුව ග්ලෝබල් ස්ටාර් ලොජිස්ටික් සමාගමේ සේවකයින් පිරිසක් අන්තරාදායක සේවකයින් ...

One comment