Home / Featured / ශ්‍රිලනිපයට සහ එජාපයට එක්ව ගමනක් නෑ …ආණ්ඩුව කැද හැළියක්ම බව SB පිළිගනී ! 2017 දී තීරණයක් ගන්න යයි

ශ්‍රිලනිපයට සහ එජාපයට එක්ව ගමනක් නෑ …ආණ්ඩුව කැද හැළියක්ම බව SB පිළිගනී ! 2017 දී තීරණයක් ගන්න යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීමේ අරමුණින් ඉදිරියේදී කටයුතු කළ යුතු බව අමාත්‍ය එස් .බි දිසානායක පවසයි .අමාත්‍යවරයා මේ බව පැවසුවේ , වලපනේ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

රටේ ප්‍රධාන පක්ෂ දෙක එකට එකතුවී කටයුතු කිරීම , ගැටළු සහගත බැවින් තවදුරටත් එය පවත්වා ගෙන යෑම අසීරු බවද අමාත්‍යවරයා සදහන් කලා .

ශ්‍රිලනිපයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ඇත්තේ , එකිනෙකට හාත්පසින්ම වෙනස් න්‍යාය පත්‍ර දෙකක් නිසා ආණ්ඩුව තුළ මේ අර්බුධය හට ගෙන ඇති බවයි ඔහු කියා සිටියේ .

ඊළග මැතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙන වෙනම පක්ෂ දෙක නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වීම සදහා ගිවිසුම් ගතවී ඇති බවද ඔහු අනාවරණය කලා .

පොදු කාරණා කිහිපයක් මත , සම්මුතිවාදි ආණ්ඩුවක් ගොඩ නැගුවද , මෙය දීර්ඝකාලීනව නැති බවත් ලබන වසරේදී මේ සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවද ඔහු සදහන් කලා .

 

Check Also

ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් වෙයි….ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රීයේ!…තෙල් බෙදාහැරීම ගුවන් හමුදාව අතට

ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපති ලේකම්වරයා ...

One comment