Home / දවසේ පුවත / පලස්තීන ජනතාවගේ මවුබිමේ නිදහස වෙනුවෙන් අපිත් එක් වෙමු

පලස්තීන ජනතාවගේ මවුබිමේ නිදහස වෙනුවෙන් අපිත් එක් වෙමු

ඊශ්‍රායලය යටපත් කරගෙන සිටින පලස්තීන භූමිය තුළ බලහත්කාරයෙන් ගොඩ නගා ගෙන වැඩපිළිවෙළ ඇනහිට විමට ප්‍රකාශ කරමින් පසුගියදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඒකමතිකව සම්මත කර ගත් යෝජනාව ඉතා සුවිශේෂි තීන්දුවක් බව ශ්‍රී ලංකා – පලස්තීන සහයෝගිතා කමිටුවේ සභාපති හිටපු ජනමාධ්‍ය ඇමැති ඉමිතියාස්‌ බාකීර් මාකර් මහතා කියා සිටි.

ඊශ්‍රායලයේ අසාධාරණ ක්‍රියාදාමයන්ට විරුද්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානය ගන්නා බොහෝ තීරණ ඉතිහාසය තුළ අකර්මණ්‍ය වුණේ ඇමරිකානු නිෂේධ බලය නිසා .පසුගිය කාලය තුළ පලස්තීනුවන් මහා පරිමාණ යුධ බියකට මුහුණදී සිටිනවා .අවි අමෝරා ගත් සොල්දාදුවන් වටකරගෙන සිටින සිරකදවුරු වල වසර ගණනාවක් ජීවත් වන්නට බල කර  සිටීම තව තවත් ප්‍රචණ්ඩත්වයට මග පාදන්නක්.මවුබිමේ නිදහස අහිමූ ජනතාවක් තම මාතෘ භූමිය තුළ තාප්ප වලින් සිරකර අපරාධකරුවන් වගේ හිර කර තැබීම මේ 21 වැනි සියවසේ අප දකින මිනිස් කමට එරෙහි වු අඩම දර්ශණයක් ලෙසයි.

කුසට අහරක් ,බීමට ජල පොදක් ,ලෙඩ දුකට බෙහෙතක් ලබා ගන්නට මං අහුරමින් පලස්තීනුවන් එලිමහන් වධකාගාරයක් ලෙස රදවා තබාගෙන් සිටින අයුරු අද ලෝකයම දකිනවා.තාප්ප බැදීම් තුළින් ප්‍රශ්න විසදා ගැනීමට පුළුවන් කමක් නෑ . මිනිසත්බවේ දයාව,කරුණාව වෙනුවට වෛරය පෙන්වන මේ ක්‍රියාදාමයන් තුළින් පෙන්වන්නේ වඩ වඩාත් කෝපාවිශ්ඨ පරම්පරාවක්. බලගතු මාධ්‍ය හරහා ඔවුනට ත්‍රස්තවාදි ලේබල් ඇලවීමෙන් ප්‍රශ්න විසදන්න පුළුවන්කමක් ඇත්තෙම නෑ.

මුල හේතුන් සැබැලෙසින්ම යලිත් සිද්ධ වෙනවා. මේ තාප්ප තුළින් , ඔවුන් තුළ ඇති අධිෂ්ඨානය දිය කර හරින්නට වසර 70 ගතවීත් නොහැකි වෙලා තියනවා.මේ තාප්ප වලින් ඉදිටියේදිත් ඔවුන්ගේ අධිෂ්ඨානය,දිළිදුකම,බඩගින්න වසා තබන්නට මේවා තුළින් පුළුවන්කමක් නෑ .අනාගතයේදීත් තමන්ගේ ප්‍රශ්න දිනා  ගැනීමට ඔවුන් ශක්ති ප්‍රමාණයෙන් ප්‍රතිචාර දක්වයි. තාප්ප වලින්, අවි බලයෙන් සහ ධන බලයෙන් සදාකාලිකවම මිනිස්සුන්ගේ නිදහස ,අභිමානය යටපත් කර තබන්නට බැරි බව ඉතිහාසයෙන් කොතෙකුත් ආදර්ශ අපට තිබෙනවා .

බලවත් මාධ්‍ය තුළින් ත්‍රස්ත හංවඩුව ලොව පුරා ගෙන යන ප්‍රචාරාත්මක ……කෙනෙකු හුදකලා කිරීම් තුළින් ඉන් පිටත ජීවත් වන ධනවත් ,බලවත් අතළොස්සක් ස්ථාවර ස්ථානයක් තබා ගන්නට කටයුතු කිරීම මිත්‍යාවක්.

ඔබාමාගේ පාලනයේ අවසන් මොහොතේ,ඇමරිකානු රාජ්‍ය ලේකම් ජොන් කෙරි  කර තිබෙන ප්‍රකාශයෙන් මේ දකින්නේ සත්‍යයි .ඊශ්‍රායලයේ අගමැතිවරයා ඇතුළු යුදෙව්වාදින් තවමත් යථාර්ථය තේරුම් ගෙන ඇති බවක් පෙනෙන්නේ නෑ .ආරක්ෂක මණ්ඩලයේ ඒ තීන්දුවට ඡන්දය දුන් රටවල් කෙරෙහි ඔවුන්ට කරන තර්ජනාත්මක ප්‍රකාශ තුළින් , ඒක පැහැදිලියි .නවසීලන්ත විදේශ ඇමතිවරයා වෙත ඊශ්‍රායල අගමැති බෙන්ජමීන් නෙතයානු ප්‍රකාශයන්ද මාධ්‍ය වෙත නිකුත් වෙලා තිබෙනවා.

ලෝකය පූරා ගැටුම් අවුලවමින් ඒ තුළින් අවි නිපදවීම සහ  අවි අළෙවි කර ගැනීමට කටයුතු කරන පවිටු බලවෙග වල නිරුවත මේ හැසිරීම තුළින් දැන් ලෝකයට පැහැදිලිව දැක ගන්න පුළුවන්. ඊශ්‍රායලය විසින් තම එහෙයින් වෙත මෙතෙක් සලකා සිටී යුරෝපයේ ප්‍රධාන රටවල් හා මේ  අවස්ථාවේ ගෙන තිබේන ස්ථාවරය ඊශ්‍රායලයේ අසීලාචාර හැසිරීම ගැන ලෝකයට අවබෝධයක් ලබා ගැනීමට තවත් අවස්ථාවක් උදාවෙලා තියනවා.

දකුණු අප්‍රිකාවේ නිදහස් අරගලයයේ නියමුවාවූ නෙල්සන් මැන්ඩෙලා එක් වරක කල ප්‍රකාශයක් මගේ සිහියට එනවා . “දකුණු අප්‍රිකාවේ අපි ලැබූ නිදහස සම්පූර්ණ වන්නේ පලස්තීනුවන් නිදහස ලබා ගත් විට යි”.

පලස්තීන ජනතාව තම මවුබිමේ නිදහස උදෙසා වසර 70ක්  තිස්සේ කරගෙන යන විමුක්ති අරගලය ට සහය දැක්වීමට ලෝකවාසි ජනතාව අතරට ශ්‍රි ලාංකිය අපිත් එක් වෙමු .

Check Also

ගංවතුර ඇතිකල , මිනිස් ජීවිත නැති කල,සංවර්ධන විනාශය – මළ තැනදී පමණක් හඩ අවදි කර පලක් නැත

මළ තැනදී පමණක් හඩ අවදි කර පලක් නැත ගංවතුර බැසගියාසේ තව ටික දිනකින් සියල්ල අවසන් ...