Home / ප‍්‍රාදේශිය / අලුත් අවුරුද්දේ දේව ප‍්‍රතිමාවේ රණ් වලට විදලා… දේවියෝ නොදැක්කාට CCTV දැකලා

අලුත් අවුරුද්දේ දේව ප‍්‍රතිමාවේ රණ් වලට විදලා… දේවියෝ නොදැක්කාට CCTV දැකලා

හැටන් පොලිස් වසමට අයත් දික්ඔය ගණදෙවි හින්දු කෝවිලේ සරස්වති දේවියන්ගේ ප‍්‍රතිමාවට පලදවා තිබු රණ් ආභරණ සහ කෝවිලේ තිබු පඩුරු පෙටිටිය කිසියමි පිරිසක් විසින් අද (01.01) අලුයම සොරාගෙන ගොස් ඇති බව හැටන් පොලිසිය පවසනවා.

අද (01.01) උදැසන නව වසර ආශීර්වාද පතා පැවැත්වෙන විශේෂ පුජාවන් නිසා එහි ප‍්‍රධාන පුජකවරයා විසින් දේව ප‍්‍රතිමාවන් වලට රණ් ආභරණ පලදවා මල්වලින් එම දේව ප‍්‍රතිමාවන් සරසා අලුයම 2.00ට පමණ එම කෝවිලේම යාබදව පිහිටි පුජකවරයාගේ නිවසට විවේක ගැනිම සදහා ගිය අවස්ථාවේ පසුපස දොරෙන් පැමිණි පුද්ගලයෙකු මෙම රණ් ආභරණ සහ පඩුරු පෙටිටිය සොරාගෙන යන ආකාරයක් එම කෝවිලේ සවිකර තිබෙන සි.සි.ටිවි කැමරා දර්ශනවල පටිගත වි ඇති බවයි හැටන් පොලිසිය පවසන්නේ.

මෙම සිද්ධිය සමිබන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ හැටන් පොලිසිය පරික්‍ෂණ ආරමිභ කර තිෙබි. සොරාගෙන ඇති රණ්අභරණ වල වටිනාකම මෙතෙක් තක්සේරු කර නැත.

හැටන් රංජිත් රාජපක්ෂ

අලුත් අවුරුද්දේ දේව ප‍්‍රතිමාවේ රණ් වලට විදලා…. by lankanewsalert.com

Check Also

අවමංගල්‍ය ශාලාවකට එරෙහිව ව්‍යපාරිකයින් උද්ඝෝෂණයක

හැටන් කොටගල නගරයේ වෙළදසැල් සියල්ල අද (25.06) උදැසන සිට වසා දමා එම නගරයේ වෙළදුන් නගර ...

One comment