Home / Featured / හම්බන්තොට චීනයට පවරා දෙනු බෑ …රටේ පාලකයන්ට සංඝ ආඥවක්‌ !
bikshu_lna_04_01_2016

හම්බන්තොට චීනයට පවරා දෙනු බෑ …රටේ පාලකයන්ට සංඝ ආඥවක්‌ !


හම්බන්තොට වරාය ඇතුළු ඉඩම් විජාතිකකරණය කිරීමට එරෙහිව ගිවිසුම අත්සන් කිරීම ලබන 07 වනදා සිදු කරන බවත් , එහිදී රුහුණු රට භික්‍ෂූන් වහන්සේ එක්‌ව රටේ පාලකයන්ට සංඝ ආඥවක්‌ නිකුත් කිරීමට නියමිත බව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම කියා සිටියා.ඊයේ (03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ආණ්ඩුව විසින් සිදු කරන විජාතිකකරණයට එරෙහිව එදිනම පෙරවරු 8.00 ට එම භූමියේදි මහා සංඝරත්නය ,ආගමික පූජකවරුන්ගේ සහ මහ ජනතාවගේ සහභාගිත්වයෙන් මහා සත්‍යග්‍රහයක් ආරම්භ කරන බවද ඔහු කියා සිටියා. සංඝ ආඥව මේ රටේ පාලකයන්ට ප්‍රතික්‍ෂේප කිරීමට හැකියාවක්‌ තිබේදැයි තමන් නොදන්නා බවත් ඒ දෙස මුළු රටම අවධානයෙන් බලා සිටින බවයි ඔහු කියා සිටියේ.

හම්බන්තොට වරාය ඇතුළු ඉඩම් විකිණීමට රජයට කිසි ලෙසකින් ඉඩ ලබා නොදෙන බවත් ඒ ගිවිසුම හකුලා ගන්න තුරු සටන් වදින බවද ඔහු කියා සිටියා. රටේ සම්පත් විජාතිකකරණයට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය, වෘත්තීය සමිති, කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් පිහිටුවන ලද ජාතික සම්පත් සුරැකීමේ මධ්‍යස්‌ථානයේ ප්‍රථම මාධ්‍ය හමුවේදී මෙම කරුණු අනාවරණය කලා.

 

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

MY3_LNA_21_02_2016

සරල ජනපති යන උත්සවයේ වියදම රුපියල් ලක්ෂ 96 ක් …සභා රීතිවලට පිටින් ඌව පළාත් සභාවේ සම්මතයි …ලක්ෂ 105 ක වියදමින් මහා උත්සවයක් !

ලබන මාර්තු 13 වනදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් වැල්ලවායේදී පැවැත්වීමට නියමිත උත්සවයක වියදම් සඳහා රුපියල් ...

One comment