Home / Featured / ජනපති නියෝග නොතකයි …ඇමති බදියුදීන් තවමත් විල්පත්තු වන සංහාරයේ … වන රක්ෂණ දෙපාර්තමේන්තුව ඇමතිට කර අදී …ජනපතිට දෙන වාර්තා බොරු !
my-3-with-badhudhin_lna_04_01_2016

ජනපති නියෝග නොතකයි …ඇමති බදියුදීන් තවමත් විල්පත්තු වන සංහාරයේ … වන රක්ෂණ දෙපාර්තමේන්තුව ඇමතිට කර අදී …ජනපතිට දෙන වාර්තා බොරු !


විල්පත්තු කල්ආරු රක්ෂිතය ආසන්නයේ කර්මාන්ත පුරයක් ඉදිකිරීමේ සූදානමක් පවතින බව , පරිසර සංවිධාන එකමුතුවේ නියෝජිත පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි අනාවරණය කරනවා .

උන්වහන්සේ පෙන්වා දෙන්නේ , අමිත්තකුලම් නමැති ප්‍රදේශයේ අක්කර එකහාමාරක් හෝ දෙකකට වැඩි පෙදෙසක් මේ වන විටත්  විනාශ කරමින් කර්මාන්ත අමාත්‍යාංශයේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් කර්මාන්ත පුරයක් ඉදිකිරීමට සූදානමක් පවතින බවයි . එවැනි කර්මාන්ත ශාලාවක් ඉදිවීම තුළ මේ වනාන්තර සමූහයම විනාශ වීමේ අවධානමක් පවතින බවට උන්වහන්සේ අනතුරු අගවනවා .

කෙසේ වෙතත් පරිසර සංවිධාන එකමතුව විසින් වන රක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට මේ සම්බන්ධයෙන් දැනුම්දී තිබෙනවා . එහිදී ඔහු පවසා ඇත්තේ කර්මාන්ත පුරය සදහා අවසර ඉල්ලා ඇති නමුත් , එයට අවසර ලබා දීමට ප්‍රථමයෙන්ම අදාළ ප්‍රදේශයේ වන ප්‍රදේශය එළි පෙහෙළි කිරීමට කටයුතු කරමින් සිටින බවයි .

මේ අතර , විපත්තු වන උද්‍යානය අවට , සිදුවන මහා පරිසර සංහාරය සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් නැවත වරක් ජනාධිපතිවරයා නොමග යැවීමට උත්සහ කරන බවට පරිසර සංවිධාන එකමුතුව චෝදනා කරනවා .කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් එහි නියෝජිතයින් මේ බව සදහන් කලා .

පරිසර සංවිධාන එකමුතුවේ සාමාජික සජීව චාමිකර ,

“කිසිම වෙලාවක පරිසර සංවිධාන විදියට අපි සදහන් කලේ නෑ විල්පත්තු ජාතික වන උද්‍යානය තුළ එළි පෙහෙලි කිරීම් සිදු වෙනවා කියලා .මේ ප්‍රශ්නය විවිධ පැතිවලට ගෙනියන්න විවිධ පාර්ශව උත්සහ කරනවා .පැහැදිලිව සදහන් කරනවා මේ වනවිට විල්පත්තුව වන උද්‍යානයට උතුරින් පිහිටලා ඇති විලත්තයිකුලම් වන රක්ෂිතය තුළ තමා වර්තමානයේදී අක්කර 800 ක භූමි ප්‍රමාණය එළි පෙහෙළි වෙන්නේ .ඒක ප්‍රධානම අලිමංකඩක් . පසුගිය කාලයේ එළිපිහෙලි කල භූමි ප්‍රදේශය පිහිටලා තියෙන්නේ විල්පත්තු ජාතික වන උද්‍යානයට උතුරින් පිහිටලා තියන රක්ෂිතයක . මේ දෙකම නිතී විරෝධි වෙන්නේ වන සංරක්ෂණ ආඥ පනත යටතේ ප්‍රකාශයට පත් කරපු වන රක්ෂිත තුළ තමයි මේ නිතී විරෝධි ක්‍රියාව සිදු වෙන්නේ .”

පරිසර සංවිධාන එකමුතුවේ සාමාජික නයනක රන්වැල්ල ,

“ජනාධිපතිවරයාට භාර දෙන්න වන රක්ෂණ දෙපාර්තමේන්තුව සකස් කරලා තියන ලියවිල්ල අප සතුව තියනවා .මේ ලියවිල්ලේ තියනවා සම්පූර්ණ අසත්‍ය කාරණයක් දාලා .මේක නැවත පදිංචි කිරීමක් කියලා .මේක නැවත පදිංචි කිරීමක් නෙමේ .අලුත් පදිංචි කිරීමක් තමා මෙතැන සිද්ධ වෙන්නේ .මොකද මෙතැන කවුරුත් මීට කලින් පදිංචි වෙලා හිටියේ නෑ මේ වන පද්ධතිය තුළ . ඔවුන් මේක නැවත පදිංචි කිරීමක් ලෙස හුවා දක්වමින් නැවත නැවතත් ජනාධිපතිවරයා නොමග යවන්න හදනවා .

විලත්තෙයිකුලම් වන රක්ෂිතය විනාශකරද්දී ඒ වන විනාශය නොදැක්කා වගේ සිටින වන රක්ෂණ නිළධාරින් ,මෙම අනවසර පදිංචි කිරීම් වලට විදුලිය ලබා දුන්නු ප්‍රාදේශිය නිළධාරින් තාමත් ඒ අසුන්වල ඉන්නවා .මේ රජය යහපාලනය ක්‍රියාත්මක කරන රජයක් නම් , අපේ මතය තමා ඔවුන්ව වහාම FCID ගෙනියන්න ඕන . පොදු දේපළ පනත යටතේ ඔවුන් සියළු දෙනාම ඉන්න ඕන රිමාන්ඩ් බන්ධනාගාරයේ . වන රක්ෂණ ජෙනරාල් අනුර සතුරුසිංහ ,මන්නාරම් දිසාපතිවරයා මොවුන් පැහැදිලිවම මේ දූෂිත ක්‍රියාවලියට සම්බන්ධ වෙලා ඉන්නවා . ”

පසුගිය දින පූරාවටම මාධ්‍ය මගින් විල්පත්තු වන සංහාරය පිළිබද දිගින් දිගටම කරුණු වාර්තා කලා . නිතී විරෝධි ලෙස සිදු කෙරෙන අනවසර පදිංචි කිරීම් නිසා , සිදු කෙරෙන මේ වන විනාශය සම්බන්ධයෙන් පසුව ජනාධිපතිවරයා හදිස්සි සාකච්ඡාවක් කැදවමින් මේ සම්බන්ධයෙන් අදාළ බළධාරින්ගෙන් විමසීමක් කලා .

විල්පත්තුව ජනපතිගේ අවධානයට 

විල්පත්තුව අභය භූමියට අයත් වන ප්‍රදේශ තවදුරටත් පුළුල් කරමින් , දැනට වන ජීවි දෙපාර්තමේන්තුවට අයත් නොවන ඒ ආශ්‍රිත සියලුම වන බිම්ද ඇතුළත්වන පරිදි වන ජීවී කලාපයක් ප්‍රකාශයට පත්කර ගැසට් මගින් ප්‍රසිද්ධ කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එහිදි අදාළ අංශ වලට උපදෙස් ලබා දුන්නා .

එසේම විල්පත්තුව ඇතුළු සියළුම වනාන්තර ගුවනේ සිට නිරීක්ෂණය කල හැකි ලෙසට වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසටද අදාළ අංශ වෙතට ජනාධිපතිවරයා විසින් වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබෙනවා.
කැලෑ පාළුවන් සම්බන්ධයෙන් පවතින නිතී රීති දැඩි කල යුතු බවත් , කැලෑ කැපීම්වලට එරෙහිව දැනට පවතින නීතිය තුළ ඇති දඩමුදල හා සිර දඬුවම පූර්ණ ලෙස ක්‍රියාත්මක කරන ලෙස තමා අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරන බවත් පරිසරයට වින කටින සියළු දෙනාටම තරා තිරම නොබලා දඩුවම් ලබා දීම වැදගත් බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

මන්නාරම සහ පුත්තලම දිස්ත්‍රික්ක තුළ සිදුවන බව පැවසෙන වන විනාශයන් පිළිබඳ ඇතැම් පාර්ශ්ව එල්ලකරන චෝදනා පරීක්ෂා කර වාර්තාවක් ලබාදීම සඳහා විශේෂ නිරීක්ෂණ කණ්ඩායමක් යොදවන ලෙසද සිරිසේන ජනාධිපතිවරයා මෙහිදී බලධාරීන්ට උපදෙස් දී ඇත.අදාළ කණ්ඩායමට මාධ්‍යවේදීන් ඇතුළත් විය යුතු බවත් , ජනාධිපතිවරයා විසින් වැඩිදුරටත් උපදෙස් දුන්නා .

මින් ඉදිරියට වනාන්තර එළි පෙහෙළි කරන්නට නිතීය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවත් , නැවත පදිංචි කිරීමේ කටයුතු සදහා , අලුතෙන් ඉඩම් වෙන් කිරීමේදී , වනාන්තර නැති ප්‍රදේශ ඒ සදහා යොදා ගන්නා ලෙසට ජනාධිපතිවරයා අදාළ බළධාරීන්ට උපදෙස් ලබා දුන්නා .

තත්වය එසේ තිබියදීත් , ජනාධිපතිවරයාගේ නියෝග නොතකමින් , රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා මේ වන විටත් ,මහා වන විනාශයක නිරත වෙමින් සිටින බවට පරිසර සංවිධාන චෝදනා කරනවා .

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

MY3_LNA_21_02_2016

සරල ජනපති යන උත්සවයේ වියදම රුපියල් ලක්ෂ 96 ක් …සභා රීතිවලට පිටින් ඌව පළාත් සභාවේ සම්මතයි …ලක්ෂ 105 ක වියදමින් මහා උත්සවයක් !

ලබන මාර්තු 13 වනදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් වැල්ලවායේදී පැවැත්වීමට නියමිත උත්සවයක වියදම් සඳහා රුපියල් ...

One comment