Home / Featured / රට බෙදන ව්‍යවස්ථාවක් …රට විකුණන සැලසුමක් …2017 තීරණාත්මකයි ! රටේ ජනතාව දැනටමත් හාමතේ

රට බෙදන ව්‍යවස්ථාවක් …රට විකුණන සැලසුමක් …2017 තීරණාත්මකයි ! රටේ ජනතාව දැනටමත් හාමතේ

2017 නව වසර තීරණාත්මක වසරක් බව හිටපු ජනාධිපති ,පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ පවසයි. අද (04) නව වසරේ රාජකාරි ආරම්භ කිරීම වෙනුවෙන් නෙලුම් මාවත කාර්යාලයේදී පැවති උත්සවය අමතමින් ඔහු මේ බව කියා සිටියා.

එක් පැත්තකින් රට බෙදන ව්‍යවස්ථාව , රාජ්‍ය දේපළ පෞද්ගලිකරණය කිරීම , වසර දෙකක් පූරාවටම සිදු කල පලි ගැනීම් , රටේ සම්පත් විකුණා දැමීම සහ ජීවන වියදම දිනෙන් දින ඉහළ යෑම නිසා රට තුළ අර්බුධතා රැසක් හටගෙන ඇති බව ඔහු පෙන්වා දුන්නා . මේ තත්වය වෙනස් කිරීමේ අවශ්‍යතාවයද හිටපු ජනාධිපතිවරයා විසින් මෙහිදී පෙන්වා දුන්නා.

මේ අතර ඇඹිලිපිටිය පැවති උත්සවයකට එක් වෙමින්ද හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ , ඉතා සැලසුම් සහගත ලෙස මේ රට විදේශිකකරණය කරන්න විකුණා දමන්න රජය කටයුතු කරමින් සිටින බවයි .

තමන් විදේශයන්හි ණය ලබා ගනිමින් , විශාල සංවර්ධනයක් රට තුළ සිදු කල නමුත් වත්මන් රජය අද රටට කිසිදු දෙයක් සිදු කර නොමැති බවට ඔහු චෝදනා කලා . පසුගිය රාජ්‍ය සමයේදී ණය පියවීම සදහා මේ ආණ්ඩුව ණය ලබා ගත්තා නම් ණය අඩුවිය යුතු නමුත් එවැනි දෙයක් සිදුවී නැතැයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

Check Also

උතුරු-නැගෙනහිර රජයෙන් උදුරා ගත් ඉඩම් වහාම නැවත ලබා දෙනු! -පීඩිත ජනතාව වීදි බසියි

රජය විසින් දේපල පවරා ගැනීම නිසා අයුක්තියට පත් සියලු ජනතාවගේ අයිතීන් වෙනුවෙන් උද්ඝෝෂණයක් ඊයේ (27) ...

One comment