Home / Featured / රජය ගිණි පොළියට තව තවත් ණය ගන්න යයි …ඒ අල්ල පනල්ලේ බැදුම්කර මහ හොරුන්ට රජයේ ඉහළම රැකියා …
new-my-3-and-ranil_lna_04_01_2016

රජය ගිණි පොළියට තව තවත් ණය ගන්න යයි …ඒ අල්ල පනල්ලේ බැදුම්කර මහ හොරුන්ට රජයේ ඉහළම රැකියා …


ජනවාරි 20 වන දිනට පෙර ඩොලර් බිලියන 1ක ණයක් ලබා ගැනීමට වත්මන් ආණ්ඩුව අර අදිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන අනාවරණය කරනවා .කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මේ වන විට රට තුළ විශාල මූල්‍ය අර්බුදයක් පැන නැගී ඇති බවත් , එවන් අවස්ථාවක ආණ්ඩුව ,නැවත වරක් ණය ලබා ගැනීමේ කූට උපක්‍රමයක නියැලෙන බවද ඔහු දිගින් දිගටම සදහන් කලා. එමෙන්ම දෙසැම්බර් මස 26 වන දින වන විට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අධික ණය ප්‍රමාණයක් ලබාගෙන ඇති බවත්, මූල්‍ය නීති අනුව නැවත වරක් මෙලෙස ණය ගැනීමට ණය දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවත් ඔහු පෙන්වා දුන්නා .

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කිසිඳු වග විභාගයන් නොවන බවත්, එම සිද්ධියට සම්බන්ධ පාර්ශවයන් හා පුද්ගලයින්ට රජයේ ඉහළ රැකියා අවස්ථා හා ස්ථානයන් හිමිව ඇති බවත් ඔහු එහිදී පැවසුවා .

මෙවැනි පසුබිමක් තුළ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව සිදු කරනු ලබන මෙම ක්‍රියාවලිය පිළිබඳව සැක මතුවන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත.

මේ ආකාරයට දිනෙන් දින රට ණය අර්බුදයකට ගමන් කළ හොත් මහජනතාව දැඩි ලෙස පීඩාවට පත්වන බවත්, සාමාන්‍ය ණයක් ලබා ගැනීමේදී පවා 25%ට වැඩි පොලී ප්‍රතිශතයක් යටතේ ණය ලබා ගැනීමට සිදු වනු ඇති බවත් ඔහු අවධාරණය කලා.

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

RAWEE_NEWSALERT_24_01_2016

කදුළු ගෑස්,කුළු පොළු නෑ…ග්ලෝබල් ස්ටාර් ලොජිස්ටික් සමාගමේ විරෝධතාවයට පෙට්‍රල් බෝම්බ අටවතී…අතහිත ඇමති රවීගෙන්

මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ පවුලට අයත් සීදුව ග්ලෝබල් ස්ටාර් ලොජිස්ටික් සමාගමේ සේවකයින් පිරිසක් අන්තරාදායක සේවකයින් ...

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *