Home / Featured / රටේ දේපොළ තුට්ටු දෙකට විකුණා ,දවසේ වියදමට ඩොලර් උපයා ගන්නා ආණ්ඩුවට එරෙහි සටන අරඹති …රට විකුණන පාලනය පන්නා දමමු !
jvp_lna_04_01_2016

රටේ දේපොළ තුට්ටු දෙකට විකුණා ,දවසේ වියදමට ඩොලර් උපයා ගන්නා ආණ්ඩුවට එරෙහි සටන අරඹති …රට විකුණන පාලනය පන්නා දමමු !


මෙරට ජනතාවටත් අනාගත පරපුරටත් හිමි සම්පත් රැසක් විදේශ සමාගම්වලට දිගුකාලීන බදු මත කුණු කොල්ලයට පවරා දීමට වත්මන් එ.ජා.ප.-ශී‍්‍ර.ල.නි.ප. හවුල් පාලනය මේ වනවිට කටයුතු කරමින් සිටී .ඊට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් අත් පත්‍රිකා බෙදා හැරීමේ වැඩසටහනක් අද (04) දින පෙ.ව. 10.00ට කොටුව දුම්රිය පොළ ඉදිරිපිටින් ආරම්භ කලා .

හම්බන්තොට වරාය, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය, ශී‍්‍ර ලංකන් ගුවන් සේවය, තී‍්‍රකුණාමලය තෙල් ටැංකි, හම්බන්තොට, මොණරාගල හා ඇඹිලිපිටියේ ඉඩම් අක්කර 15,000ක්, කහටගහ මිනිරන් පතල, පුල්ඩුඬේ ඛනිජ වැලි නිධිය ඇතුළු තවත් සම්පත් රැසක් මෙලෙස  විකුණා දැමීමට රජය සූදානම් වේ . මෙය ජාතික අපරාධයක්, ආර්ථිකයට විශාල හානියක් වන අතර එය නැවැත්වීම සඳහා එකාවන්ව එක්ව සටන් කිරීම අප කාගේත් වගකීම බව ඒ හා එක්විමෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සදහන් කලා .

රජය විසින් හිතු මනාපෙට මෙලෙස , රාජ්‍ය සම්පත් විකුණා දැමීමට එරෙහි සටන අදින් අරඹන බවත් , එය ජයග්‍රහණයකින් කෙළවර කල යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ .

jan-04-leaflet-final-1-copy jan-04-leaflet-final-2-copy

 

 

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

CHAMPIKA_NEWSALERT_18_01_2016

අහුවෙන්න එපා “රතනට ” චම්පික ජනපති කිරීමේ මෙහෙයුම ඇරඹෙයි …කොන්ත්‍රාත්තුව රතන හිමි අතට!

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධීන මන්ත්‍රිවරයෙකු ලෙස කටයුතු කිරීමට ගත් තීරණය උන්වහන්සේ විසින් ...

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *