Home / Featured / හැරිසන් ඉල්ලන් කයි …පැය 24 න් හැරිසන්ට ගොවි ජන සම්මේලනය අනතුරු අගවති …මහා සහල් ජාවාරම ගැන සාක්ෂි ඇතිවම ඔප්පු කරන්න යයි !
harison-with-namal_lna_04_01_2016

හැරිසන් ඉල්ලන් කයි …පැය 24 න් හැරිසන්ට ගොවි ජන සම්මේලනය අනතුරු අගවති …මහා සහල් ජාවාරම ගැන සාක්ෂි ඇතිවම ඔප්පු කරන්න යයි !


රජයේ වී තොග මෝල් හිමියන්ට අළෙවි කිරීමේදී කොමිස් මුදල් ලබා ගෙන ඇති බව ඔප්පු කිරීමට , සාධක ඇති බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය පවසයි .අද (04) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් , එහි කැදවුම්කරු නාමල් කරුණාරත්න කියා සිටියේ ,

“දැන් හැරිසන් ඇමතිවරයා කියනවා කොමිස් ගත්තා කියලා ඔප්පු කරනවා නම් ඔහු ඉල්ලා අස්වෙනවා කියලා . ඔව් අපි ඔප්පු කරනවා .මේ කොමිස් ගත්තේ හැරිසන්ද ,වී අළෙවි මණ්ඩලයේ සභාපතිද එහෙම නැත්තම් තවත් තැරැව්කාරයෝද කියන එක වෙනම කාරණයක් .මොකද කොමිස් ගන්න කොට ඔප්පු තිරප්පු ලියලා ගිවිසුම් අත්සන් කරලා කොමිස් ගන්නේ නෑ . අපි ළග හඩ පටි තියනවා .මීට අදාළ සාක්ෂි තියනවා . අපිට ඔප්පු කරන්න පුළුවන් කොමිස් මත රජයේ වී සම්පූර්ණයෙන්ම එහාට මෙහාට මාරුවෙලා කියලා. එහෙනම් වී කොලෝවකින් රුපියල් 10 කට වැඩි පාඩුවක් රජය ලබනවා . මේ පාඩුව කියන්නේ කොමිස් නෙමේද ?

අපි ඉල්ලීමක් කරලා තියනවා මේ වෙනකොට වී නිකුත් කරන එක තාවකාලිකව අත්හිටවලා අපේ පැමිණිල්ල විභාග කරන්න .ඩඩ්ලි සිරිසේනගෙන් කට උත්තර ගන්න .අපෙන් කට උත්තර ගන්න . අරගෙන මේක පරීක්ෂණ කරන්න .දැන් මේක මෙච්චර පැමිණිල්ලක් දාලා තියෙද්දි හැරිසන් ඇමතිවරයා යටතේ තියන වී අළෙවි මණ්ඩලය මොකක්ද කරපු පරීක්ෂණය ? ”

ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් , පි .හැරිසන් අමාත්‍යවරයා සදහන් කලේ , සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය සහ ඇතැම් මෝල් හිමියන් තමන්ට එල්ල කරන චෝදනා පදනම් විරහිත බවත් ඒවා ඔප්පු කළහොත් තමන් මන්ත්‍රි ධූරයෙන් සහ ඇමති ධූරයෙන් ඉල්ලා අස්වන බවයි .

වී නිකුත් කිරීමේදී මෝල් හිමියන්ගෙන් තමන් කොමිස් මුදල් ලබා ගත් බවට , ඇතැමුන් චෝදනා නගන බවත් ඒ චෝදනා සියල්ල තමන් ප්‍රතික්ෂේප කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ .

අමාත්‍යවරයාගේ මේ ප්‍රකාශ වලට පිළිතුරු ලබා දීම සදහා ගොවි ජන සම්මේලනය , පැය 24 ක් යත්ම ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබුණා . අමාත්‍යවරයාගේ අභියෝගය භාර ගනිමින් ,එහිදි රජයේ වී තොග මෝල් හිමියන්ට අළෙවි කිරීමේදී කොමිස් මුදල් ලබා ගෙන ඇති බවට ඔප්පු කිරීමට සූදානම් බවද ගොවි ජන සම්මේලනය පැවසුවා .

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

THERO_LNA_21_02_2016

මහා සංඝරත්නය ආණ්ඩුවට අවසන් වරේන්තුව ලබා දේ …ජනතා ද්‍රෝහි ගමන නවත්වන්නැයි දැනුම් දේ …නැතොත් ,භික්ෂුන් 1000 ක් ආණ්ඩුවට එරෙහි කොළඹට වඩී

වත්මන් ආණ්ඩුවේ ජනතා ද්‍රෝහි ගමන් මගට එරෙහිව භික්ෂූන් වහන්සේලා 1000 ක් කොළඹට වැඩම කරවන බව,පැවිදි ...