Home / Featured / අනුරාධපුර පුදබිමේ අනවසර ඉදිකිරීම් …මහා පූරා වස්තු සංහාරයක් …අධ්‍යක්ෂ ජනරාල්වරයාට කල හැකි දෙයක් නෑ …පොලිසිය බකංනිලා සිටිති

අනුරාධපුර පුදබිමේ අනවසර ඉදිකිරීම් …මහා පූරා වස්තු සංහාරයක් …අධ්‍යක්ෂ ජනරාල්වරයාට කල හැකි දෙයක් නෑ …පොලිසිය බකංනිලා සිටිති

රට පූරා පවතින පූරා වස්තු සීඝ්‍රයෙන් විනාශවී යන බවත් ඒ සම්බන්ධයෙන් සිදු කල පැමිණිලිවල පරීක්ෂණ පොලිසිය මන්දගාමිව සිදු කරමින් පවතින බවට , පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක පොලිස්පති පූජිත ජයසුන්දරට දැනුම්දී තිබෙනවා. ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ , අනුරාධපුර පුදබිමේ පුරාවස්තු මත අනසවසර ඉදිකිරීම් හා විනාශ කිරීම් ඉතා ශීඝ්‍රයෙන් සිදුවන බවයි .

පසුගිය අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල දී පමණක් අනුරාධපුර පුරා විද්‍යා පළාත් අධ්‍යක්ෂවරයා විසින් අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණිලි 10ක් ඉදිරිපත්කර තිබේ.නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු වග විභාගයක් නැතිව පොලිසිය කටයුතු කරමින් සිටින බවට , පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක වැඩිදුරටත් පොලිස්පති පූජිත ජයසුන්දර හා පවසා තිබෙනවා .පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන මෙලෙස විනාශ කරන කිසිදු පුද්ගලයෙකු මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවටයි ඔහු චෝදනා කරන්නේ .

අනුරාධපුර පුදබිමේ  පුරාවස්තු මත අනසවසර ඉදිකිරීම් හා විනාශ කිරීම් ඉතා ශීඝ්‍රයෙන් සිදුවන බවත් මෙය නතර කිරීමට වහාම මැදිහත් වන පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා .

මේ අතර , පසුගිය දිනයකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ජාතික සංවිධාන කිහිපයක්ම විශේෂ සාකච්ඡාවක් පැවැත්වූවා .එහිදි විශේෂයෙන්ම විනාශ වෙමින් පවතින උතුරු -නැගෙනහිර පූරා වස්තු සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණා .

එහිදී , රට පූරා පවතින පූරාවස්තු වලින් 75 % කට වඩා විනාශ වෙමින් පවතින බව , (පූජ්‍ය) එල්ලාවල මේධානන්ද හිමියෝ අනාවරණය කලා .

අම්පාර දිස්ත්‍රික්කයේ පුරා විද්‍යාත්මක ස්ථාන රැසක් විනාශ වෙමින් පවතින බවත් , අක්කරපත්තුව තිරුක්කෝවිල් ප්‍රදේශයේ චෛත්‍යයක් සම්පූර්ණයෙන්ම ඩෝසර් කිරීම සාගම චෛත්‍යක් ඩෝසර් ඇතුළු තවත් චෛත්‍ය කිහිපයක්ම ඩෝසර් කර ඇති බව ඒ සදහා එක්වූ භික්ෂූන් වහන්සේලා විසින් ජනාධිපතිවරයාට දැනුම් දෙනු ලැබූවා .

දීඝවාපිය , වෙහෙරගල පවා යම් යම් කණ්ඩායම් විසින් ,විනාශ කර දමා ඇති බවට භික්ෂූන් වහන්සේලා විසින් පෙන්වා දුන්නා .

මේ අප ඒ සම්බන්ධයෙන් මීට පෙර වාර්තා කල පුවතයි .

(උපුටා ගැන්ම )

 

wijayadasa_lna_12_23_2016

උතුරු -නැගෙනහිර පූරා වස්තු සංහාරයක් ! දැනටමත් 75 % ක් පූරාවස්තු ඩෝසර් කරලා …ශ්‍රි පතුල , සදකඩ පහණ ,චෛත්‍ය රැසක් ඒ අතර

රට පූරා පවතින පූරාවස්තු වලින් 75 % කට වඩා  විනාශ වෙමින් පවතින බව , (පූජ්‍ය) එල්ලාවල මේධානන්ද හිමියෝ අනාවරණය කරනවා .ඊයේ (22) ජාතික සංවිධාන රැසක භික්ෂූන් වහන්සේලා සහ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ප්‍රමුඛ මැති ඇමතිවරුන් ,මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් පැවත්වූවා . එහිදී උන්වහන්සේ මේ බව කියා සිටියා .නැවත ගොඩ ගැනීමට නොහැකි ලෙස ඒ පුරාවස්තු විනාශවී ඇති බවයි උන්වහන්සේ එහිදි පෙන්වා දුන්නේ .

අම්පාර දිස්ත්‍රික්කයේ පුරා විද්‍යාත්මක ස්ථාන රැසක් විනාශ වෙමින් පවතින බවත් , අක්කරපත්තුව තිරුක්කෝවිල් ප්‍රදේශයේ චෛත්‍යයක් සම්පූර්ණයෙන්ම ඩෝසර් කිරීම සාගම චෛත්‍යක් ඩෝසර් ඇතුළු තවත් චෛත්‍ය කිහිපයක්ම ඩෝසර් කර ඇති බව ඒ සදහා එක්වූ භික්ෂූන් වහන්සේලා විසින් ජනාධිපතිවරයාට දැනුම් දෙනු ලැබූවා .

දීඝවාපිය , වෙහෙරගල පවා යම් යම් කණ්ඩායම් විසින් ,විනාශ කර දමා ඇති බවට භික්ෂූන් වහන්සේලා විසින් පෙන්වා දුන්නා .

මේ සාකච්ඡාවේදී අදහස් දැක්වූ විජයදාස රාජපක්ෂ ,

මම ගියා චෙන්කලාඩි කියන ප්‍රදේශයට . ඒක පැරණි සිද්ධස්ථානයක් .කොහොම හරි එතැන ඔප්පුවක් හදලා මුස්ලිම් භක්තිකයෙක් .ඊට පස්සේ ද්‍රවිඩ භක්තිකයෙක්ට ඒක විකුණලා සම්පූර්ණයෙන්ම ඩෝසර් කර ගෙන යනවා . දැන් චෛත්‍යයෙනුත් භාගයක් ඩෝසර් කරලා තියෙන්නේ . එතැන ශ්‍රි පතුල ,සදකඩ පහන ,ගල් කණු සියල්ල ඩෝසර් කරලා එක පැත්තකට තල්ලු කරලා දාලා තියනවා .දැනට පොලිස් ආරෂාවක් දීලා තියනවා .අඩුම තරමේ එතැනට ගිහිල්ලා වට කරලා මේක පූරා විද්‍යා ඉඩම කියලා බෝඩ් එකක් ගහන්න තරම්වත් පුරා විද්‍යාත්මක දෙපාර්තමේන්තුව කටයුතු කරලා නෑ . එහෙම කලා නම් ඒ මිනිස්සු දන්නවා අඩුම තරමේ මේක පුරා විද්‍යාත්මක ඉඩමක් කියලා . මම නම් පැහැදිලිව කියනවා පුරා විද්‍යාත්මක දෙපාර්තමේන්තුව තමන්ගේ වගකීම පැහැර හැරීමක් කරලා තියෙනවා .

වැඩිපුරම විනාශයට ලක් වෙලා තියෙන්නේ ත්‍රිකුණාමලය ,මඩකලපුව සහ වව්නියාව දිස්ත්‍රික්කය . ඒ නිසා ඒ දිස්ත්‍රික්කවලට අපි ප්‍රමුඛ තැනක් දෙන්න ඕන .

මේ සම්බන්ධයෙන් පසුව ජනාධිපතිවරයා පූරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකගෙන් විමසීමක් කලා .

සාකච්ඡාවේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ විශේෂයෙන්ම උතුරු -නැගෙනහිර විනාශ වෙමින් පවතින පූරා වස්තු ආරක්ෂා කර ගැනීමේ විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු කරන බවයි .

 

15591493_10154892527386474_2294558592628214721_oමඩකලපුව චෙන්කලාඩි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු හානි සිදු කර ඇති නටබුන් සහිත ස්ථානය පසුගියදා බුද්ධශාසන හා අධිකරණ අමාත්‍යවරයා විසින් නිරීක්ෂණය කරන ලදී .ඒ හා දැක්වෙන්නේ ඊට අදාළ ඡායාරූපයයි .අක්කරයකට ආසන්න භුමි ප්‍රදේශයක් පුරා විහිදී ඇති මෙම නටබුන් සහිත භුමියේ පැරණි දාගැබ් ගොඩනැගිල්ලක නටබුන් පවතින අතර දාගැබ් මළුවකුඹුරු සැකසීමේදී විනාශයට පත්වී ඇති ආකාරය අමාත්‍යතුමාගේ නිරීක්ෂණයට ලක්විය.
වෙන්කර ඇති භූමියට බැහැරින් පැරණි ගොඩනැගිල්ලකට අයත් ශෛලමය කොටස් ගොඩගසා ඇති ආකාරය අමාත්‍යතුමා විසින් නිරීක්ෂණය කරන ලදී. ඒ අතර සඳකඩපහන, සිරිපතුල් ගල, ගල් දොරටුවක උඩලිපත, ශිලා කුළුණු හා පුවරු කොටස් රැසක් දැක ගත හැකිවිය.

මේ සම්බන්ධයෙන් අදාළ පියවර ගන්නා ලෙසට අමාත්‍ය විජයදාස රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන්  ඉල්ලීමක්ද කලා .

(උපුටා ගැන්ම අවසන් )

කෙසේ වෙතත් උතුරු ,නැගෙනහිර සහ උතුරු මැද පළාත් සහ තවත් ස්ථාන කිහිපයකදීම ඉතා සීඝ්‍රයෙන් පූරා වස්තු විනාශ වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වෙනවා .නොයෙක් අයගේ අනවශ්‍ය මැදිහත් වීම් මේවා විනාශ වීමට බලපා ඇති අතර ඒ සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින් අත්අඩංගුවට නොගෙන කටයුතු කිරීම , කණගාටුවට කරුණකී .කෙසේ වෙතත් මෙවැනි නිතී විරෝධි ක්‍රියාකාරකම් හේතුවෙන් මෙලෙස විනාශයට පත් වන්නේ , සිංහල බෞද්ධයන්ගේ උරුමයන් පමණක්ම බව අප නැවත නැවතත් සටහන් කරන්නෙමු .

Check Also

මහින්දගේ කඩේ විජේදාස අරී…-ගොම්බෙට්ට විජයදාසද? රනිල්ද?

නීතිඥ ලක්ෂාන් ඩයස් අලුත් පාර්ලිමේන්තුවේදි කල අනාවරණය පදනම් කරගෙන අමාත්‍ය විජේදාස රාජපක්ෂ ලක්ෂාන් ඩයස් සම්බන්දයෙන් ...

One comment