Home / Featured / හම්බන්තොට අද මොකද වෙන්නේ….පොලිසිය සිරුවේන් .. අතිරේක පොලිස් බල ඇණී කැදවයි…
hamabanathota_lna

හම්බන්තොට අද මොකද වෙන්නේ….පොලිසිය සිරුවේන් .. අතිරේක පොලිස් බල ඇණී කැදවයි…


හෙට දිනයේදී පැවැත්වීමට නියමිත හම්බන්තොට ආර්ථික කලාපය ප්‍රමුඛ දක්ෂිණ සංවර්ධන වැඩසටහන එළිදැක්වීමේ සමාරම්භක උත්සවයේ පෙර සූදානම වෙනුවෙන් සිදුකෙරෙන වැඩකටයුතු හම්බන්තොට මිරිජ්ජවිල පිහිටි ආයෝජන කලාප පරිශ්‍රයේ සිදුකෙරෙමින් පවතින බව අප වාර්තාකරුවන් සදහන් කලා.

කෙසේවෙතත් හෙට දිනයේ (07දා) හම්බන්තොට යෝජිත කර්මාන්ත පුරය හා පරිපාලන සංකීර්ණය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වීම දින 14කට තහනම් කරමින් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය අද (06) අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට කටයුතු කර තිබේ.

පොලිසිය කළ ඉල්ලීමක් සලකා බලමින් මෙම අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති අතර හෙට දිනයේ පැවැත්වීමට සැලසුම්කර ඇති උද්ගෝෂණ ව්‍යාපාර තුළින් ප්‍රදේශයේ මහජන සාමය කඩවී කැළඹිලි සහගත තත්ත්වයක් ඇති වේයැයි පොලිසිය ප්‍රකාශ කර තිබේන අතර ඒ හේතුවෙන් හම්බන්තොට ආශ්‍රිත පොලිස්ථානයන්හි පොලිස් නිළධාරීන් හම්බන්තොටට කැදවා තීබේ.

පොලිස්පති පූජිත් ජයසුන්දරද අද සවස සිටම හම්බන්තොට මිරිජ්ජවිල පිහිටි ආයෝජන කලාප පරිශ්‍රයේ රැදී සිටින බවද වාර්තා වේ.

ham07-1 ham07-2 ham07-3

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

NAMAL_K_SINHALA_NEWSALERT

මත්තල ගබඩාවේ වී අරක්කු වලට-මෙන්ඩිස් සමාගම ගැන නාමල් හෙළිදරවු කරයි

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අර්ජුන් ඇලෝසියස් සමග එක්ව ජනතාවට ආහාරයට ගැනීමට ඇති සහල් තොග මගින් අරක්කු ...

One comment