Home / Featured / සංහිදියාව ටක්කෙටම …ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ස්ථාන 04ක බුදුපිළිම හිත් පින් නැති ලෙස විනාශ කර දමලා

සංහිදියාව ටක්කෙටම …ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ස්ථාන 04ක බුදුපිළිම හිත් පින් නැති ලෙස විනාශ කර දමලා

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ස්ථාන 04 කම බුදුපිළිම කිසියම් කණ්ඩායමක් විසින් කඩා දමා විනාශ කර ඇති බව,පොලිසිය පවසයි .අද (08) අළුයම් කාලයේදී මෙලෙස යම් කණ්ඩායමක් විසින් බුදුපිළිම වලට පහරදී ඒවාට කළු තෙල් වත්කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සදහන් කලේ.

උප්පුවේලි වෙල්ගම්වෙහෙර, මොරවැව, පුල්මුඬේ සහ ගෝමරන්කඩවල යන ප‍්‍රදේශවල තිබූ බුදු පිළිමවලට එලෙස හානි කර තිබේ .

කෙසේ වෙතත් ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා එකට එක්ව , කළු තෙල් වත්කර විනාශ කර දැමු බුදුපිළිම වහන්සේලා පිරිසිදු කර නැවත එම ස්ථානවලින්ම තැන්පත් කර තිබෙනවා .

Check Also

සති ගාණක පටන් මුස්ලිම් පල්ලි වලට ප්‍රහාර පිට ප්‍රහාර … මෙතෙක් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ …රජය සීරුවෙන් !

මුස්ලිම් පල්ලි සහ ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කරගනිමින් රට පුරා විවිධ ප්‍රදේශවල එල්ලවෙන ප්‍රහාර පසුගිය දිනවල ...