වී අළෙවි මණ්ඩලය හොර ගුහාවක්…ගොවි ජන සම්මේලනයෙන් හැරිසන්ට රතු එළි…චෝදනා වලට ඇමතිට කට උත්තර නෑ…පි .හැරිසන්ගේ ගේ වටලන්න සූදානම්!

0

වී අළෙවි මණ්ඩලය හොර ගුහාවක් බවත් , සහල් හිගයක් මවා පාමින් විෂය භාර අමාත්‍යවරයා ප්‍රමුඛ නඩයම,මේ සිදු කරන ප්‍රකාශ , පට්ටපල් බොරු බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පවසයි .සති අන්ත පුවත්පතක් වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

වී අළෙවි මණ්ඩලයේ සිදුවන හොර වංචා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ,

“වී අළෙවි මණ්ඩලයේ සමහර ගබඩා වල වී තොග නිකුත් කරනකොට රුපියල් 15.00 ක් පාඩු ලබනවා.තවත් ගබඩාවල වී අළෙවි කලේ රුපියල් 39 .90 කට . වී මිල දැන් රු 57.00 දක්වා ඉහළ ගිහින්. ඒ නිසා වී කිලෝවක් දැන් මාෆියාවක් ලෙස අළෙවි වෙනවා . රුපියල් 43.65 ට අළෙවි කල කුරුණෑගල වී රු . 49 ට විකුණනවා.මේවා අල්ලගෙන අපි ආපහු හරවලා යැව්වා.මේ වංචාවේ සියළු තොරතුරු අවශ්‍ය සාධක ,හඩපට අපි සතුව තිබෙනවා . මීට මුහුණ දුන් අය සාක්ෂි දෙන්නත් ඉදිරිපත් වෙනවා . මේ කාරණා දෙස බලන විට වී අළෙවි මණ්ඩලයේ මහා පරිමාණ වංචා සිදුවෙනවා.

හංගපු වී තොග මිලට ගත් අය ඒවා වැඩි මිලට විකුණන බවට නම් ගම් සහිතවම තමාට ඔප්පු කල හැකි බවත්,ඔහු සදහන් කලා.

අදාළ ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මෙතෙක් අමාත්‍යවරයා විසින් කිසිදු සාකච්ඡාවක් ලබාදී නැති බවත්,ඒ නිසා මේ වංචාව පිටුපස විෂය භාර ඇමති පි .හැරිසන් සිටින බවට සාධාරණ සැකයක් මතුව ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා. හාල් මිල මේ මොහොතේ ඉහළ ගොස් ඇත්තේ , සිදුවන වී වංචාව නිසා බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සාකච්ඡාවක් ලබා නොදී අමාත්‍යවරයා විසින් තවදුරටත් කල් මරමින් කටයුතු කරන්නේ නම්,ඉදිරියේදී නියත වශයෙන්ම අමාත්‍යවරයාගේ ගේ වටලන බවද ඔහු කියා සිටියා.

මේ මහා පරිමාණ සහල් වංචාවට පි .හැරිසන් අමාත්‍යවරයා පමණක් නොව , ආණ්ඩුවේ බළධාරින් සියළු දෙනාම වගකිව යුතු බවයි ඔහු කියා සිටියේ.