Home / Featured / 2015 විදේශගත ශ‍්‍රමිකයන් 312ක් මරුට….ලාංකීය ස්ත‍්‍රීන් ශ‍්‍රම වහලියන් කරලා..
sinhala_newsalert_fjob

2015 විදේශගත ශ‍්‍රමිකයන් 312ක් මරුට….ලාංකීය ස්ත‍්‍රීන් ශ‍්‍රම වහලියන් කරලා..


2015දී විදේශගත ශ‍්‍රමික ගැටලූවලට අදාළව පැමිණිලි 8366ක් විදේශ රැකියා කාර්යාංශයට ලැබී තිබෙන බවත් ඒ අතරින් මරණ 312ක් මීට අමතර ලිංගික හිංසන, ශාරිරික පීඩාවන්, වැටුප් නොලැබීම්, වැඩිපුර වැඩ ගැනීම වැනි ගැටලූ රාශියක් වාර්තා වි තිබේන බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය අද අනාවරණය කළා.නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය වෙනුවෙන් එහි ක්‍රියාකාරිනියන් විසින් අද (6) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ කැදවුම්කාරිනී හේමමාලි අබේරත්න සදහන් කළේ ලාභ ඉපදවීම අරමුනින් ලාංකීය ස්ත‍්‍රීන් ශ‍්‍රම වහලියන් ලෙස විදේශයන්ට විකිණීමට එරෙහිවත්, කාන්තාවන්ගේ වහල්භාවය අහෝසි කිරීම සඳහාත් සටන් වදින බවයි.

“මැදපෙරදිග සේවයෙන් උපයා ඇති විදේශ විනිමය රු. 512,434කි. එය රටට ලැබෙන මුලූ විදේශ විනිමයෙන් 54%කි. එයිනුත් වැඩිහ පංගුව හිමිවෙන්නේ මැදපෙරදිග ගෘහ සේවායේ යෙදෙන කාන්තාවන්ගෙන්. මෙම පසුබිම තුළ ආණ්ඩුව මැදපෙරදිග ගෘහස්ත වහලියන් බවට පත්වන කාවන්තාවන් සම්බන්ධව කරන්නෙ මොනවද කියන ප‍්‍රශ්නය මතු වෙනවා.”

ලංකාවේ ජාතික ආර්ථිකයට වැඩිම කොටස උපයන්නන් අතරින් විදේශගත රැකියාවල නිරතවන්නන් මූලික වන අතර එයිනුත් මැදපෙරදිග ගෘහසේවයේ යෙදෙන්නන් ප‍්‍රධානය. බලයට පත්වන ආන්ඩු විසින් විදේශ විනිමය උපයාගැනීමේ ක්‍රමයක් ලෙස කාන්තාවන් මෙවැනි අවදානම් වහල් සේවයකට රැගෙන යාමට අනුබල දෙයි. ජාවාරමේ තැරැව්කරුවන් තර කරන එමෙන්ම හාම්පුතුන්ගේ නිර්ලජ්ජිත ශ්‍රම සූරාකෑමක් හා ලිංගික වහල්භාවයක් පවතින රටවල් වෙත කාන්තාවන් යැවීම වෙනුවට විධිමත් රැකියා ජනිත කිරීමක් පිළිබද වැඩපිලිවෙලක් ආණ්ඩුවට නැති බවත් එබැවින් මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරමින් විදෙස්ගත ශ‍්‍රමික ස්ත‍්‍රීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව ද අවධාරණය කළා.

2015 වසරේදී විදේශ රැුකියා සඳහා 245,550 ක් විදේශ ගතවී තිබෙනවා. මෙසේ විදේශගතවූවන්ගෙන් 34%ක් ස්ත‍්‍රීන්ය. එයිනුත් ගෘහ සේවිකාවන් ලෙස විදේශගතවූවන් 81%කි. ඉහත දෙලක්ෂ ගණනින් 93%ක්ම ගොස් ඇත්තේ මැදපෙරදිග රටවල ගෘහස්ත සේවිකාවන් ලෙසය. ගෘහ සේවය වගේම රියැදුරු, කම්කරු වැනි රැුකියාවලට යන අයගෙන් 84%ක් යන්නේ සෞදි, කටාර්, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, කුවේට් යන රටවලටය. 2015දී පමණක් මේ විධියට විදේශ රැකියා ඒජන්සි මගින් 116,866 දෙනෙක් විදේශ ගතවී තිබෙනවා. එසේම විදේශ සේවා නියුක්ති කාර්යාංශය දක්වන සංඛ්‍යාලේඛන අනුව වෙනත් පෞද්ගලික ක‍්‍රම හරහා 146,441ක් විදේශගතවී තිබෙනවා.

2015දී මේ විදියට විදේශගතවූවන් වැඩි පිරිසක් ඉන්නේ කොළඹ දිස්ත‍්‍රික්කයේ. ඒ සංඛ්‍යාව 31,410ක්. ලියාපදිංචි විදේශ රැකියා ආයතන 1006ක් අතරින් 546ක් ම තිබෙන්නේ කොළඹ ආශ‍්‍රිතව. 2015දී විදේශගත ශ‍්‍රමික ගැටලූවලට අදාළව පැමිණිලි 8366ක් විදේශ රැකියා කාර්යාංශයට ලැබී තිබෙනවා. ඒ වගෙම මරණ 312ක් මීට අමතර ලිංගික හිංසන, ශාරිරික පීඩාවන්, වැටුප් නොලැබීම්, වැඩිපුර වැඩ ගැනීම වැනි ගැටලූ රාශියක් වාර්තා වුණා. මැදපෙරදිග සේවයෙන් උපයා ඇති විදේශ විනිමය රු. 512,434කි. එය රටට ලැබෙන මුලූ විදේශ විනිමයෙන් 54%කි. එයිනුත් වැඩිහ පංගුව හිමිවෙන්නේ මැදපෙරදිග ගෘහ සේවායේ යෙදෙන කාන්තාවන්ගෙන්. මෙම පසුබිම තුළ ආණ්ඩුව මැදපෙරදිග ගෘහස්ත වහලියන් බවට පත්වන කාවන්තාවන් සම්බන්ධව කරන්නෙ මොනවද කියන ප‍්‍රශ්නය මතු වෙනවා.

විදේශ සේවා වියුක්ති කාර්යාංශය, විදේශ කටයුතු අමාත්‍යංශය මේ ශ‍්‍රම වහලියන්ගේ ප‍්‍රශ්න සම්බන්ධව වගකිවයුතු ලෙස මැදිහත් වී නැත. නීතිමය වශයෙන්, රැකවරණයෙන් හෝ කාලය වෙන්කිරීම ආදියෙන් කිසිදු වගකීම් සහගත මැදිහත්වීමක් සිදුකර නැත. දිනකට විදේශ සේවා නියුක්ති කාර්යාංශය අසළ විශාල පිරිසක් පැමිණෙනවා. සමහර විට එකම දවසේ උදේ ඇවිත් නැවතත් දවල් හෝ හවස එන අයත් විශාල සංඛ්‍යාවකි. පදවි ශ‍්‍රී පුර, වසන්ත සිය බිරිය ගෙන්වා දෙන ලෙස ඉල්ලීමක් කරනවා. දිනකට රු. 2000ක් වෙන්කරගෙන පෙරවරු 10.00ට පමණ පදවියේ සිට කොළඹ එන්න ඕන. ඔහු මාසයකට දවස් 4ක් ආවොත් වියදම රු. 8,000ක් වැය වෙනවා. මේ විදියට ඔහු අවුරුද්දක් ආවොත් රු.96,000ක් වැය කරන්නට සිදුවෙනවා. ඉතාමත් දුකින් පීඩිතව ජිවිත ගෙවන ඔවුන්ට ඒ රු. 96,000 දෙන්න කවුරුත් නෑ. මෙවැනි වියදම් කිරීමකට නම්, බිරිය, විදේශයකට යවන්නෙ නෑ.

ඒ වගේම මින් පෙර සෞදි අරාබියෙදි හිස ගසාදැමීමට නියම වූ රිසානා නෆීක්ගෙ ප‍්‍රශ්නයෙදි පැවති ආණ්ඩුව හැසිරුණ ආකාරයෙන් විදේශ ශ‍්‍රමිකයන් සම්බන්ධ පාලකයන් තුළ ඇති වගකීම් විරහිතභාවය පෙන්නුම් කරනවා. අවම වශයෙන් ඇයට නිදහසට කරුණු දක්වන්න හෝ තම අදහස් කියන්න භාෂා පරිවර්කයෙක් හිටියෙ නෑ. ඒක කොතරම් අමානුෂිකද? එවකට පැවතුණ ආණ්ඩුව මේ ප‍්‍රශ්න සම්බන්ධව මොනවද කළේ?

අපි මතක තියාගන්න ඕන, හැම ආණ්ඩුවක්ම කරන තරමක් සෙල්ලම් දාන්නෙ මේ මිනිසිසු උපයා දෙන මුදලින්. අපි දන්නවා අයවැය ඉදිරිපත් කරද්දි ආණ්ඩුව මුහුණ දෙන ප‍්‍රධාන අභියෝගයක් වෙළෙඳ ශේෂ හිගය පියැවීම. දැනට ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 10යි, ආනයනයන් සදහා වියදම් ඩොලර් බිලියන 18ක් වැය කරනවා. ඒ අනුව වෙළෙඳ ශේෂය ඩොලර් බිලියන 8ක්. මේ වෙළඳ ශේෂයෙන් බිලියන 6.9ක් උපයන්නේ ලාංකික විදේශ ශ‍්‍රමිකයන් විසින් ඒත් ප‍්‍රශ්නය ඇත්තේ එක් බිලියනයක් ගෙන එන අය වෙනුවෙන් මැදිහත් වෙන ආණ්ඩුවේ නායකයන් කොතරම් වාරයක් විදේශ රටවලට ගොස් විශේෂයෙන් අගමැති, ජනාධිපති, ව්‍යාපාරික හමු පවත්වනවාද යන්න මෙහිදී අවධානයට ගත යුතුයි. එසේ වුවද මැද පෙරදිග රාජයයන්ගේ නායකයන් හමුවී එහි ශ‍්‍රමය වගුරුවන ලාංකික ශ‍්‍රමික කාන්තාවන් පිළිබද මැදිහත් වන්නේ නැත. රටවිරුවන් යැයි හඳුන්වන නමුත් ඇත්ත ප‍්‍රශ්න සම්බන්ධ මැදිහත්වන්නේ නැත. විදේශගතව ස්ත‍්‍රියක් මිය ගිය පසුව ඇගේ පවුල් අය දැනගෙන තිබුනේ සමාජජාල මාධය හරහාය. අඩුම තරමින් කෙනෙක් මියගියාම ඒ මලමිනියවත් හැකි ඉක්මනින් ගෙන්වා දෙන්න ආණ්ඩුව වගකීමෙන් මැදිහත් වෙන්නේ නැ. මෙය මහත් ඛේදවාචකයකි. මේ ගැටලූව මුලූ රටේම ජනතාවගේ ගැටලූවකි.

මෙවැනි බරපතල ගැටලූවලට නිශ්චිත විසඳුමක් ලබාගන්නට හැකිවන්නේ සියලූ ජනතාව මෙම තත්වය වටහාගෙන මැදිහත් වුවහොත් පමණයි. මෙම ආකාරයට විදේශගතවීමෙන් පසු, ශ‍්‍රම සූරාකෑමට, ලිංගික හිංසනයට, ශාරිරික උපද්‍රව, මානසික පීඩාවන්ට හෝ වැටුප් නොලැබීම ඇතුළු විවිධ අඩන්තටේටම්වලට ලක්ව අවසානයේ මරණයට මුහුණ දෙන්නේ අප රටේ ස්ත‍්‍රින්ය. මේ සත‍්‍රින්ට පමන්ක අයිති ගැටලූවක් ලෙස අත පිසදාගන්නට නොහැකියි. ඔවුන්ට මෙසේ අවදානම් රැකියා සදහා විදේශගත වන්නට සිදුවඇත්තේ ජීවත්වීමට සරිලන ආර්ථික පසුබිමක්, රැකියාවක් මෙරටදී හිමි නොවන නිසා. එදිනෙදා ජීවිතයේ මුහුණදෙන ගැටලූවලට පිළිතුරු ලෙස මැදපෙරදිග ගෘහසේවය රැකියාවක් ලෙස තෝරාගන්නා ලංකාවේ ස්ත‍්‍රීන් මේ වන විට විවිධ හිංසා පීඩා, ලිංගික අතවරවලට මුහුණදෙමින් ජීවත් වෙති. සමහර අවස්ථාවන්වලදී මරණයට පත්ව මව්බිමට පැමිණීමට සිදුවන මොවුන්ගේ සැබෑ ප‍්‍රශ්න කෙරෙහි බලධාරින්ගේ අවධානය යොමුවන්නේ ඉතාමත් අඩුවෙනි.

ඒ නිසා අපි නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විදියට මේ කාන්තාවන්ගේ ප‍්‍රශ්නයක් ලෙස පමණක් සලකාබලන්නෙ නෑ. එම නිසා මෙම ගැටලූව සදහා මැදිහත් වන ලෙස සමාජ සාධාරණත්වය වෙනුවෙන් අරගල කරන ගොවියන්, ශිෂ්‍යයන්, කම්කරුවන්, තරුණයන් යන සියලූ දෙනා නියෝජනය කරන ප‍්‍රගතිශීලි ව්‍යාපාරවලින් අප ඉල්ලා සිටිනවා. මෙවැනි පීඩාවන්ට පත්වන අයගෙ ගැටලූව සමාජයට දැනුවත් කරන්න වගේම ඉන් එහාට මෙහි විසදුම් දක්වා යන්න අපි මැදිහත් වෙන බව මෙහිදී ප‍්‍රකාශ කළ යුතුයි. විදෙස් ගෘහ වහල් සේවයේ යෙදී සිටින ලාංකීය කාන්තාවන්ට සිදුවන හිරිහැර, අසාධාරණකම්, හිංසා පිළිබඳව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාධ්‍ය සහ ජනතාව දැනුවත් කිරීම අරමුණු කරගෙන පැවැති මාධ්‍ය හමුවේදී එවැනි අසාධාරණයන්ට ලක්වූ පවුල්වල සාමාජිකයන් පිරිසක් අදහස් දැක්වූහ.

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

RAWEE_NEWSALERT_24_01_2016

කදුළු ගෑස්,කුළු පොළු නෑ…ග්ලෝබල් ස්ටාර් ලොජිස්ටික් සමාගමේ විරෝධතාවයට පෙට්‍රල් බෝම්බ අටවතී…අතහිත ඇමති රවීගෙන්

මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ පවුලට අයත් සීදුව ග්ලෝබල් ස්ටාර් ලොජිස්ටික් සමාගමේ සේවකයින් පිරිසක් අන්තරාදායක සේවකයින් ...

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *