Home / Featured / නව වසරේ පළමු පාර්ලිමේන්තුවම යුධ පිටියක් වෙයි …සභාවම විසුරුවා හැරේ !
parliment_newsalert_09_01_2016

නව වසරේ පළමු පාර්ලිමේන්තුවම යුධ පිටියක් වෙයි …සභාවම විසුරුවා හැරේ !


හම්බන්තොට මාගම්පුර වරාය චීන සමාගමකට පැවරීමට පවතින සූදානම සහ කර්මාන්ත ඉදිකිරීමට , ඉඩම් පවරා ගැනීම සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුව තුළ දැඩි උණුසුම්කාරි තත්වයක් ඇති වූවා. ඒ ඒකාබද්ධ විපක්ෂය විසින් හම්බන්තොට වරාය විකිණීමට එරෙහිව විරෝධතාවයේ නියැළුණු , විරෝධතාකරුවන්ට රජය විසින් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් සිදු කල ප්‍රකාශයක් සමගින් .ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන ස්ථාවර නියෝග 23-2 යටතේ හම්බන්තොට විරෝධතාවයට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් , ප්‍රශ්න කර සිටියා.

ඒ සදහා පිළිතුරු ලබා දුන්නේ අගමැති රනිල් වික්‍රමසිංහයි . එහිදි අදහස් දක්වමින් අගමැති රනිල් වික්‍රමසිංහ පැවසුවේ , ඒ සම්බන්ධයෙන් විරෝධතාවයක් පවතින්නේ නම් , හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂගේ අත්සනින් යුතුව , යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යුතු බවයි .

කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර ඇති වූයේ ,දැඩි උණුසුම් තත්වයක් .අද උදෑසන පාර්ලිමේන්තුව රැස්වූ අතර පසුව එය පැයකට පමණ සීමාවී , ලබන 24 වනදා දක්වා කල් තැබුණා .

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

RAWEE_NEWSALERT_24_01_2016

කදුළු ගෑස්,කුළු පොළු නෑ…ග්ලෝබල් ස්ටාර් ලොජිස්ටික් සමාගමේ විරෝධතාවයට පෙට්‍රල් බෝම්බ අටවතී…අතහිත ඇමති රවීගෙන්

මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ පවුලට අයත් සීදුව ග්ලෝබල් ස්ටාර් ලොජිස්ටික් සමාගමේ සේවකයින් පිරිසක් අන්තරාදායක සේවකයින් ...

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *